බුදු දහමෙහි පරම නිෂ්ඨාව හෙවත් අවසාන බලාපොරොත්තුව නිර්වාණය සාක්ෂාත් කරගැනීම වේ. එය සසර ගමනෙහි කෙළවරය. නිවන සාක්ෂාත් කරගත් උතුමන් යළි පුනර්භවයට නොඑති. දුකෙහි සංසිදීම දුක්ඛ නිරෝධය හෙවත් නිර්වාණය යනුවෙන් එය හදුන්වා තිබේ. එය තෘෂ්ණාක්ෂය වශයෙන්ද නම් කෙරේ. බෞද්ධ විමුක්ති මාර්ගය අනුගමනයට බැසීමේ වයස් සීමාවක් නැත. කුඩා රාහුල කුමාරයාටද එය අනුගමනය කිරීමට ඉඩ ප්රස්ථා සැලසුන අතර
Category: බුද්ධ දේශනා
දන්නවද වැඩක්… යසෝධරාවිය පිරිණිවන් පානවලු… අහෝ…
බුදුරජාණන් වහන්සේගේ අවසර ගනිමින් යසෝධරා මහරහතන් තෙරණින් වහන්සේ පිරිණිවන් පාන්නට සැරසෙන බව කනින් කොණින් මුළු දඹදිව පුරා පැතිරෙන්නට ගත වූයේ අඩ හෝරාවක් තරම් පුංචි කාලයක් වන්නට විය හැකිය. මහරහතන් වහන්සේලා හා අනෙකුත් රහතන් වහන්සේලා මහත් සංවේගයට පත් වෙමින් බුදුන් වහන්සේ සොයා වඩින්නට වූ සේක. ගිහි පැවිදි අනෙකුත් අයත් ජේතවනාරාමය අසබඩ ගිජ්ජකූඨ පර්වතය අසල රැස් වන්නට
දෙව්ලොව දෙවියෝ…
සත්වයින්ට ඉපදිය හැකි තලයන් 31කි. මිනිස් ලෝක 1ක්, අපාය 4ක්, දිව්‍යලෝක 6ක්, රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් වෙයි. මින් දිව්‍ය ලෝක 6ක ඉපදිය හැකි දෙවියන් පිළිබදවයි මේ තොරතුරු. උපතින්ම යස ඉසුරුද, සූක්ෂ්ම ශරීර වලින්ද මහා තේජසකින්ද, දිළිසෙන ශරීර වලින්ද, යුතුව පසිදුරන් සූක්ෂමව ක්‍රියාත්මක අවකාශයේ ආලෝක තරංග හා ශබ්ද තරංග සූක්ෂම ලෙස භාවිතා
මේ ටික නොදන්නේද? ඔබ “නිවන” නොදකී.
උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් අනුගමනය කරමින් උතුම් “නිවන” පිං සිත තුළ අවදි කර ගන්නට නම් සසර බැදි කුසලය, සසර මග පාරමිතාව තුළ ඇති කරගත් ප්‍රඥාවෙහි බලය තුළ ලබා ගත් අලෝකය මෝහන්ධකාරය නිවනක්ම විය යුතුය. එක් අනන්තයකට කොටු වෙමින් පුද්ගල සිත ජීවිතයේ සැපය සොයන්නට උත්සාහ කිරීමේ නිස්සරණ බව තමන් වහන්සේ විසින් සසර බැදි පාරමිතා කුසලෝප්පත්තිය අවදිකර
පාරමී පුරන බෝසතුන් ට පමණක් නොවෙයි. “මඟ” ගත් අයට ද ආදරය කරන්න…
සාරාසංඛ්‍යෙය කප් ලක්ෂයක් පාරමී පූර්ණ කරමින් දානාදි පාරමිතා සාගරයේ ගිලී කිමිදෙමින් අප බෝසතාණෝ උතුම් බුදු පදවිය ලත් බව හා ඒ පාරමී ගමන් මග තුළ අධික ප්‍රඥාව අධික වීර්යයක් අධික ශ්‍රද්ධාවක් කැටි කරගත් නිසාම සතර අසංඛ්‍යෙය කප් ලක්ෂයක් වැනි අඩු කාලයක් උන්වහන්සේට තම බුදු පදවිය සඳහා අවැසි වූ බව කට මුඛයෙන්, ග්රන්ථාකරණයෙන් දක්නා පිංවතුන් මතු මෛත්‍රී
