දන්නවද වැඩක්… යසෝධරාවිය පිරිණිවන් පානවලු… අහෝ…

දන්නවද වැඩක්... යසෝධරාවිය පිරිණිවන් පානවලු... අහෝ...

බුදුරජාණන් වහන්සේගේ අවසර ගනිමින් යසෝධරා මහරහතන් තෙරණින් වහන්සේ පිරිණිවන් පාන්නට සැරසෙන බව කනින් කොණින් මුළු දඹදිව පුරා පැතිරෙන්නට ගත වූයේ අඩ හෝරාවක් තරම් පුංචි කාලයක් වන්නට විය හැකිය. මහරහතන් වහන්සේලා හා අනෙකුත් රහතන් වහන්සේලා මහත් සංවේගයට පත් වෙමින් බුදුන් වහන්සේ සොයා වඩින්නට වූ සේක. ගිහි පැවිදි අනෙකුත් අයත් ජේතවනාරාමය අසබඩ ගිජ්ජකූඨ පර්වතය අසල රැස් වන්නට