අම්බ ජාතකය

අම්බ ජාතකය

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයේ පිළිවෙත් ගරුක තුසිත නොවූ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අරඹයා මෙම ජාතක කතාව දේශනා කළ සේක. සැවැත්නුවර විසූ එක්තරා කුල පුත්‍රයෙක් බුදු සසුනෙහි පැහැදි මහණ වූ දින සිට, භික්ෂුවක විසින් පිරිය යුතු මහණ දම් පුරමින්, වත්පිළිවෙත් සම්පූර්ණ කරමින් එසේම ආරාමය, මළු, පෙත්මං, ධර්මශාලා හා සංඝාරාම ආදිය පිරිසිදු