මෙසේ රැක බලාගත් සිද්ධාර්ථ කුමාරයන්ට එම වයසේම රූප ශ්‍රීයෙන් අනූන වූ තමන්ගේම නෑනණ්ඩිය වූ යශෝධරාව විවාහ කරගන්නට අවස්ථාව වැඩිහිටියෝ සූදානම් කළේය. ඒ වන විට සිද්ධාර්ථ කුමරු 16 වන වියෙහි සිටියේය. පුරා වසර 13ක් යසෝදරාව සමග ඉසුරුබර, සුඛෝපභෝගී දිවියක් ගත කරද්දී යශෝදරාව කුස පිළිසිදුණු දරුවකු වූයෙන් පිය රජතුමාගේ අභිප්‍රාය සාර්ථක වී යැයි ඔහුද සිතන්නට ඇති. නමුත්
Category: පොතකින් පිටුවක්
වප් මගුල් උත්සවය
කුමරාගේ උත්පත්තියෙන් ටික කාලයක් ගෙවී යද්දී රටේ විශාල උත්සවයක් සංවිධානය කොට තිබිණි. ඒ වප් මගුල් උත්සවයයි. ඒ උත්සව අවස්ථාව රටේ සෞභාග්‍ය පිණිස රටේ ප්‍රධාන පුරවැසියා වන රජතුමා ද කුඹුරට බැස සීසෑම් ආදී කටයුතු වලට යොමු වීමයි.අලුත් අලංකාර වස්ත්‍ර වලින් සැරසෙන රටවැසියාද මෙම උත්සවයට සහභාගී වෙයි. එදින මේ පුංචි කුමරාද එම සී සෑමේ උත්සව භූමියට ගෙනගොස්
සිදුහත් කුමරු හට නම් තැබීමේ මංගල්‍යය
ආශ්චර්‍යමත් සිගිති කුමරා ඉපදී පස්වන දිනයේදී නම් තැබීමේ මංගල්‍යය සූදානම් කෙරිණි. මේ උත්සවය එදා එරට සිටි උගත් බමුණන්ට ආරාධනා වූයෙන් ඒ අතර ධ්‍යාන, අභිඥා ලබාගත් බමුණන් අටදෙනෙක් ද සම්ප්‍රාප්ත වී සිටියහ. මේ අය සිගිති කුමරාගේ ශරීර නිමිති ආදිය පරීක්ෂා කර බලමින් තම අදහස් ප්‍රකාශ කරන්නට වූහ. ඉන් හත් දෙනෙක්ම පැවසූවේ කුමරා එක්කෝ සම්මා සම්බුදු වන
සිදුහත් කුමරු කාලදේවල තවුසාණන්ගෙන් වැදුම් ලැබීම
මේ අසිරිමත් කුමරාගේ උපත දිව්‍යමය ලකුණින් දැනගත් සුදොවුන් රජුගේ ගුරු තනතුරේ සිටි ධ්‍යානලාභී කාලදේවල නම් තවුසා (අසිත නමද ව්‍යවහාර වේ.) රජ මාළිගාවට සැපත් වී පුංචි කුමාරයා දකින්නට සූදානමින් පැනවූ අසුනක ඉදගත් හ. සුදොවුන් රජතුමාද ඉතා ප්‍රීතියෙන් දරුවා රැගෙන විත් කාලදේවල තවුසාට දැකබලා ගන්නට සැලැස්වීය. සුදොවුන් රජතුමාගේ අපේක්ෂාව වූයේ දරුවා ලවා තවුස්වරයාට වැන්දවීම වුවත් සිදුවූයේ අනිකකි.
බුදුරජාණන් වහන්සේ
ක්‍රිස්තු පූර්ව 623 දී එනම්, අදින් වසර 2635කට පෙරාතුව වර්තමාන නේපාලයේ ඉන්දියාවට ආසන්නව පිහිටි කපිල වස්තු නගරයෙහි ලුම්බිණි නම් සල් රුක් වලින් ගහණ වූ උද්‍යානයක වෙසක් මස උපන්නා වූ ලොවට අග්‍රගන්‍ය වූ මහා දාර්ශනික වූ ශාස්තෘන් වහන්සේ ලොව උපන්නේය.මහා මයා දේවියගේ කුසින් මෙලොවට බිහි වෙමින් ඇයගේ සත් දිනකදී ඇති වූ මිය යෑමෙන් ඉනික්බිති ඇයගේම සොහොයුරියක
කසාවකණ්ඨයෝ
(රාජකීය පණ්ඩිත අම්බලන්ගොඩ ධම්මකුසල නායක ස්ථවිරපාදයන් වහන්සේ සද්ධර්මසාගර නම් වූ ධර්මපදවර්ණනා පුස්ථකය ඇසුරිනි.) දවසක මෞදගල්‍යායන මහා ස්ථවිරයන් වහන්සේ ලක්ෂණ මහ ස්ථවිරයන් වහන්සේ සමග ගිජුකුළු පව්වෙන් බස්නා සේක. අට්ඨිසඞඛලික ප්‍රේතයන් අත් බැව් දැක සිනා පහල කල සේක.ඒ දුටු ලක්ෂණ මහා ස්ථවිරයන් වහන්සේ සිනාසීමෙහි හේතු විචාල කල්හි “ඇවැත්නි, සිනා සීමෙහි හේතු කියන්නට මේ දැන් කාලය නොවේ, බුදු