මහ පොළව

මහ පොළව

මහ පොළව මත ජීවත් වන අප… පොළවට පස් වන කය ටිකක් හිතුවද ඔබ… ණයට ගත් මේ කය …. සසර පුරාම ණය කන්දක් බව…

ස්වභාවධර්මයා කොතරම් අපූරුද ? ලස්සනද? හොද නරක හැම සත්වයකුටම උරුම වූ අපූරු ස්වභාවධර්මයා අපගෙන් කෘතඥතාවයක් බලාපොරොත්තු වන්නේ නැත.ඒ ස්වභාවයෙන් ධර්මතාවයක් හටගත් ස්වභාවධර්මයා උතුම් සත්‍ය ධර්මතාවයට නිරන්තරයෙන් යටත් වන්නකි.

මනරම් ලෙස ඇද හැලෙනා දිය ඇලි, රන්වන් පාටින් දළුලන නෙක ගස් වැල්, සුදුවන් සේලයෙන් සැරසූ වෙරළ ඒ ආකාරයෙන් අලංකාරවත් වන ස්වභාවධර්මයා සිහියට නැගෙත්ම අපගේ සිත කෙතරම් සෞම්‍ය වන්නේද? එසේ මනහරයට දිස් වන පරිසරයට කෙතරම් ඔබත් මමත් ආදරය කරන්නේද? ඒ ස්වභාවධර්මයා ඒ ලස්සන බවින් උඩගු කමක් ලස්සන නරඹන්නේ, සෑම අවශ්‍යතාවයන්ද ඉටු කරගන්නේ හොද කෙනෙකුය. නරක කෙනෙකුය යන්න විකර්ශණ බවක් යොමු නොකරයි. එලෙස මිනිසා සැකසෙන්නේනම් කෙතරම් අපූරුද? මේ ස්වභාවධර්මයා අපගේ සිත සකසා ගැනීමට නිමිත්ත ලබා දෙන වටිනා සම්පතකි.එසේ සිතීමෙන් ණයට ගත් කයෙහි ණය අල්පයක් හෝ අඩු වෙයි යන්නද හැගෙන්නකි.

කොළ පාටට බබළන ගස් වැල්… එක යායට වගා කරන වෙල් යායක් ඔබත් මතකයට නගා ගන්න.සිතට කොතරම් සන්සුන් බවක් ද……ඒ දෙසම බලා ගෙන ඉන්න… සිත කෙතරම් සුවපත් කරන්නේද? ඒ අපූරුබව වැටහෙන්නේ නම් මෙලොව තුළ මෙතරම් දූෂිත වාතාවරණයක් සැකසෙන ඉඩකඩ අවම වේ.

සිතන්න… සිතන්න… විදින්න… මේ ස්වභාවධර්මයාගේ අපූරු වූ යහපත් බවක් තමන්ගේ සිත සුවපත් කරාවි.ඒ සුවපත් බව, සිතෙහි විඩාව, නොසන්සුම, කළබලකාරීත්වය… ස්වභාවධර්මයා ලෙසම තැන්පත් කරාවි. නිසරු ජීවිතයක් සරු බවට පත්වන්නේ ඒ ඇතිවන මහත් ප්‍රීතිය හේතුවෙනි.

අධ්‍යාත්මික ගමන් මගක් යන අපට ස්වභාවධර්මයා මහගු අත්වැලක් වන්නක් මෙන්ම මේ පොදු ධර්මතා සත්‍යතාවය විසින්ම රැක ගනී.ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී (ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්ෂා කරයි) යනුවෙන් බුදු රජාණන් වහන්සේ ද දේශනා කර ඇත්තේ මනැසින් දැක යථාර්තය වටහා ගත් නිසා ය.

මේ ස්වභාවධර්මයාගේ ලස්සන අප විදිනවා ලෙස එහි ගැඹුරු ධර්මතාවය කුමක්ද? යන්න නිරන්තරයෙන් භාවනායෝගියෙකු ලෙස සිතිය යුතුම කරුණකි. සමාන්‍ය ලෞකික ජීවිතයක් තුළ ඒ ලස්සන මත් බවක් ඇති කරන නමුත් අධ්‍යාත්මික ගමන් මග තුළ ඒ සුන්දර බව විදීම ජීවිතයේ නියම යථාර්තය. සරු දේ සරු ලෙසටත් නිසරු දේ නිසරු ලෙසටත් දැකිය යුතු මනසක් ගොඩනගා ගත යුතුය.ජීවිතයේ නියම සුඛය(සැපය) ලබා ගත් හැක්කේ එබැවිනි. අප ගුරු පියාණන්, බෝසත් උතුමන් අපට නිතරම ධර්මය දේශනා කරන්නේ මේ ස්වභාවධර්මයාගේ ගැඹුරු හරයක් ඉස්මතු කරමිනි.ඒ තුළ යථාර්තබව නියම දේ නියම ආකාර ලෙසට තෝරා බේරා ගෙන ගෙන ජීවිතය ජය කණුව දෙසට ගමන් කරවීමටයි. ඒ උතුම් නිර්මල ධර්මය බෝසත් උතුමෙකුගේ හඩින් ශ්‍රවණය කිරීමට, ඇසීමට මාද වාසනාවන්ත වීම ගැන මට මහත් සතුටක් ගෙන දෙන්නේ මේ සංසාර ගමනේ නැවතුමද ජීවමාන බුදුන්වහන්සේගේ එක බණ පදයකින් නැවතුමද කෙමෙන් ලගා වීම නිසාමයි.

සියුමැලි ලස්සන මලකි අප                          දකින්නේ

ගලා හැලෙනා සුන්දර ජල දහරකි          පෙනෙන්නේ

සරුවන් පොළවක් සියලු පල                    බෙදන්නේ

අහෝ කෙතරම් විශ්මයක් ලෙසද මේ හැම  දකින්නේ

 

ඒ සියුමැලි මලක පැවතුමද ක්ෂණයක් තුළ නැතිවෙන්නේ

ගලා හැලෙන ජල දහරා නොවෙද මේ කය තුළ ගලන්නේ

සරුවන් පොළවටම නොවෙද අප කය          කුණුවන්නේ

ස්වභාවධර්මයාට හිමිවන දේ ගැන මොටද    නැහෙන්නේ

 

ස්වභාවධර්මයා තුළින්ම අප හැදී සැකසී ගෙවෙන්නා වූ මේ ජීවිතය ගැන ඒ සමග මුසු වන සුන්දරත්වය මෙන්ම අප අවබෝධ කර ගත යුතු කරුණකි. ජීවිතයේ නියම සත්‍ය බව මේ ස්වභාවධර්මයාම පාදකයක් කරගනිමින් නියම යථාර්තය දැකිය යුතු වේ. ලෞකික ජීවිතය තුළ ගෙවන ජීවිතය අර්ථාන්විත කරගනිමින් මහ පොළවට බරක් නොවී ණයට ඉල්ලා ගත් කය ණය කන්දක් නොකරමින් සැහැල්ලුවෙන් අධ්‍යාත්මයට පිවිස සැබෑ සුන්දරත්වයම විද ගන්න.

ඖෂධී ලංකා කරුණාරත්න.

 

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *