Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

දැන නිම කළ හැකි ගමන

දීප්තිමත්… ඇසට ප්‍රිය උපදවමින් බලා සැනසෙයි… අන්ධකාරයි… ඇසට අප්‍රිය දසුනක් වෙයි. ඉවත බලයි. ඇසට ගත් දේ පිළිබඳව සිත සතුටු වූ හෝ සිත අප්‍රසන්න වූ දැනීමක සේයාවයි, ඒ… පුද්ගක මනස නිරන්තරයෙන් යමක් විඳින්නට ඒ වින්දා වූ ප්‍රස්තූතය ප්‍රිය මනාප කර ගැනීමට විනා වින්දා වූ ප්‍රස්තූතය අප්‍රිය කර ගැනීමට බලාපොරොත්තු නැත. නමුත් ස්වාභාවලෝකයේ සිදුවී ඇත්තේද ඒ දේමය.