සමිඳු පාමුල පිදෙන විලසින් නා මලක් වී මා ළත් කම් නෑ…

එදා ඇසළ මස පුන්පොහෝ දිනක් සන්සාර පුරාවට එකට පැමිණි සෙනෙහෙබර බිරිඳ වන යසෝධරා දේවිය සහ තම පණ වැනි එකම පුතු වන රාහුල කුමරුද හැර දමා බෝසත් සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මුනේ තමන් සසර කතෙරෙහි එතෙර වී ලෝක සත්වයාද දුකෙන් මුදවා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙනි.

මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක්, ශ්‍රමණ රූපයක් යන සතර පෙරනිමිති දැකීමෙන් උපන් සියළු දෙනාම මහළුවන බවද මැරෙන බවද දැනගත් සිදුහත් කුමරු කොතරම් සැප සම්පත් ලබමින් ජීවත් වුවත් කවදාක හෝ තමන්ටද මෙයට මුහුනදීමට සිදුවන බව පසක් කරගත්තේය. ශ්‍රමණ රුව දැකීමෙන් පැවදි වීම සදාකාලික සුවයක් බව කුමරු වටහා ගත්තේය.

එතැන් පටන් සිදුහත් බෝසත් තුමා ශරීරයට අදික දුක් දෙමින් දුශ්කරක්‍රියා කරමින් තවුස් දම් පිරුවේය. එහෙත් මේ කටුක වේදනා ශරීරයට දීමෙන් පලක් නොමැති බව දැනගෙන මැදුම් පිළිවෙතෙහි සිට සත්‍ය අවබෝධ කරගත හැකි බව අවබෝධ කර ගත්හ. එතැන් පටන් කුසගිනි නිවීමට පමණක් ආහාර ගෙන තමන් විසින්ම අවබෝද කරගත් ධර්මය තුළින් වෙසක් මස පුන් පොහෝ දිනක උතුම් බුද්ධත්වයට පත්වූ සීක. මෙසේ අප මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලබත්ම දෙවු බඹ සේනාව සාදුකාර නගත්ම මුළු ලොවම මගුල් ගෙයක් මෙන් අලන්කාර විය. ගස් වැල්, මල් ඵල බරව සියලු ලොව මල් උයනක් සේ බැබලෙන්නට විය. මහ පොළොව කම්පා විය. මුහුදෙහි දිය මිහිරි විය. දුගති වල පවා ආලෝකය පැතිරුණි. මෙවැනි ආශ්චර්යයන්ගෙන් තුන් ලොවම ඒකාලෝක විය. බුදුරජාණන් වහන්සේ බුදු වීමට ප්‍රථමව ද දසමාර සේනාවෙන් බොහෝ කරදර සිදු විය. එහෙත් එතුමාගේ තේජසින් බලයෙන් ඔවුන් පරාජය වී පලා ගියේය හ. තණ්හා, රතී, රගා යන මාර දූවරුන්ද සිදුහත් බෝසත්තුමා වසඟයට ගන්නට සැරසී නොයෙක් නැටුම් එතුමා ඉදිරියෙහි ප්‍රදර්ශනය කරන්නට වූහ. ඒ එකකින්වත් නොසැලී සිටි බෝසත්තුමා දුටු මාර දූවරු පැරදී ලැජ්ජාවෙන් යන්නට ගියහ.

බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් පසුවද කරදර සීමාවක් නොවීය. දෙවුදතුන්, අඟුල්මන් සොරුන්, නාලාගිරි ඇත්‍රජ, චින්චි මානවිකාවී, සුන්දරී වනි බොහෝ දෙනා එතුමා යන මාවත හරස් කරන්නට තැත් කළහ. පයට පෑගෙන දූවිල්ලක් මෙන් ඔවුන් ගැන නොතැකූ බුදුන් වහන්සේ අසරණ ලෝක සත්වයා දුකින් මුදා ගැනීම සදහා ගම්නියම් ගම් බලා මහා සඟරුවනත් සමග පා ගමනින් වැඩියහ.

ගිහිකළ තම එකම පුතු රාහුල කුමරුටද, සුනීත සෝපාක වැනි අසරණ දරුවන්ටද මෛත්‍රී කළ සේක. බුදුන් වහන්සේ තරම් ඉවසූ කෙනෙක් මෙ මුලු ලෝකයේම නැත. එතුමාගේ මහා කරුනාව අසරණ දිළින්දාගේ පටන් මහා මන්දිරයේ සිටින සිටුවරයාට පවා එක සේ පැතිරූහ. බුදුන්වහන්සේගේ ගුණ සිහිකළ සැනෙකින් ගතටද සිතටද දැනෙන්නේඉ මහා සැනසිල්ලකි. අප්‍රමාණ සතුටකි. අප වෙනුවෙන් බුදුන් වහන්සේ අපමන දුක් විදින්නට ඇති. දුශ්කර ක්‍රියා කළ කාලයේ හරිහැටි කුසට අහරක් නොමැතිව, නිදගැනීමට සුවපහසු යහනාවක් නොමැතිව ගොරහැඬි ගල් තලාවක සැතපෙන්නට ඇති. අව්වෙන් වැස්සෙන් පීඩා විඳින්නට ඇති. එතුමා ලෝක සත්වයා ගැන නොසිතුවා නම් ඩුක් විඳ විඳ භවයේ සැරිසරන්නට සිදු වේ. ඉපදී අප නැති කරගත් යුතුයි. එයට අපි අද අද ම පෙළ ගැසෙමු. දෙදහස් හයසීය සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ යුගයේ පිලිවෙතින් පෙළ ගැසෙමු. පිළිවෙතින් පෙළ ගැසීම යනුවෙන් අදහස් කරනුයේ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ප්‍රතිඵත්ති අනුගමනය කිරීමයි. සිල් රැකීම, දාන දීම, භාවනා කිරීම, අනුන්ට හින්සා පීඩා නොකිරීම ආදී යහපත් ජීවිත ගත කිරීමයි.

බුදුන් වහන්සේ අද ජීවමාණ නැතත් එතුමාගේ බුද්ධ ශක්තිය මේ විශ්වයෙහි නිරතුරුවම රැඳී ඇත. ඔබේ සිතට දුකක් කණස්සල්ලක් ඇති වූ විට බුදුන් වහන්සේට මල් ටිකක්, පහනක්, සුවඳ දුම් ටිකක් පූජා කර බැති සිතින් වන්දනා මාන කරන්න. බුදුගුණ මෙනෙහි කරන්න. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයේ ගුණ සිහි කරන්න. ඔබේ සිතට මහා සැනසිල්ලක් දැනේවි. තියන්නන් වාලේ මල් ටිකක් තබා පන්සිල් පද පහ කිව්වාට වඩා එය හොඳ හැඟීමෙන් කළහොත් ඔබේ ජීවිතය සරුසාර වෙනවා නොඅනුමානයි. අද අපේ සමාජයේ වෙසෙන සමහර මිනිසුන් දෙස බලන විට මහා මන් මුලාවක පැටලී ඇති බව පෙනේ. ඉඩකඩම් වලට, මිල මුදල් වලට ඇති තණ්හාව නිසා නඩුහබවල පැටලීමෙන් වෛර කරමින් ජීවත් වෙති. සමහර අවස්ථා වල ජීවිත හානිද සිදු කරති. එයින් ඔවුන්ට ලැබුනුයේ මොනවාද? සන්සාරය පුරා එන වෛරය පමණයි. ඔබ මෙය මදක් සිතන්න. ගුණ දහමින් ජීවත්වන තැනැත්තා දෙවියන්ද රකී, ධර්මය විසින්ද රකී.

ඉතින් අපි අද අදම මේ සන්සාරය කෙටි කර ගැනීමට පිළිවෙතින් පෙළ ගැසෙමු. බුදුන් දකින්නට පිළිවෙතින් පෙළ ගැසෙමු. බුදුන් දකින්නට පින් පුරමු අපි සන්සාරේ එයයි මගේ පැතුම.

ඔබට සම්ම සම්බුදු සරණයි.

එච්. ඩී. සුසිලාවතී.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *