සිදුහත් කුමරු හට නම් තැබීමේ මංගල්‍යය

නම් තැබීමේ මංගල්‍යය

ආශ්චර්‍යමත් සිගිති කුමරා ඉපදී පස්වන දිනයේදී නම් තැබීමේ මංගල්‍යය සූදානම් කෙරිණි. මේ උත්සවය එදා එරට සිටි උගත් බමුණන්ට ආරාධනා වූයෙන් ඒ අතර ධ්‍යාන, අභිඥා ලබාගත් බමුණන් අටදෙනෙක් ද සම්ප්‍රාප්ත වී සිටියහ. මේ අය සිගිති කුමරාගේ ශරීර නිමිති ආදිය පරීක්ෂා කර බලමින් තම අදහස් ප්‍රකාශ කරන්නට වූහ. ඉන් හත් දෙනෙක්ම පැවසූවේ කුමරා එක්කෝ සම්මා සම්බුදු වන බවත්, එසේත් නැත්නම් සක්විති රජ වන බවත්‍ ය. ඒ තම තමනේ දෑත් වල ඇගිලි දෙකක්ද ඔසවමිනි. නමුත් මේ අතර සිටි ලබාලම වූත්, ප්‍රඥාවෙන් අධික වූත් කොණ්ඩඤ්ඤ තවුසා එක් ඇගිල්ලක් ඔසවමින් ප්‍රකාශ කලේ කුමරා ඒකාන්තයෙන්ම බුදුබව ලබන බවයි. (කෙසේ වෙතත් අසිත තාපසතුමාගේ එනම් කාලදේවල තවුසාගේ  බෑණනුවන්ට නම් බුදුන් වහන්සේගේ සසුනෙහි “නාලක” නම් රහත්ව ඒ අසිරිය විදින්නට හැකි විය.) මෙම නම් තැබීමේ උත්සවය අවසානයේ කුමරාට සිද්ධාර්ථ (සිද්ධත්ථ) යන නම තබන ලදී. ගෝත්‍ර නාමය (වාසගම) වූයේ “ගෞතම” යි. බලාපොරොත්තු ඉටුවීම යන අර්ථයෙන් සිද්ධාර්ථ නම පද පෙරළි වෙයි. එතැන් පටන් සිද්ධාර්ථ නමින් මේ පුංචි ආශ්චර්‍ය වූත් කුමරා තමන්ගේ කිරි මව සෙවණේ හැදී වැඩෙද්දී රටවැසියා ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව කටයුතු කළේය.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *