සිංහල හා දමිළ ජනතාව විසින් අප්‍රේල් මාසයේදී පවත්වනු ලබන මෙම උත්සවය ලංකාවේ සංස්කෘතික උත්සවයක් ලෙස හැදින්විය හැකිය. ජෝතිෂ්‍යයට අනුව සූර්යයා මීන රාශීයේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන අවස්ථාව සිංහල අවුරුදු උදාව වශයෙන් හැදින්වේ.
අවුරුද්ද උදා වන්නට පෙර පරිසරයද අපූරු ලෙස හැඩ ගැසේ. එරබදු තුරු මලින් හැඩවේ. කොහාගේ අපූරු ගීතය අප සිත් පැහැර ගනී. ජම්බු ගස රතු පැහැ ගනී. අඹ, පේර වැනි ගස් ඵලබර වේ. ඉදුණු පළතුරු කෑමට කුරුල්ලෝ පියඹා එති. නිවසද, අලුත් ඇදුම් ඇද ගත්තා සේ අළුත් සායමින් වර්ණවත් වී හැඩ වේ. ළමා ළපටිහු පංච දැමීමට කිරි කවඩි අතට ගනිතු. මුළු පරිසරයම නදුන් උයනක් මෙනි.
මෙම උත්සවය සදහාම සකස් කරන කැවුම්, කොකිස්, අලුවා, මුං කැවුම් ආදී වශයෙන් වූ පාරම්පරික කැවිලි පෙවිලි රාශියක්ද වේ. සිංහල අවුරුද්දේ දැකිය හැකි තවත් විශේෂත්වයක් වන්නේ සියලුම කාර්යයන් යම් නිශ්චිත නැකත් වේලාවක් අනුව සිදු කිරීමයි. සිංහල දෙමළ ජනයා සිංහල අවුරුද්දේදී විවිධ පාරම්පරික ජන ක්‍රීඩාවලද නියැලෙති. කොට්ට පොර, පංච කෙළිය, පොර පොල් ගැසීම, චක්ගුඩු පැනීම ආදී ක්‍රීඩා සිංහල අවුරුද්දේදී සිදුවන මෙවන් ක්‍රීඩා වේ.
සිංහල අවුරුද්දේ පවතින පාරම්පරික චාරිත්‍ර, සිරිත් විරිත් ආදිය අපගේ සංස්කෘතික උරුමයකි. එහි වටිනාකම අගය කිරීමත්, ඊළග පරම්පරාව වෙත ඒවා දායාද කිරීමත්, ආරක්ෂා කිරීමත් අපගේ පරම යුතුකමකි.