බුදු වදනින් යකු දැමුණේ කිම ඔබ තවම නොදැමුණේ
“කිංශූද චිත්තං පුරිසස්ස සෙට්ඨං කිංශූ සුචින්නෝ සුඛමාව හාති කිංශූ හවේ සාදු හරං රසානං කතං ජිවිං ජිවිතමාහු සෙට්ඨං සද්ධීය චිත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මෝ සුචිණ්ණෝ සුඛ මාවහාති සච්චං හවේ සාදු හරං රසානං පඤ්ඤා ජීවිතං ජිවිත මාහු සෙට්ඨං” ඉහත සදහන් ගාථා දෙක අප බොහෝ දෙනෙකුට අසා හුරු පුරුදු ආලවක සූත්‍රයේ සදහන් වන්නකි. මින් පළමුවැන්න යක්ෂයා
බුදුරදුන්ගේ ශ්‍රී හස්තය
බුද්ධ චරිතය අළලා ශ්‍රී හස්තයෙහි විද්‍යාමාන වූ රේඛා ලක්ෂණ මවා පෙන්වීම මෙම ලිපියෙහි අරමුණ වන්නේය. මාගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ වෙත පිදෙන අපරිමිත භක්ති ප්‍රණාමයෙන් යුතුව ශ්‍රී පාද මූලයෙහි වැද වැටෙමින් ශ්‍රී හස්තය පිළිබද මනඃකල්පිත හස්ත රේඛා විග්‍රහය මෙතැන් සිට ඔබට ඉදිරිපත් කරමි. බුදු රැස් දාර්ශනික අතක මෙන්ම චෛතසික අතක දැකිය හැකි
විනාශ වන ලෝකය බුදුන් වහන්සේ දෙසු බැවින්…
ක්‍රි.පූ. 6 වන සියවසේදී අප අමා මෑණී වූ බුදු පියාණන් වහන්සේ මොහදුරට මහා ආලෝකයක් වෙමින්ද, සසර සැඩ පහරට මහා නෞකාවක් බදු වූ පරිද්දෙන්ද සියල් “සත්” නෙක් දම් රසයට යොමු කරමින් දේශනා ගෘහිත වූ සද්ධර්මය තුළින් ලෝකය පිළිබද වටිනාම දහම් පුස්ථකය ඉදිරිපත් කළ සේක. සකල විශ්වයම (Physical universe) තම ප්‍රඥාලෝකයට හසු කරමින් මුල, මැද ,අග නිවැරදිව
අම්බ ජාතකය
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයේ පිළිවෙත් ගරුක තුසිත නොවූ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අරඹයා මෙම ජාතක කතාව දේශනා කළ සේක. සැවැත්නුවර විසූ එක්තරා කුල පුත්‍රයෙක් බුදු සසුනෙහි පැහැදි මහණ වූ දින සිට, භික්ෂුවක විසින් පිරිය යුතු මහණ දම් පුරමින්, වත්පිළිවෙත් සම්පූර්ණ කරමින් එසේම ආරාමය, මළු, පෙත්මං, ධර්මශාලා හා සංඝාරාම ආදිය පිරිසිදු
ආත්ම අභිමානය
සත්වයෙක් පුද්ගලයෙක් නොමැති තැන ආත්මයක් ඇතැයි සිතිය නොහැක. එහෙත් සම්මුති ලෝකය තුළ සත්ව පුද්ගල හැගීම පවතී. මේ සත්ව පුද්ගල හැගීම තුළ සැගවී පවත්නේ මම යන සංකල්පයයි. මම නම් පුද්ගලයා සිටින තුරු උත්සාහ කරනුයේ මම පළමු තැන තැබීමට හා මම පෝෂණය කිරීමටය. මා විසින්ම මට ඉහළ වටිනාකමක් ලබා දීම, තමා පිළිබද තමාම ඉහළ තක්සේරුවක් කර ගැනීම,