උද්දක රාමපුත්ත තවුසාණන් වෙත යාම

උද්දක රාමපුත්ත තවුසාණන් වෙත යාම

මෙසේ දින ගණනාවක් ගමන් කළ සිදුහත් බෝසතුන්ට තවත් කීර්තිමත් තවුස්වරයෙකු සොයාගන්නට හැකිවිය. ඒ උද්දක රාමපුත්ත නමින් ප්‍රකට වී සිටි අයෙකි. විශාල ශිෂ්‍ය පිරිසක් සමග කල් ගෙවූ එතුමා අසලට ගමන් කළ සිදුහත් බෝසතාණෝ ඔහු ළග බ්‍රහ්මචර්යාවෙහි යෙදෙන්නට කැමැත්ත පළ කළේය. එම ගුරුවරයා සිදුහත් තවුසාණෝ එහි නතර කර ගනිමින්  තමන් සතු ධර්මය ලබාදෙන ලදී. වැඩි දිනක් යන්නට ප්‍රථම තම ගුරුවරයා අවබෝධ කරගත් ධර්මය සිදුහත් තවුසාණෝ නේවසඤ්ඤා නාසඤ්ඤා යන ධ්‍යාන තත්වය ලබා ගත් හ. විඥානයක් පවතී ද නොපවතීද යන්න සොයා ගත නොහැකි තරමට ඉතා සූක්ෂම වූ චිත්තයක් ලබා ගැනීම නම් වූ මෙම ධ්‍යාන තත්වය ලබාගත් තම ශිෂ්‍යයා ගැන මහත් ආඩම්බර වූ ගුරුවරයා තම ගෝල පිරිස සියළු දෙනා භාර ගෙන එහි නායකත්වය දරන්නට යැයි ඉල්ලා සිටියහ.කෙසේ වෙතත් මෙම ධර්මය තුළ දීද දුකෙහි නිෂ්ඨාව ඇතිනොවන බව වටහාගත් බෝසතුන් පූර්ණ නිරෝධය, උත්තරීතර නිවන සොයා ගුරුවරයාට සමුදී එතනින්ද නික්මිණි. මේ වන විට සිත පූර්ණ ලෙස පාලනය කරගැනීමට හැකි වුවත් එය පාලනයක් පමණක් බව අවබෝධ වූහ. පාලනය මුදා හැරි විට තෘෂ්ණාව නැවත් රජයන බව අවබෝධ විය. එබැවින් ගුරුවරු පසුපස ගොස් මෙය විසදා ගත නොහැකි බව වටහාගත් බෝසතුන් වහන්සේ උතුම් පරමාර්ථ ධර්මයක් අවබෝධ කර ගැනීම තමන් විසින්ම සිදු කළ යුතු යැයි අවබෝධ කරගනිමින් “සොයා යෑම” අත් හැර “ලබා ගැනීම” තමන් තුළ සිදු කළ යුතු කාර්යයක් යැයි ප්‍රත්‍යක්ෂ කරගත්තේය.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *