දිට්ඨි විසුද්ධිය

සීල විසුද්ධියෙන්, චිත්ත විසුද්ධියෙන් පවිත්‍ර වූ යෝගවචර තෙමෙ තමා උපදවාගත් ධ්‍යාන සිත් තුළින් එක් ධ්‍යානාන්ගයකින් නැඟී සිටියි. හේ ජීවිතය සොයයි. ඇති වී, පැවතී, නැති වී යන මේ කය මෙනෙහි කරයි. එනම් නාම රූප දහම හා එහි සැකැස්ම අවබෝධ කර ගැනීමට සිත මෙහෙයවයි. ඒ තුළින් තමන්ගේ සිත මෙහෙය වීමට ප්‍රධාන මග කියා දෙන්නා වූ හෘදය රූපය දකියි. සතර මහා භූතයන් අවබෝධ වෙයි. සෙසු නාම රූප දහම ද අවබෝධ වෙයි. මේ අනුව දිට්ඨි විසුද්ධිය වනාහි නාම රූප ධර්මයන්ගේ ඇති සැටියා ව දැක අවබෝධ කර ගැනීම යි. මේ අනුව ස්කන්ධ ධාතු, ආයතන, ඉන්ද්‍රියසත්‍ය, ප්‍රතීත්‍යසමුප්පාදා දී ධර්මභූමිය අවබෝධ කර ගැනීමට මේ තුළ ක්‍රියාශීලී වෙයි.

ස්කන්ධය තුළ,

  1. රූපස්කන්ධය
  2. වේදනා
  3. සඤ්ඤාස්කන්ධය
  4. සන්ඛාරාස්කන්ධය
  5. විඤ්ඤාණස්කන්ධය

රූපය –

භූත රූප උපාදාන රූප වශයෙන් දෙයාකාරයෙන් බෙදෙන මෙන රූපය 28 ක් වන කොටසකට බෙදෙන්නේ මෙම භූත රූප හා උපාදාන රූප තුළිනි. ඒ අනුව භූත රූප සතරකි.

  1. පඨවි
  2. ආපෝ
  3. තේජෝ
  4. වායෝ

උපාදා රූප විසි හතරකි. එය, ප්‍රසාද රූප පහකි.

  1. චක්ඛු
  2. සෝත
  3. ඝාණ
  4. ජිව්හා
  5. කාය

විෂය රූප සතරකි.

  1. රූප
  2. ශබ්ද
  3. ගන්ධ
  4. රස

භාව රූප දෙකකි.

  1. ස්ත්‍රීඉන්ද්‍රිය
  2. පුරුෂඉන්ද්‍රිය

හෘදය රූප එකකි.

  • ජීවය

ආහාර රූප එකකි.

  • ආහාරය

පරිඡේද රූප එකකි.

  • අවකාශය

විඥ්ඤත්ති රූප දෙකකි.

  1. කාය විඥ්ඤත්ති
  2. වචී වඥ්ඤත්ති

විකාර රූප තුනකි.

  • ලහුතා
  • මුදිතා
  • සම්මඤ්ඤතා

ලක්ඛන රූප සතරකි.

  • උපචය
  • සන්තති
  • ජරතා

මින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස විදර්ශනා වැඩිය හැක්කේ භූත රූපයේ සිට ආහාර රූපය දක්වා දහය පමණි. ඉතිරි දහය මෙම දහ අට තුළ ඇතිවන ස්වභාවයන් ය.

ආහාර රූපය – කබලීකාර ආහාරය, එස්සා ආහාරය, මනෝ සන්චේත ආහාරය, විඥාණ ආහාර නමින් බෙදුනත් කබලීකාර ආහාරය හැර අනිත්වා නාම ධර්ම බැවින් රූපයට අදාළ නැත.

ලක්ෂණ රූප සතරෙහි තේරුම වන්නේ, උපචය – රූපය පහළවීම, සන්තථි – පැවතීම, ජරතා – දිරීම, අනිජ්ජතා – විනාශය

ඉහතින් දක්වන ලද රාගය තුළ ඇතිවන කර්ම, සෘතු, ආහාර, චිත්ත, යන හේතු වශයෙන් සලකා විදර්ශනා කිරීම තුළ භූත රූප සතරෙහී ක්‍රියාකාරීත්වය අවබෝධ කරගනිමින් චතු ධාතු වවත්තානය තුළ නාම රූප දහම අවබෝධය පිණිස සමාධීන් වඩයි.

නැත්නම් චක්ඛු, සෝත, ඝාණ, ජීවිහා ආදී ලෙස ගෙන එහි අටලොස් ධාතුව වවත්තාන කරමින් විදර්ශනා වඩයි.

නැත්නම් දොලොස් ආයතන ලෙස ගෙන නාම රූප විනිස්චය කරමින් බවුන් වැඩිය හැකිය. දොලොස් ආයතන වන්නේ චක්කු, සෝත, ඝාණ, ජිව්හා, මන, රූප, කාය, සද්ධ, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම යන කාරණායි.

නැත්ත්නම් ස්කන්ද වශයෙන් මෙනෙහි කර විදසුන් වැඩිය හැකිය. එනම් රූපස්කන්ධය, රූපය ලෙස ද අනිත්වා නාම ලෙස ද ගත හැකිය.

