දන්නවද වැඩක්… යසෝධරාවිය පිරිණිවන් පානවලු… අහෝ…

දන්නවද වැඩක්... යසෝධරාවිය පිරිණිවන් පානවලු... අහෝ...

බුදුරජාණන් වහන්සේගේ අවසර ගනිමින් යසෝධරා මහරහතන් තෙරණින් වහන්සේ පිරිණිවන් පාන්නට සැරසෙන බව කනින් කොණින් මුළු දඹදිව පුරා පැතිරෙන්නට ගත වූයේ අඩ හෝරාවක් තරම් පුංචි කාලයක් වන්නට විය හැකිය.

මහරහතන් වහන්සේලා හා අනෙකුත් රහතන් වහන්සේලා මහත් සංවේගයට පත් වෙමින් බුදුන් වහන්සේ සොයා වඩින්නට වූ සේක. ගිහි පැවිදි අනෙකුත් අයත් ජේතවනාරාමය අසබඩ ගිජ්ජකූඨ පර්වතය අසල රැස් වන්නට විය. ශාක්‍ය හා කෝලිය පරම්පරාවල සියළු ප්‍රභූවරුන් හා ඔවුන්ගේ අනුගාමිකයන් රැස්වන්නට විය. ශීලයේ උතුම් බව ලොවට පෙන් වූ, රූපශ්‍රීයෙන් තුන් ලොව කාහටවත් දෙවෙනි නොවූ, ගුණවත් බවින් හා ප්‍රඥාවෙන්ද කාහටවත් දෙවනි නොවූ යශෝධරා මහරහත් තෙරණිය ජීවමානව වැද පුදා ගැනීමට නන් දෙසින් පිරිස වැල නොකැඩී රැස්වන්නට විය. යශෝධරා මහරහත් තෙරණිය සෙසු රහත් තෙරණිවරුන් සමග බුදුන්වහන්සේ විවේක ගෙන සිටි තැනට වඩින්නට වූවාය. මහා පිරිසක් පෙර  මග බලා සිටින වග දුටු යශෝධරා මහරහත් තෙරණිය අද මම… උතුම් වූ සද්ධර්මය අවබෝධයට මග සලසා ගත හැකි සියල්ලන්ගේම මනසිකාරය අවධි කරන්නේමැයි සිතා පියවර මනින්නට වූ සේක.

දස දහස් සංඛ්‍යාත වූ පිරිසක් අභිමුඛව සිටින බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පතුල ළග දණින් වැටුණු යශෝධරා රහත් තෙරණිය නැගී සිට සියළු දෙනාට ඇසෙන සේ හඩ අවධි කරන්නට වූවාය…

සාරාසංඛ්‍යෙය වූ කල්ප ලක්ෂ්‍යයක් පෙරුම් පුරා මහා ප්‍රඥාවෙන් හෙඹි වූ උතුම් බුදු පදවිය ලබා ගන්නට ගත් මහා පාරමිතාවට සෙවනැල්ලක් වෙමින් ලබා දුන් මහා ශක්තිය පූජා කරන්නට මා හට හැකි වූ උතුම් බුදු පියාණන් වහන්ස…,

“ඔබ වහන්සේ සාරාසංඛ්‍යෙය කප් ලක්ෂයක් පෙරුම් දම් පිරූ බව සත්‍ය වන්නා සේම එම කාලය පුරා මාද සෙවනැල්ලක් වූ බව සත්‍යයකි. එබැවින් මහා කාරුණිකයාණන් වහන්ස, මේ සියල්ලෝටම ඒ උතුම් මග පැහැදිලි කිරීමට මා හට අවසර දෙන සේක්වා!”

යශෝධරා රහත් තෙරණිය හැගීම්බර ලෙස බුදුන් වහන්සේගෙන් අවසර පැතූ සේක. සියළු රහත් උත්තම උත්තමාවියනි, ගිහි පැවිදි පිංවතුනි, මාද අද උතුම් වූ බුදු මග තුළ මාගේ ශක්තියෙන් අබැටක් ඔබ වෙනුවෙන් දක්වමි. මාගේ ඒ ශක්තිය දෙවියෙකුගේ, බ්‍රහ්මයෙකුගේ, ආනුභාවයෙන් නොවන්නා සේම ඉන්ද්‍රජාලයක්ද නොවන්නේය… එබැවින් මෙත් සිත් ඇත්තෝ කරුණාවෙන් සිත් පහන් කර ගනිත්වා…! ඉර අවරට ගොස් තිබූ වේලාවක වුවත් පරිසරය පුරා ඒ ඇමතීමත් සමග ආලෝකය පැතිරී යන්නට විය.

මුළු දඹදිව් තලයේ අනූ ලක්ෂයක් පමණ වූ සුන්දර කාන්තාවන් අතුරින් කාහටවත් නොදෙවෙනිව, සත් දෙවිදුන් කෙනෙකු බදු වූ සිද්ධාර්ථයන් සරණ පාවාගත් ආනුභාවයෙන් අග්‍ර මාහේෂිකාව වූ යශෝධරාව මම වන්නෙමි.”

“මහ මග ඇවිදින විට දිව්‍ය තළයෙන් බැස ආ දිව්‍යාගණාවක් දෝ’යි සැකයෙන් මහ මගදී වැදුම් පිදුම් වලට බදුන් වූ යශෝධරාව මම ම වන්නේය.”

“මාගේ ගුණවත් බව, සිල්වත් බව, පින්වත් බව ගැන “මා ම” ආඩම්බර වෙමි. මාගේ ඒ ගුණයන්ට ඉහළින් සිටින්නට හැකි උත්තමයෙකු සිටින්නේ නම් ඒ… මාගේ අමාමෑණී වූ ලොව්තුරා බුදුන් වහන්සේම වන්නේය.”

“බුදු පදවිය දරාගත් බුදු රජාණන් වහන්සේගේ පියාණන්, මාගේ පියාණන් මෙන්ම සියළු කුමාරවරුන් පැවිදිව රහත් බව ලබා ගනිද්දී සියළු රට රාජ්‍ය‍යන් මාගේ අණසක විය. මාගේ සහෝදර දෙව්දත්ද බුදු මග අනුගමනය කරමින් රජ පරපුර ගෙන යන්නට කෙනෙකු නොමැති වූ විට සක්‍ර දේවතාවිය මෙන් මා හට ලැබුණු සියළු සැප සම්පත් අතැහැර මාගේ බුදු රජුන් දුෂ්කර ක්‍රියාවෙහි යෙදෙන බව අසා මා ද දුෂ්කර ක්‍රියාවෙහි යෙදී, ඒ දුක හැකි සැටියෙන් වළදා මාගේ ස්වාමි දරුවානන් වහන්සේ සමීපයේ මහණව අද මහ රහත් බෝධිය ලබා ඔබ අසලම සිටින්නේ, ඔබට ධර්ම දේශනා කරන්නට හදන්නේ ඒ යශෝධරා නම් වූ මමය.” මාගේ නැවත් උපතක් හෝ පිරිමියෙකුට ගැහැණියක් වීමක් හෝ සසර කවදාවත් නොවන්නේමය. එවන් උතුම් තත්ත්වයකට පත් වූ යශෝධරා මම වෙමි. සියල්ලෝ කරුණාවෙන් මාගේ දහම ශ්‍රවණය කරත්වා!!!

යශෝධරා මහ රහත් තෙරණිය අවසන් දහම් පෙළහරට සූදානම් වූ සේක.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *