ජර මර අස්සේ බර කරත්ත.

ජර මර අස්සේ බර කරත්ත.

“අනේ මේ ජරමරේ නම් මට කරන්න බෑ” අපේ ගමේ ගොඩේ අය මෙහෙම කියනවා නිතර අහන්ට ලැබෙනවා…. කෙළවරක් නැති වැඩ ගොඩක පැටලි එයින් හෙම්බත් උනාම තමයි මේ වචන ටික පිට වෙන්නේ….. “එතන හරිම ජරමරේනේ” තව කෙනෙක් මෙහෙම කියන්නේත් තමන්ටත් තේරුම් ගන්න බැරි පටලැවිලි ගොඩක් ඇති බව දැක්කාමයි…. එහෙම නැතිනම් නිසි පිළිවෙලක් නැති කලබල කාරී බවක් දැක්කාමයි.