සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින්… පිරිත් පැන් ඉසිය පුතුනේ පුවක් මල් කිනිත්තෙන්…

හෙටින් උදාවන ලෝකය දිනන්නට මහා වෙනසක් දරණ මගේ වාසනාවන්ත දුවේ… පුතේ… ඔබ මේ වන විට පාසැල් දැරුවකු විය හැකිය.එහෙමත් නැතිතම් පාසැල් විය හමාර කරල තුරුණු වියට පත් අයෙකු විය හැකිය. එදා මෙදා තුර ඔබගේ තනියට, ලෙඩට දුකට, ඉගෙනීමට අතහිත දුන්නේ අම්මයි තාත්තයි නේද? ඔබ අම්මගේ කුසට ආදා පටන් මහා දුක් කන්දරාවක් උහුලල… මෙලොව බිහි කරන්නේ මහා සතුටකින්. ඔබ මව් කුසින් බිහිවුනාට පසුව ඇයගේ තනපුඩු වලින් පළමු වරට කහ පාට කිරි බින්දුවක්… වෑහෙනවා. ඒ කිරි බින්දුව ඔයාට ප්‍රතිශක්ති කරණයක්, රූගවලින් ආරක්ෂාවීමට, බලන්නකො මගෙ පුතේ අම්මගෙ සෙනෙහස කොයි තරම්ද කියා. රතු රුදිරය කිරි බවට හැරවෙන්නේ නිමේෂයකින්. මෙය මනුෂ්‍යයින් පමණක් නොව තිරිසන්ගත සතුන්ට පවා සොබාදහම විසින් දෙන ලද මහඟු දායාදයක්… තමන්ගේඉ අන්තිම කිරි ටික දෙන්න අවසන් මොහොතේදි හෝ දරුවන් හොයාගෙන එන තිරිසන් අම්මලත් ඉන්නව. ඔයාලට මම සත්‍ය කතාවක් කියන්නම්කො.
එක්තරා මනුෂ්‍යයෙක් ඌරන් දඩයම් කර මස් විකුණා ජීවත් වුනා. හවසට කැලයට ගොස් තුවක්කුව බැඳ වෙඩි ශබ්දය ඇසුනාට පසුවයි ඔහු මැරුනු සතා ගෙන එන්නට යන්නෙ.
එදත් පුරුදු පරිදි මේ මනුශ්‍යයා කැලයට ගොස් තුවක්කුව බැඳ තබා ආවා. ටික වේලාවකින් ඩෝන් යනුවෙන් ශබ්ධයක් ඇසුණා.

ඔහු වහාම කැලය දෙසට දුව ගියා. මැරුණු සතා දකින්නට ලැබුනේ නැහැ. ලේ පැල්ලම් මග දිගටතිබුණා. මොහු ලේ පැල්ලම් ඔස්සේ ගියා. ඒ අසල ගල් ගුහාවකින් සිහින් කෙඳිරිලි හඬක් නිකුත් වුණා. ඔහු ගුහාව ඇතුලට කර පොවා බැලුවා. ඔහු දුටු දර්ශණයෙන් භීතියට පත් උනාලු. වෙඩි වැදුනු ඊරිය මරණාසන්න මොහොතේදී තම පැටවුන් සොයා ගොස් කිරි දෙනවලු. එදයින් පසුව ඔහු කවදාවත් දඩයම් කිරීමට ගියෙ නැහැ. මෙය අප හැමටම මහඟු පාඩමක් නේද දුවේ පුතේ…

ඔබට ළඟින්ම ඉන්න ක්ළ්‍යාන මිතුරන් දෙපල අම්මයි තාත්තයි. ඔවුන් කවදාවත් දරුවකුට කරදරයක් වෙනවාට කැමති නැහැ. ඔබට මතකද පුන්චි කාලෙදි කියවූ අජාසත්ත කතාව, අජාසත්ත රජතුමා ගේවදත්ත නැමැති පවිටු මිතුරාගේ බස් අසා පියා මැරවූ ආකාරය. රාජ්‍ය තන්හාව නිසා, අන්තිමේදී ඔහුට සත්‍ය වැටහුනේ තම දරුවා ලැබුනාට පසුවයි. අජාසත්ත රජතුමා තම දරුවා ඉතාම සතුටින් වැළඳගෙන ඉන්න අවස්ථාවෙහි ඔහුගේ මෑණියන් කියා සිටියේ… “පුත, අජාසත් නුඹ උපන් මොහොතේ ඔය වාගේම මහා සතුටක් නුඹේ පියා වින්දා.” දිනක් නුඹේ ඇගිල්ලේ ගෙඩියක් සෑදී නුඹ අඩමින් සිටියදී ඇඟිල්ල කටේ දාල ඉරුවා. ඒ සනීපෙට නිඹට පියාගේ උකුලෙම නින්ද ගියා. ටික වේලාවකින් අර සැරව ගෙඩිය නුඹේ පියාගේ කට ඇතුලේම පිරුනා. සැරව ටික අහක දාන්න ඇගිල්ල ගත්තොත් නුඹ ඇහැරේවි යයි බියට ඒ සැරව ටික නුඹේ පියා ගිල්ලා. අනේ එහෙම ආදරය කළ පියාණන්ට නිඹ කළ විපතක මහත කියා බිම්බිසාර දේවිය හඬා වැලපුණා. ඒ අවස්ථාවේදී අජාසත්ත රජතුමාට පියා කෙරෙහි මහා දුකක් ඇති වුනා. පියාගෙන් සම්මව ගැනීමට ඉහුගේ සිර මැදිරියට ගියා. එහෙත් ඔහු ප්‍රමාද උනා වැඩියි. පියා ඒ වන විටත් අවසන් හුස්ම හෙලා අවසන්…

පිම්බර දුවේ.. පුතේ… ඔබ කවදාවත් අම්මට තාත්තට ඩුකක් දෙන්න එපා… ඔබ පුන්චි කාලෙ මොන තරම් කැප කිරීම් කරල තියනවද? චූටිම චූටි කාලෙ ඔබ සෙම්ප්‍රතික්ශාව හැදිල හුස්ම ගන්න බැරිව දගලන විට ඔයාගෙ අම්ම නාහෙට කට තියා සොටු දියර ටික කටට ගන්නෙ කිසිම අප්පිරියාවක් නැතිව. ඒ බව ඔයා දන්නෙ නැහැ නේද? මගෙ දුවේ පුතේ ඒ වගේ අම්මල මේ ලෝකෙ ඉන්නව.

ඔබ දුයුණු වෙලා ඉන්නව දකින්න ඒ අය හරිම ආසඉ. ඒසිහින කවදාවත් බොඳ කරන්න එපා. හොදට පාඩම් කරන්න. අම්මට තාත්තට වැඩිහිටියන්න කීකරු වෙන්න. දවසකට එක වරක්වත් බුදුන් වඳින්න. මෛත්‍රී භාවනාව විනාඩි දහයක්වත් කරන්න. ඔබට මහා පුදුම සැනසිල්ලක් දැනේවි. පාඩම් මතක හිටීවි. ඔබ හොද ගුණගරුක දරුවකු උවහොත් ලොවේ සෑම දෙනාම ඔබට ගරු කරාවි. මේ සසර ගමන කෙළවර වී උතුම් මෛත්‍රී බුදුන් වහන්සේගේ පා මුලදී නිවන් දැකීමට අද පටන් අදිටන් කරගන්න. එය ඉටු වෙනවාමයි. ඔබට සම්ම සම්බිදි සරණයි.

එච්. ඩී. සුසිලාවතී

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *