සමාධි භාවනාව

සිතන්න ඔබේ ශරීරය මහා හුඹසක් වගේ… නාගයෙක් බදු වූ සිත මේ හුඹහේ සිටිමින් හුඹහ නැමැති ශරීරයේ සිදුරු පහකින් අවට පරිසරය විදීමට අත්දැකීම් ගනී. බලන්න නැත්ද කියා. ඇසෙන්, කණින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ගන්නා අරමුණු තුලින් සිත නැමැති නාගයා ක්‍රියාත්මක වේ.

ඒ අනුව බලන විට ඒ පසිදුරන් මේ හුඹහේ සිදුරු පහක් වගෙයි. ඇස නැමැති සිදුර වැසුවත් අනෙක් සිදුරු තුළින් පරිසරය විදීමට යයි. එසේ නම් කල යුත්තේ කුමක්ද?සිදුරු පහම වසා සිත නැමැති නාගයාට පෝෂණය දෙන සිතිවිලි නැමැති ආහාරය නැවතිය යුතුය. නොයෙක් සම්බාධක දමමින් එක් රටක් තවත් රටකට පාඩමක් ඉගැන්වීමට උත්සාහ කරනවා වගේ. පසිදුරන් අරමුණු ගන්නා තෙක් ඔබේ සිත නැමැති නාගයා ඔබට දෂ්ඨ කීරීම තුළ නොදැනුනා සේ හිදී,

බලන්න දැන්… මේ ඉදුරන් පහ නැමැති සිදුරු පහ වසා නාගයාට සිදුවන දේ. ආශ්චර්යමත් දේ සිදුවෙයි. මෙතෙක් ඔබට දෂ්ඨ කල ඒ නාගයා මෙල්ල වේවි. ඔබට උවමනා අයුරින් මේ හුඹහ අයිති කරගෙන ඇති නාගයා ක්‍රියාත්මක කල හැකියි. උත්සාහ කරමු…

නිදහස් තැනක හිද ගන්න. වම් අත මත දකුණු අත තබා කය ඍජුව තබා ගන්න. දැන්… පෙණහළු පිරෙන සේ හුස්මක් ගන්න. මොහොතක් රදවා ගෙන සෙමෙන් පිට වීමට ඉඩ හරින්න. නැවත නැවතත් විසි වතාවක් පමණ සිදු කරන්න. දැන් ඔබ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්. ශරීරයෙන් සිදු කරන ලද කාර්යය සිතෙන් සිදු කරන්න.

  • ඔබ ඉහළට ගන්නා හුස්ම සුදුවන් මීදුමක් පරිද්දෙන් නාසය ඇතුළෙන් ගමන් ගන්නවා සිතෙන් දකින්න.
  • ඔබ ගන්නා හුස්ම ඇතුළුවන ශබ්දයට සිත යොමු කරන්න.
  • නාසය තුළ හුස්ම ගැටෙන තැන හොදින් සිතන්න.
  • ගන්නා හුස්ම මීදුමක් පරිද්දෙන් දිවට දැනෙනෙ උගුර, ස්වාරය හරහා පෙනහළු දක්වා ස්පර්ශ වෙමින් ගමන් කරන ආකාරය සිතෙන් දකින්න.
  • එම ගන්නා වායුව පෙනහළු තුළින් රුධිරයට එකතු වී මුළු ශරීරයම සැහැල්ලුවෙන් පාවෙන ආකාරය සිතෙන් විදිමින් සිටින්න.
  • ඒ ආකාරයෙන් පසිදුරන්හි ක්‍රියාකාරීත්වය සිතෙන් විදිමින් පසිදුරන්ට ඉඩ නොතබා සිත සමාධියට පත් වීමට ඉඩ හරින්න.

පාරමීපුරන බෝසතාණෝ

සමන් කංකානම්ගේ  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *