බුදුරජාණන් වහන්සේ

බුදුරජාණන් වහන්සේ

ක්‍රිස්තු පූර්ව 623 දී එනම්, අදින් වසර 2635කට පෙරාතුව වර්තමාන නේපාලයේ ඉන්දියාවට ආසන්නව පිහිටි කපිල වස්තු නගරයෙහි ලුම්බිණි නම් සල් රුක් වලින් ගහණ වූ උද්‍යානයක වෙසක් මස උපන්නා වූ ලොවට අග්‍රගන්‍ය වූ මහා දාර්ශනික වූ ශාස්තෘන් වහන්සේ ලොව උපන්නේය.මහා මයා දේවියගේ කුසින් මෙලොවට බිහි වෙමින් ඇයගේ සත් දිනකදී ඇති වූ මිය යෑමෙන් ඉනික්බිති ඇයගේම සොහොයුරියක වූ මහා ප්‍රජාපතී ගෝතමිය මෙම ආශ්චර්‍යමත් වූ කුමරා රැක බලා ගැනීමට ඉදිරිපත් වූයේ ප්‍රජාපතියගේ කුසින් වැදූ “නන්ද” නම් කුමරාද තවත් සුළු මවකට භාර දෙමිනි.මහාමායා දේවියගේ ස්වාමියා වූයේ සුද්ධෝදන රජතුමාය.

මේ මහාමායා දේවියටත්, සුද්ධෝදන රජතුමාටත් දාව ඉපදුනු මේ ආශ්චර්‍ය කුමරා හේතුවෙන් රට වැසියාද මහත් ප්‍රබෝධයෙන් යුතුව උත්සව සැණෙකෙළි කරමින් ප්‍රීති වූහ. මේ කුමරා ඉපදෙන කාලසීමාව වන විටත් ජම්බුද්වීපයේ ධ්‍යානලාභී තවුස්වරු පහළව සිටියහ.සිත ගැන, ජීවිතය ගැන, මෝක්ෂය ගැන, දුක ජය ගැනීමේ උවමනාව මත වෘත, ශීල රකිමින් මානසික බල පරාක්‍රමයෙන් යුතු උත්තමයෝ රජ පෙළපත් හි ගුරුවරුන් බවට පහ් වෙමින් රට වැසියාගේ යහපත සදහා රාජ්‍ය පාලන ක්‍රියාවලියේදී අනුශාසනා කටයුතුද කළහ.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *