ගිහි සැප තුළ සැප හතරකි.

බුදු සමිදුන් දෙසූ දහමකි. කිසිවකු ලොව තුළ සැපයක් ලබයි නම් එය තම තමන්ගේ සිත තුළ පහන් හැගීමකින් කෙළවර වන්නා වූ සැපයක් ම විය යුතුය. අවසානයේ දුකකින් කෙළවර වන්නා වූ සැපයක් වේ නම් එය සැපයක් නොව දුක් ගංගාවක ආරම්භයක්ම වන්නේය.සසර පුරා ලෝභයෙන්ද, ද්වේශයෙන්ද, මෝහයෙන්ද ඉවත්ව කුළුණු ගුණය මෙත් සිත තුළ පතුරාගත් අයට ලැබෙන ලැබෙන ආත්ම භාවයන්

දැන නිම කළ හැකි ගමන

දීප්තිමත්… ඇසට ප්‍රිය උපදවමින් බලා සැනසෙයි… අන්ධකාරයි… ඇසට අප්‍රිය දසුනක් වෙයි. ඉවත බලයි. ඇසට ගත් දේ පිළිබඳව සිත සතුටු වූ හෝ සිත අප්‍රසන්න වූ දැනීමක සේයාවයි, ඒ… පුද්ගක මනස නිරන්තරයෙන් යමක් විඳින්නට ඒ වින්දා වූ ප්‍රස්තූතය ප්‍රිය මනාප කර ගැනීමට විනා වින්දා වූ ප්‍රස්තූතය අප්‍රිය කර ගැනීමට බලාපොරොත්තු නැත. නමුත් ස්වාභාවලෝකයේ සිදුවී ඇත්තේද ඒ දේමය.

අග්නි

රටක අත්‍යවශ්‍යම සේවාවන් අතරට ගිනි නිවන හමුදාව ප්‍රධානයි. ගින්න රටක මිනිස් ජීවිත කෙරෙහි කෙතරම් බලපෑමක් කළ හැකි දැයි එයින්ම අවබෝධයක් ලැබෙනවා නෙමෙයිද? රටේ පාලකයාගේද ප්‍රධාන වගකීම වන්නේ ද මේ මිනිස් අවශ්‍යත හැකි උපරිමයෙන්, පොදු පහසුකම් ලෙස අත්‍යාවශ්‍ය සේවා ස්ථාපිත කිරීමය, ගොඩනැගීමය… ක්‍රියාත්මක කිරීමය… අතීතයේද නොදියුණු සමාජය තුළ හා ශිෂ්ටාචාර තුළ පාවා ගින්නට අද්විතීය ස්ථානයක් හිමි

සියල්ල අතහැර දැමූ තැන සැනසුමය

“සියල්ල අතහැර දැමූ තැන සැනසුමය පොදි බැදගත් දා වැනසුමය නිති සැනසුම යහපත් පැවතුමය සිත නැවතුණ දා අම නිවනමය” “උතුම් බුදු රජාණන් වහන්සේ, මම ඔබ වහන්සේ නිරතුරු සරණ යමි. “නිරන්තරයෙන්ම ඔබත් මමත් සිතෙහි සනිටුහන් කරගන්නා එකම ලොව්තුරු හැගීම එයැයි. උතුම් බුදුන් වහන්සේලා ඒ ආර්‍ය් මග ගමන් ගත්, ගන්නා ඒ උතුම් පුද්ගලයින් අප මේ සසර පුරා කෙතරම්

කුහකයා කවුද? කුහක කම කුමක්ද?

කුහක කම, මෙන්ම කුහකයා යන්නද කිසියම් පුද්ගලයෙක් හෝ පැවතුම් රටාවක් සමාජයේ අප්‍රසාදයට, අවඥාවට ලක්කොට කතා කිරීම සදහා භාවිතා වන වචන දෙකක් වෙයි. ඇත්ත වශයෙන්ම කුහකකම් කරනවා යන්නේ අදහස කුමක්ද? කුහකයාගේ හැටි ස්වභාවය කෙබදුද? විමසා බැලීම වැදගත් වෙයි. මට පෙනෙන හැටියටනම් සාමාන්‍ය ව්‍යවහාරයේ මේ වචන භාවිතා වන්නේ පැහැදිළි නිශ්චිත තේරුමක් නැති ආකාරයකටයි. ඇතැම් තැනෙක, කෙනෙකුට හිතවත්

අවුල් නොවන පවුලකට

සුන්දර සිහින, සිතෙහි ගුලි කරමින් මහා අස්වැසිල්ලක් ගන්නට දින ගණන් කරමින් සිට අවසානයේ චාරිත්‍රානුකූල සම්ප්‍රදායට ගත් සම්ප්‍රදායෙන් බැහැරව එක් වහලක් යටට වන දෙදෙනෙකු, තම සිහින පාරාදීසය බිද දමා ගන්නේ නොදැනුවත් කමෙහි (මෝහයෙහි) කඩතුරාවෙන් තම සුපින් සිත් වසාගැනීම නිසාමය. ජීවිතයේ ඇති වටිනා යථාර්ථය අවබෝධ කර ගැනීමට පෘතග්ජන සිත්වලට නොහැකි නිසාම, භවයද තව තවත් නොකැඩෙන ලෙසින් සවි

සමිඳු පාමුල පිදෙන විලසින් නා මලක් වී මා ළත් කම් නෑ…

එදා ඇසළ මස පුන්පොහෝ දිනක් සන්සාර පුරාවට එකට පැමිණි සෙනෙහෙබර බිරිඳ වන යසෝධරා දේවිය සහ තම පණ වැනි එකම පුතු වන රාහුල කුමරුද හැර දමා බෝසත් සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මුනේ තමන් සසර කතෙරෙහි එතෙර වී ලෝක සත්වයාද දුකෙන් මුදවා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක්, ශ්‍රමණ රූපයක් යන සතර පෙරනිමිති දැකීමෙන් උපන් සියළු දෙනාම

සොබාදම් නීතියෙන් සසරට තිරිංගයක්…

ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය… මේ හැම දෙයකම මුසුවකින් ගොඩනැගුණු හැගීම්, දැනීම් සිත් තුළ ගොනු කරගෙන ජීවත් වන සත්ත්ව කොට්ඨාශයක් තමයි අපි, මිනිස්සු අතරින් මනුෂ්‍යයන් හා මනුෂ්‍යයන් නොවන ලෙසින් දෙකොට්ඨාශයකට වෙන්කළ හැකි වුවත් එකිනෙකා සමග සුහදව, ස්ථානෝචිත ප්‍රඥාව උපරිම ලෙසින් ප්‍රයෝජනයට ගනිමින් ජීවිතය පවත්වා ගැනීමට තරම් අප බුද්ධිමත් විය යුතුයි. ඉපදීම හා මියයාම අතරතුර ඇති කාලය

බිලී බාන්නාද නිවනට සුදුසු විය.

යහළුවන් දෙදෙනෙක් පාසන් ගමනද අතරමග නවතා ගත්තේ, දඩබ්බර කම නිසාමයි. දෙමාපිය ගුරුවරුන්ගේ උපදෙස්, අවවාද ගනනකට නොගත් මේ යාළුවන් දෙදෙනා පාපකාරී දිවියක් ගෙවමින් ගමේ හැමෝගේම අප්‍රසාදය තුළින් පීඩාවට පත් වෙමින්, තව තවත් මුරණ්ඩු වෙමින් කාලය ගත කළේය. නිතර දෙවේලේ ඇල වේල්ලට ගියේද මාළු බෑම සාඳහාය. අල්ලාගත් මාළු පුළුස්සා කමින් වනචාරී ලෙස හැසිරුනේ තවත් අහින්සක සතුන්ට හිරිහැරයක්ද

දිට්ඨි විසුද්ධිය

සීල විසුද්ධියෙන්, චිත්ත විසුද්ධියෙන් පවිත්‍ර වූ යෝගවචර තෙමෙ තමා උපදවාගත් ධ්‍යාන සිත් තුළින් එක් ධ්‍යානාන්ගයකින් නැඟී සිටියි. හේ ජීවිතය සොයයි. ඇති වී, පැවතී, නැති වී යන මේ කය මෙනෙහි කරයි. එනම් නාම රූප දහම හා එහි සැකැස්ම අවබෝධ කර ගැනීමට සිත මෙහෙයවයි. ඒ තුළින් තමන්ගේ සිත මෙහෙය වීමට ප්‍රධාන මග කියා දෙන්නා වූ හෘදය රූපය