අප්පමාදේන – සම්පාදේන

අප්පමාදේන - සම්පාදේන

දුල්ලබෝ බුද්ධෝත්පාදේ, දුල්ලබෝ මනුසත්ත භාවෝ, දුල්ලබෝ ශ්‍රද්ධා සම්පත්ති, දුල්ලබෝ සද්ධම්ම සවනං, දුල්ලබෝ පබ්බජ්ජ මේවා ලෝකයෙහි ඉතාම දුර්ලභ ඉතාමත් වටිනා උතුම් ලාභයන්, මේ උතුම් සම්පත්තීන්ගේ ලැබීම ඇති කාලයකි, මේ ගත වී යන්නේ. මේ ලාභයන්ගේ ප්‍රයෝජන ගැනීමට පෙර සසර පිරූ කුසලය හා ප්‍රඥාවද තිබිය යුතුමය. මහා දුකක්ම විඳිමින් සසර අඳුරේ සැරිසරන සත්වයාද ඉන් මිදීමේ මාර්ගය පෙන්වා දෙන්න තමයි බුදුවරු මහා දුක් විඳ සම්බුදු වී ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේ මහා කරුණාවෙන්. බුදු දහම හේතු ඵල දහමක් බව බුදු පියාණන් දේශනා කළ සේක. හේතුවක් නිසා ඵලය වශයෙන් මේ භවය ලැබුණා. ඊළගට වර්තමානයේදීද ඵල හේතු ඇති වී නැවත උපත ඇති වේ. මෙය නැවතීමටයි මේ බුදු පියාණන් වහන්සේ මාරගය පෙන්වා ධර්මය දේශනා කළේ. තමන් වහන්සේ බුදු වී, සත්වයිනි මම නිවන් අවබෝධ කළා ඔබලාද අප්‍රමාදී වන්න. මම පහදා මාර්ගය කියා දෙන්නම්. සියළු පව් නවතා සියළු කුසල් සිදුකර සිත නිවන්න. මිනිස් භවය තුළ මේ ටික කිරීමට ශක්තියක් තිබෙනවා. ලෞකික ජීවිතයේදී සියළු දේට දැඩි ලෙස නොබැඳි කටයුතු කරන්නේ නිවන ඔබ ළගමය. අධික සැප හා අධික දුක නිවනට බාධාවයි. තෙරුවන් කෙරෙහි නොසෙල්වෙන භක්තිය ඇති විට ශ්‍රද්ධාව වැඩෙනවා ප්‍රඥාවන්තයාට ප්‍රඥාව අවධි වෙනවා, ප්‍රඥාවන්තයාට විදර්ශනාව තුළින් මේ මායා ලෝකය අවබෝධ වෙනවා.

මාගේ බුදු හාමුදුරුවෝ කියා දුන් ධර්ම මාර්ගය මම අනුගමනය කරනවා කියා ඥාණවන්තයා තෘෂ්ණාව නිසා විදීමට සිදුවන දුකෙන් මිදීමට මහන්සි ගන්නවා. සසරේ ඇති අවදානම දැඩි ලෙස සත්වයාට බලපාන නිසා තමයි බුදු පියාණන් වහන්සේ වදාළේ ඉසට ගිනි ඇවිලුනු කෙනෙකු එම ගින්න නිවීමට උත්සුක වන්නා සේ, සංසාර ගින්න නිවීමට අප්‍රමාදී වන්න කියා. එහෙත් ඉස ගිනි ඇවිලුණු කෙනා එම භවයේ පමණක් ගිනි ගෙන මැරී යයි. සංසාර ගින්න නම් අගමුල් නොමැති බව බුදු නෙතින් දැකලාමයි බුදු පියාණන් වහන්සේ සංසාර භය දැනුම්දුන්නේ. දීපංකර බුදුන් ළග නිවන් යන්න පිං තිබූ මගේ බුදු පියාණන් අපි නිසාම දිගු සසරක දුක් උසුලමින් බුදු කුරු දම් පිරුවා නේද? අපි අප්‍රමාදී වෙමු. හැම බෝසත් උතුමන්ම කරුණාවෙන්ම පාරමී දම් සපුරන්නේ සියළු සත්වයා දුකින් නිදහස් කරන්න නේද?

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *