විශ්වයේ අපූර්වතම නිර්මාණය මිනිසා යැයි කිවහොත් එය නිවැරදි යැයි සිතමි. මනසෙහි ඉහළම ශක්තිය උපදවාගෙන විශ්වයට සමගාමී වීමටත් එයට විරුද්ධව යමින් යලි පරිණාමයට පත්වීමට නොහැකි ජීවියෙකු පමණක් වී මේ විශ්වය තුළම සැගවී ගැනුමටත් මිනිසාට හැකියාවක් ඇත. මිනිසාගේ මැවීම පිළිබදව බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටම නොයෙකුත් මතිමතාර්තර පැවතිනි.බෞද්ධයන්ට පමණක් සීමා නොවූ මුළු මහත් මිනිස් ප්‍රජාවටම බලපාන්නා වූ බෞද්ධ
Category: ජීවිතයට යමක්
මහ පොළව
මහ පොළව මත ජීවත් වන අප… පොළවට පස් වන කය ටිකක් හිතුවද ඔබ… ණයට ගත් මේ කය …. සසර පුරාම ණය කන්දක් බව… ස්වභාවධර්මයා කොතරම් අපූරුද ? ලස්සනද? හොද නරක හැම සත්වයකුටම උරුම වූ අපූරු ස්වභාවධර්මයා අපගෙන් කෘතඥතාවයක් බලාපොරොත්තු වන්නේ නැත.ඒ ස්වභාවයෙන් ධර්මතාවයක් හටගත් ස්වභාවධර්මයා උතුම් සත්‍ය ධර්මතාවයට නිරන්තරයෙන් යටත් වන්නකි. මනරම් ලෙස ඇද හැලෙනා
පින් පව් දෙක සිත තුලින් මුදන්නේ…
යමෙක් කරන යහපත් ක්‍රියාවන්ද, අයහපත් ක්‍රියාවන්ද කරන ලද, සිතන ලද, කියන ලද ආකාරයට පින් පව් ලෙස ගනිති.ඒ සිතෙන්, කයෙන්, වචනයෙන් කරන ක්‍රියාවන් තමන්ටත් අන් අයටත් යහපත හෝ අනර්ථය පිණිස යෙදෙන ආකාරය මතයි. හැමටම පහසු පව් කරන්නටය. හේතුව මිනිසා වනාහි උත්පත්තියෙන්ම හෝ සහජයෙන්ම කළහකාරී පුද්ගලයෙකු වන බැවිනි. වෙනසකට ඇත්තේ පවතින මොහොත තුළ තමන් විසින් සදාචාරාත්මක ගුණ
සිතූ දේ නොම වේ නොසිතූ දෙයක් වෙයි – කර්මය පලදෙනවා…
සිතේ ගොන්නක් අපේක්ෂාවෙන් පිරී ඇත. ඉටුකරගන්නට මහත් වෙර වෑයමක් දරන්නට ද සිදුවෙයි… විටෙක සිතිවිල්ලක …. මෙලොව වෘක්ෂයක් පරලොව වෘක්ෂයක් සමග ගැට ගසන්නට තරම්… කුමක් නිසාද? …. තණ්හාව… ආශාව…. පොදි බැදගත් බලාපොරොත්තු… නොදැන …. ඒත් නොසිතාම ඇද වැටෙන නරාවලක්… අවසානයේ අවීචියක සතර අපායක… කොහොමද පාර කපා ගත්තේ… පසිදුරන් පිනවීමට සිත මෙහෙයවීමෙන් ම බව ඔඅබටද හොදින් අවබෝධ
පලා…. නොම යන්…. ජීවිතෙන්….!!
සුන්දරම ජීවිතයක් තමයි සියළු දෙනාගේම සිහිනය… සැබවින්ම ජීවිතය සුන්දර…? සුන්දර… යැයි අප කියන්නේ කුමක් අරඹයාද…? සියළු දෙනාගෙම ජීවිත සුවභර නොවේ. එබැවින් බොහෝ දෙනා ගෙවන්නේ සමබර ජීවිත නැත්නම් දුක්බර ජීවිත… ඒ අතරත් කීපදෙනෙක් තමයි… ජීවිතේ රෝස මල් යහනාවක් වගේ ගෙවන්නේ…. මේ කුමක් වුවත්, පවතින සමාජ ක්‍රමය අනුව අප කෙනෙක්ගේ ජීවිතය මනින දර්ශකය වන්නේ භෞතික දේපල මිල
සතුට
“සතුට විලයි… සැපත මලයි… නෙළුවොත් මල අතින් එකයි… පමා වුණොත් මල පරවෙයි….!! “ මිනිසා තිරිසන් චර්යාවලින් මිදී මනුෂ්‍යයකු වන්නේ තමාගේ සිත ද පීඩාවට පත් කර නොගෙන අන් අයගෙ සිත් ද පීඩාවට පත් නොකර ජීවත් වීමට හැකි නම් පමණි.කළ යුත්ත/ නොකළ යුත්ත, කිව යුත්ත/ නොකිව යුත්ත,සිතිය යුත්ත/ නොසිතිය යුත්ත තෝරා බේරාවත් විට එය ඉතා පහසු කාර්යයක්
රළ
මහා සයුර ඇල, දොල, වැව්, පොකුණු, ආදියෙන් වෙන් කර හදුනා ගන්නට ඕනෑම කුඩා දරුවෙකු ට වුවද හැකියාව ඇත.මහ සයුර හෝ… හෝ… හඩ නගමින් නැගෙන… බිදෙන… රැල්ල.. එහි සැබෑ වෙනසක් ඇති කර ඇතුවා නොවේද…..? කිමෙක්ද මේ වෙනස… සුන්දරත්වයෙන් අනූන වූ ස්වභාව දහම විසින් තිලිණ කල දායාද මේ විශ්ව ගම්මානය තුළ අනන්තයි. මේ මහා සයුර… මහා වේගයක්
දැන නිම කළ හැකි ගමන
දීප්තිමත්… ඇසට ප්‍රිය උපදවමින් බලා සැනසෙයි… අන්ධකාරයි… ඇසට අප්‍රිය දසුනක් වෙයි. ඉවත බලයි. ඇසට ගත් දේ පිළිබඳව සිත සතුටු වූ හෝ සිත අප්‍රසන්න වූ දැනීමක සේයාවයි, ඒ… පුද්ගක මනස නිරන්තරයෙන් යමක් විඳින්නට ඒ වින්දා වූ ප්‍රස්තූතය ප්‍රිය මනාප කර ගැනීමට විනා වින්දා වූ ප්‍රස්තූතය අප්‍රිය කර ගැනීමට බලාපොරොත්තු නැත. නමුත් ස්වාභාවලෝකයේ සිදුවී ඇත්තේද ඒ දේමය.
අග්නි
රටක අත්‍යවශ්‍යම සේවාවන් අතරට ගිනි නිවන හමුදාව ප්‍රධානයි. ගින්න රටක මිනිස් ජීවිත කෙරෙහි කෙතරම් බලපෑමක් කළ හැකි දැයි එයින්ම අවබෝධයක් ලැබෙනවා නෙමෙයිද? රටේ පාලකයාගේද ප්‍රධාන වගකීම වන්නේ ද මේ මිනිස් අවශ්‍යත හැකි උපරිමයෙන්, පොදු පහසුකම් ලෙස අත්‍යාවශ්‍ය සේවා ස්ථාපිත කිරීමය, ගොඩනැගීමය… ක්‍රියාත්මක කිරීමය… අතීතයේද නොදියුණු සමාජය තුළ හා ශිෂ්ටාචාර තුළ පාවා ගින්නට අද්විතීය ස්ථානයක් හිමි
සියල්ල අතහැර දැමූ තැන සැනසුමය
“සියල්ල අතහැර දැමූ තැන සැනසුමය පොදි බැදගත් දා වැනසුමය නිති සැනසුම යහපත් පැවතුමය සිත නැවතුණ දා අම නිවනමය” “උතුම් බුදු රජාණන් වහන්සේ, මම ඔබ වහන්සේ නිරතුරු සරණ යමි. “නිරන්තරයෙන්ම ඔබත් මමත් සිතෙහි සනිටුහන් කරගන්නා එකම ලොව්තුරු හැගීම එයැයි. උතුම් බුදුන් වහන්සේලා ඒ ආර්‍ය් මග ගමන් ගත්, ගන්නා ඒ උතුම් පුද්ගලයින් අප මේ සසර පුරා කෙතරම්