නැත්නම් මහා භූත සතර හා උපාදාන රූප විසිඅට රූපය වශයෙන්ද මහායතනය ද,… චෛතසිකයන් ද, “නිවන” ද නාමය ලෙස ගෙන විදසුන් වැඩිය හැකිය.

මෙසේ බවුන් වඩන යෝගී තෙමේ නාමයෙහි හා රූපයෙහි යථා ස්වභාවය අවබෝධ කර ගනිමින් සත්වයාය, පුද්ගලයාය යන මුලාව දුරු කරනි පිණිස මුලා නොවී සත්වයෙක්ය, පුද්ගලයෙක්ය යන්නෙක් නොමැති විනිස්චයට යොමු වෙයි. මෙය සක්ඛාය දිඨ්ටිය එවත් වීමේ මුල් අවදියඉ. එනම් උපාදානස්කන්ධ පහෙන් එකක් එවත් වීමයි. රූපය තුළ පුද්ගලයෙක් ඇත යන හැඟීමෙන් ඉවත් වීමයි.

මේ තුළ ශස්වත හා උච්ඡේද දෘෂ්ටිය ද ඉවත් වෙයි. ශාස්වත දෘශ්ඨිය යනු දෙවු මිනිස් ජනයා භවය තුල ඇලී සැප විදියි. මෙයට ආශා කරයි. මෙයම ප්‍රාර්ථනා කරයි. එය භව තෘෂ්ණාවයි. ඇතැම් දෙවුමිනිස් ජනයා භවයට පිළිකුල් කරයි. භවයට ආශාවක් නැත්තේය. මේ ආත්මය මරනින් පසු උපතක් නැත්තේය යන නිගමනයට බසියි. නෙය විභව තෘෂ්ණාවයි.

එහෙත් මින් මෝහයට පත් නොවන යෝගී තෙමේ කියත් සිතත් එනම් නාමය හා රූපය සක්‍රීය වන විට භව තරණය චක්‍රයක් සේ සිදුවන ආකාරය දකිමින් කෙලෙස් තවන්නට වෙර වීර්ය ඇති කරමින් තෘෂ්ණාව පහ කරන්නට සමත් වෙයි.

මෙසේ රූප, වේදනා, සඥ්ඥා, සන්ඛාර, විඥාන යන උපාදානස්කන්ධයන් තුළින් ගන්නා වූ ධර්මයන් දකිමින් අවබෝධයෙන් ගමන් ගන්නා යෝගියා තම අභිඥා සිත මෙහෙයවමින් ලබා ගන්නා ධර්මයෙහි ඵලය ආර්ය ඵලයක් වීම වැළැක්විය හැක්කේ කාටද? ශීල විශුද්ධිය තුළ ඇති කරගත්, චිත්ත විසුද්දිය තුළ ගොඩ නගා ගත් සමාදි බලය තුළින් උපදවාගත් ධ්‍යාන අන්ගයන් තුළ නිශාදයන වූ අභිඥාව තුළ ධර්මය දකින්නට තෘෂ්ණාවෙන් ඉවත්විය යුතු ආකාරය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ප්‍රතීත්‍යසමුප්පාදය තුළ ධර්මය දැකීමට වාසනාව ලබා ගැනීමට නම් මින් ඔබ්බට සිත මෙගෙයවා හැරෙන්නට පොත් පෙරලන්නට නොයන්න. මන්ද යත් ඔබ මුලා විය හැකි බැවිනි.දෘෂ්ටිය විශුද්ධිය බවට පත් වීමට දෘෂ්ටි තුළ නොයෙක් දෙනා පන්ඩිතයන් ලෙස කළ කී දෑ ලියූ දෑ ඔබේ මිත්‍යා දෘෂ්ටියටම හේතු විය හැකි බැවිනි. බුදු දහම ප්‍රඥ්ඥා වන්තයකුටම පමණි. එනම් ශ්‍රද්ධාව තුළ ගොඩ නැගෙන ප්‍රඥාව නිම වන දහමක් බැවිනි. ශ්‍රද්ධ බරිත ඔබව දහම් ජාවාරම් කරුවන්ගේ ගොදුරු බවට පත්වන්නේ මේ නිසාය., ශ්‍රද්ධා, ශීල, සුත, වාග, ප්‍රඥා, සද්දා, වීර්ය, සති, සමාධි, බහුශුත, සුවච, කල්‍යාණ, මිත්ත, ආරද්ධවීර්ය, උපට්ඨ්ත, සති, සන්තුට්ඨි, සම්මාදිට්ඨි, ආදී වශයෙන් ගනිමින් ජීවිත තුළ නිවන මෙහෙය වීම උතුම් නිවන අරමුණු කරන හැමගේම ක්‍රියාදාමය විය යුතුය. ඒ සඳහා සුමග සමාදි අසපුව, භාවනා කුටි 60 කින් ධර්මශාලා, පැන්, පොකුණු, ආදීයෙන් බවුන් වඩන ඔබට පහසුව සලසමින් මතු බුදුබව වෙනුවෙන් පාරමී පුරන මා අවබෝධතා දහමක් දෙසමින් සිටී.

නිවන ඔබට නම්… පිය නඟන්න…

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *