සොයා පිළිසරණක් – නොලැබ හවුහරණක් භවෙන් භවයේ පතා ආවෙමි…… සමිදුණේ ඔබෙන් බුදු වදනක්…..

අනන්ත සසරේ සපුරා ගත්තා වූ පාරමිතා බල මහිමයෙන් උත්තම බෝධි සත්වයන් වහන්සේලා මෙලොවට පහළ වෙති. සසරෙහි දුක් විදින සත්වයා කෙරෙහි අපරිමිත මහා කරුණාවකින් ඔවුන් මේ සසරින් මුදවා ගැනීම සදහා රෑ දහවල් නොතකමින් ස්වාභාවිකව ලැබෙන අව්වැසි වලට එඩිතරව මුහුණ දෙමින් දැඩි අධිෂ්ඨානයකින් යුතුව නිරන්තරයෙන්ම තම කටයුතු සිදු කරති.

මේවා දකින් ඇතැම් පව් කාරයින් එතුමන්ට අපහාස කරමින් මේ උතුම් මගට අවහිර බාධා සිදු කරති. එහෙත් එම බාධාවන් තමන්ගේ පාරමිතාවන් පූර්ණය කරගැනීමට මහගු ශක්තියක් කරගනිමින් සෑම දෙනටම සුව සෙත සැලසෙති. එදා බුදුන් දවසද එතුමන්ට නිගරු කළ දේවදත්ත, චිංචිමානවිකාවි, සුන්දරීලා සිටියහ. එහෙත් බුදු රජාණන් වහන්සේ ඒ නින්දා අපහාස පයට පෑගෙන දුහුවිල්ලක් පමණවත් නොගෙන උතුම් ශ්‍රී සද්ධර්මය මුළු ලොවට පතල කල සේක. අන්තිමේදී ඔවුන් සතර අපාගත වූහ. දැන්ද පින්වත් උත්තම ඤාණවන්තයින්ගේ ආර්‍ය මාර්ගයට බාධා පමුණු වන දුර්ජනයින්ට සතර අපායේ දොර හැරෙනු ඒකාන්තය. බෝසත්තුමන්ලා වටා පෙළ ගැසී නිවනෙහි දොරටු හැර ගැනීමට සැරසෙන්නේ බුදුන්දවස එකම දම් සභාමණ්ඩපයක බණ ඇසූ සිව්වනක් පිරිසම විය හැකිය.එදා ඔවුනට රහත් බෝධිය කරා ගමන් කරන්නට පින් මදි වූවා ඒකයි තාමත් සසරේ…

“සුමග සමාධි” අසපුවෙහි වැඩ වසන අප බෝසත්තුමාද ලෝක සත්වයා සසරින් එතෙර වීමට මග කියා දෙමින් රෝගීන්ටද බෙහෙත් ඖෂධ ලබා දෙයි. ඒ අතර ඔවුන්ගේ මනසද ශක්තිමත් කරයි…අද දියුණු වෛද්‍යවිද්‍යාවට පවා හසු නොවන රෝගා බාධයන් බෝසත්තුමාගේ දියුණු මනසට හසු වී ඇත. ස්වභාවධර්මයේ දායාදයෙන් ලබා ගත් බෙහෙත් පැලෑටි වල ශාක සාර මුසු කරමින් ඖෂධ හා බෙහෙත් තෙල් වර්ග නිපදවා දී රෝගීන්ගේ සියලුම රෝගා බාධ සුව කරන්නේ උතුම් මෙත් සිතෙනි. අනේ එවැනි පින් සිතකට ඔබ කිසි දිනෙකවත් පීඩාවක් දෙන්නට එපා. එය මහා අකුසල කර්මයකි. මස් මාංශ ආහාරයට නොගනිමින් පොහොයට සිල්ගනිමින් මෙම බෙහෙත් පාවිච්චි කරන අයට ඉක්මන් සුවය ලැබේ. එසේ සුවපත් වූ රෝගීන් දසදහස් ගණනක් දෙනා මෙම අසපුවෙහි පොහොයට සිල් සමාදන් වෙති. ඔවුන් ඉක්මන් සුවය ලැබුයේ බෝසත්තුමා කෙරෙහි දැක්වූ අචල විශ්වාසයෙන් යුක්තව එතුමාගේ උපදෙස් නිසි ආකාරව ක්‍රියාත්මක කල නිසයි. පෙර භවයන් තුළදී සිතින් කයින් වචනයෙන් සිදු කරගත් අකුසල කර්මවල විපාක වශයෙන් මිනිසාට නොයෙකුත් රෝගාබාධ වැළදේ. එම රෝගාබාධ වලට බෙහෙත් පමණක් ගැනීමෙන් සුවයක් නොලැබෙන බවද,නිතරම කුසල් දහම් කරමින් යහපත් ජීවිතයක් කිරීම තුළින් ඉක්මන් සුවය ලැබෙන බව බෝසත්තුමාගේ අවවාදයයි. සෑම පොහොය දිනකම උදේ 06යේ සිට රාත්‍රී 09ය දක්වා පිංවතුන් පෙහෙවස් සමාදන් කරවා විශේෂ අටවිසි බෝධි පූජා සිදු කරන්නේ සියලු දෙනාටම ඇති අමනුෂ්‍ය බය දුරු කිරීම සදහාය. එදිනට මුළු අසපු භූමියම පහන් වලින් දිදුලන අතර සුවද දුමින් හා මල් සුවදින් දිව්‍ය විමානයක් මෙන් සුවදවත් වේ. එයට බෙර හඩ හා සක් හඩ මුසු වූ විට හදවතට දැනෙන්නේ පුදුමාකාර සුවයකි. එය දෙව් ලොව කරා ඇසෙන බව නොඅනුමානය. සෑම දෙනාගේම මුවින් පිටවන එකම වදනක් නම් “අනේ අපේ බෝසත්තුමා අපේ පිනට පහළ වූ උත්තමයෙක්.එතුමාට බුදුබව ලැබේවා ” යන්නයි.

බෝසත්තුමාගේ සෙවණෙහි බවුන් වඩන ස්වාමීන් වහන්සේලා සහ මෙහෙණින් බවුන් වඩන ස්වාමීන් වහන්සේලා හා මෙහෙණින් වහන්සේලාද මෙහි නිතර වැඩ හිදිති. මෙම අසපු භූමිය පිරිසිදු කම අතින්ද ඉතා ඉහලයි. දහසක් දෙනා ගන්නා ලද ආහාරවලින් ඉදුල් කොටස් මෙහි තැන් තැන්වල නොමැත. ඒවා අසපු භූමියෙන් පිටත රැගෙන යන්නේ දානය පිරිනැමූ දායක මහතුන් විසිනි. ඒ නිසා මෙහි සුනඛයන්, බළලුන් වැනි පරිසරය අපවිත්‍ර කරන සතුන්ගෙන් කිසිම හිරිහැරයක් නැත. මැසි, මදුරු වැනි රෝගකාරක සතුන්ගෙන්ද උවදුරක් සිදු නොවේ. බෝසත් තුමාගේ දැඩි අධිික්ෂණය යටතේ මේ හැම දෙයක්ම සිදුවේ.

ඔබගේ සසර ගමන කෙටි කර ආර්ය මාර්ගයට පිවිසීමට අවශ්‍ය නම් බෝසත් අසපුවේ දොරටු ඔබ වෙනුවෙන් විවර කර ඇත. එන්න අප හා එක්වන්න. මෝහයේ කඩතුරා ඉවත් කර, ඔබට නිවනෙහි රන් දොරටු හැරෙනවා ඒකාන්තය. ඔබට සම්මා සම්බුදු සරණයි!!!

එච්.ඩී.සුසිලාවතී.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *