බක් පුර පසළොස්වක පොහොය

බක් පුර පසළොස්වක පොහොය

ශ්‍රී ලංකාද්වීපය දෙවනවරටත් බුදු පහසින් ආලෝකමත් වූ බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි…

ශ්‍රී ලංකාද්වීපය දෙවනවරට බුදු සිරිපා පහසින් ආලෝකමත් වූයේත් දහම් සුවදින් නිවී සැනසී ගියේත් මෙම බක් පුර පසළොස්වක පොහොය දිනයේය.

බුදුරදුන් බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයේහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි චූලෝදර – මහෝදර නා රජුන් දෙදෙනා අතර මිණි පළගක් වෙනුවෙන් ඇති වූ සටනක් දිවැසින් දැක ඔවුන් කෙරෙහි කරුණාවෙන් එය සංසිදුවන පිණිස බක් පොහෝ දිනයේ අලුයම නාගදීපයට වැඩි සේක.

ඉන්පසුව ලෝකනාථයන් වහන්සේ චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමගි කරවීමට සමත් ධර්මයක් දේශනා කළහ.

දහම් අසා ප්‍රීතියට පත් නා රජුන් දෙදෙනා යුද්ධය ඇති වීමට හේතු වූ මිණි පළග තථාගතයන් වහන්සේට පිදූහ. අහසින් බැස එහි වැඩහුන් බුදුරජාණන් වහන්සේ නාගයන් විසින් පිළිගන්වන ලද දානය වළදා අවසානයේ අසූ කෝටියක් නාගයන් තිසරණ සහිත පන්සිල්හි පිහිටුවා පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් වැදුම් පිදුම් පිණිස කිරිපලු රුක හා මිණි පළග නාගයන්ට පවරා දී සැවැත්නුවර බලා පෙරළා වැඩියහ.

අද දිනය බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයකි.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *