අටලෝ දහමට අවබෝධයෙන් මුහුණ දී ජීවිතය ජය ගමු.

විවිධ වූ ධර්මතාවයන් ලොව පවතී විශ්ව ධර්මතා ස්වභාව ධර්මතා මනුෂ්‍ය ධර්මතා, බෝසත් උතුමකු අනුගමනය කරන්නා වූ බුද්ධ කාරක ධර්ම පාලන තන්ත්‍රයේ දී රාජ්‍ය පාලකයින් යොදා යොදා ගන්නා දස රාජ ධර්ම, දේව ධර්ම ආදී නොයෙකුත් ධර්මතාවයන් තුළින් අටලෝ දහම හෙවත් අෂ්ට ලෝක ධර්මය පිළිබඳවත් අප විසින් මනා අවබෝධයක් ඇතිකර ගත යුතුය. බෞද්ධයන් වූ අප කවුරුත් දන්නා

‍යංකින්චි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මන්ති

යම් කිසිවක් හට ගන්නා ස්වභාව ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාවය ඇත්තේ ය. මෙය ලෝක ධර්මතාවයයි. මෙහි  මාතෘකාව ලෙස සදහන් කල පාඨය බුදු රජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශණාවේදී  දේශනාකොට වදාළ ධර්ම කණ්ඩයකි. වැකිය කෙටි වූවා ට එම වැකියෙන් අති විශාල ධර්ම කණ්ඩයක් විවරණය වේ. මෙය ඉතා ගැඹුරු ධර්මයක් විග්‍රහ වන හෙයින් ඒ සම්බන්ධව 

තම තමන් තනා ගන්නා දුක සැප

“ඕවා කරනවා වගේ ලේසි නෑ විදින්ඩ ගියාම” අපේ වැඩිහිටියෝ අනිකකු විසින් කරන පාප ක්‍රියාවක් දුටු විට මේ ලෙස කියනු අප කොතෙකුත් අසා ඇත. ඔවුන්  එසේ කියන්නේ කෙනෙකු විසින් කරනු ලබන අයහපත් ක්‍රියාවලට, අයහපත් විපාකයක්ම  විදින්නට ලැබේය යන බෞද්ධ උගන්වීම තුල පෝෂණය වූ මනසක් ඇතිවමය. එහෙත් ජීවත් වන මිනිසුන් අතරින්, කරන ලද කර්මයට විපාක විදින බව