Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

තම තමන් තනා ගන්නා දුක සැප

“ඕවා කරනවා වගේ ලේසි නෑ විදින්ඩ ගියාම” අපේ වැඩිහිටියෝ අනිකකු විසින් කරන පාප ක්‍රියාවක් දුටු විට මේ ලෙස කියනු අප කොතෙකුත් අසා ඇත. ඔවුන්  එසේ කියන්නේ කෙනෙකු විසින් කරනු ලබන අයහපත් ක්‍රියාවලට, අයහපත් විපාකයක්ම  විදින්නට ලැබේය යන බෞද්ධ උගන්වීම තුල පෝෂණය වූ මනසක් ඇතිවමය. එහෙත් ජීවත් වන මිනිසුන් අතරින්, කරන ලද කර්මයට විපාක විදින බව