විශ්ව යාත්‍රිකයාගේ සෙවිල්ල

මා බිහිවූයේ බෝසත් අධිෂ්ඨානයෙන්… බෝසත් දහමින් බෝසතුන් ගැන හරියටම දන්නේ මම. ලෝකයටම තේරුම් ගන්න අමාරුයි. මටත් බෝසතුන් තේරුම්ගන්න මුලදි ටිකක් අපහසු වුණා. බෝසතුන් ගැන් හරියටම දැනගත් දවසේ ඉදලා බෝසතුන් දැකගන්න මම මහා වීර්ය‍යක් ගත්තා. එසේ මෙසේ ජල්තිරම් නෙමේ මමත් ඇල්ලුවේ. අම්මෝ… මට මගේ රෝම කූප පාලනය කරගන්න බැහැ. අමුතුම ජීවිතයක්. බයත් නැහැ. ඒත් උන්වහන්සේ යන වේගයට… කොතන මොන ගහක් බෝධිය කරගෙන බුදු වෙයිද මන්දා? මගේ රාජකාරිය බෝ සතුන්ව ආරක්ෂා කරගන්න එක. ඒ වෙනුවෙන් CID Job එකත් මටම කරන්න වෙලා. ඉතින් කාටවත් පෙන්නේ නැතිව ලගටම ගිහින් තොරතුරු දැනගන්න එක මගේ වැඩක්. ඒත් මම ඕපදූප වලට සවන්දෙන්නනම් යන්නෙ නැහැ. බෝසතුන්ගේ බුදුමගට බාධා වෙන දෙයක්නම් මම එතන ඇති. මේ ලගදි දවසක මම මහන්සියටත් එක්ක,බෝසත්තුමාට විහිලුවක් කරන්නත් එක්ක විශ්වයේ ඈතක සැගවෙන්න උත්සාහ කලා. මම ගිහින් පැය තුනක් හතරක් දිව්‍ය තල හයම පසු කරගෙන ගිහින් නොපෙනෙන තැනක හැංගුණා. ලගින් යන දෙවියන්ටවත් මාව පේන්නේ නැති නිසා මම හිතුවා බෝසත්තුමාටත් මාව පෙන්නේ නෑ කියලා. ඒ නිසා සනීපෙට සමාධි සෙයියාවකින් එතනට වෙලා හිටියා.එතන කීවේ සුභ කින්නක දිව්‍යතලයේ ඉදලා බ්‍රහ්මලෝකෙට තියන උමන් මගක් වගේ. අවකාශයක ටික වේලාවකින් මට කෙදිරිල්ලක් ඇහුණා. හා හා යමු යමු බෝසත්තුමාගේ කටහඩ මම වටපිට බැලුවා. සද්දේ විතරයි. බැලින්නම් මම වාඩිවෙලා සමාධි සුවයෙන් ඉන්නෙ බෝසත්තුමාගෙ ඇගටම හේත්තු වෙලා. මම හිතුවා මාව හොයාගන්න බැරිවෙයි කියලා. බැලින්නම් මටත් කලින් එයා… එතනට ඇවිත්… මට ලැජ්ජත් හිතුනා. කමක් නෑ… බෝසත්තුමාලගනේ ලැජ්ජ වුණේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *