ප්‍රතිසන්ධි චතුෂ්කය

ප්‍රතිසන්ධි චතුෂ්කය

සත්ව තෙමේ ඉපදිය හැකි ස්ථාන අනුව 31 තලයක ඉපදීම සිදුවන්නකි.එම 31 තලය සැදී ඇත්තේ අපාය සතරකින්, මිනිස් ලොවකින්, දිව්‍ය ලෝක 6කින්,රූපාවචර බ්‍රහ්මලෝක 16කින්, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4කිනි.මින් අපාය ප්‍රතිසන්ධියක්, කාම සුගති ප්‍රතිසන්ධියත්,රූපාවචර ප්‍රතිසන්ධියත්, අරූපාවචර ප්‍රතිසන්ධියත් යන සතර යි.කාම ලෝකය සෑදී ඇත්තේ මනුෂ්‍ය ලෝකය හා දිව්‍ය ලෝක සය එක් වීමෙනි.

අපාය ප්‍රතිසන්ධිය එක් අයුරකින් සිදුවන්නකි.එනම් අපාය ප්‍රතිසන්ධි එකකි.අකුසල විපාක උපේක්ෂා සහගත සන්තීර්ණ චිත්තය, එම අපාය ප්‍රතිසන්ධි යයි.මරණාසන්න පුද්ගලයෙකු තමන් මරණයට ළංවන විට තමන් අන්තිම භවයේ කළ කී දෑ තුළ පැවතුනු අකුසල කර්මයක් හෝ අකුසල කර්ම නිමිත්තක් හෝ අපාය ගති නිමිත්තක් සිත තුළ අවධි වූ සත්ත්වයාට එම වර්තමාන භවයේ අන්තිම සිත නිරුද්ධ වුනු සමගම මරණාසන්න මොහොතේදී වැටහුනු සිත චුති චිත්තය ලෙස අනුගත වෙමින් අකුසල විපාක උපේක්ෂා සහගත සන්තීර්ණ චිත්තය අපාය භූමියේ පහළ වෙයි.එවිට එම සත්වයාගේ ප්‍රතිසන්ධි විඥාණය අපාය භූමියේ උත්පත්තිය ලබාගනියි.මෙසේ මැරෙන සත්වයා තමන්ගේ අවසාන චිත්ත චෛතසිකය තුළ ඇතිවන බැදීමෙන් අපායෙහි ඉපදෙනවා වගේම තමන් අවසානයේ ගෙවූ භවයේදී ඇතිකරගත් සියලු චිත්ත චෛතසිකයන් ද එම අපාය ප්‍රතිසන්ධි චිත්තයට සමානව ඉපදේ.එවිට ඉපදෙන සත්වයා තුළ අතීත භවයක් මෙන්ම වර්තමාන අපාය භවයක ගතිලක්ෂණ එකම ප්‍රතිසන්ධියක් තුළ සංකලනය වෙයි. මෙම සංකලනයේ දී අපාය භූමිය තුළ ඉපදෙන සිත් පරම්පරාව නොනැසී ඉදිරියට යන පරිදි උපේක්ෂා සහගත සන්තීර්ණ චිත්තයක් ඇති වේ.එය භවාංග චිත්තය යනුවෙන් ඇතැම් විට නම් කරයි.මෙසේ ඇතිවන මේ භවයේදී චිත්ත පරම්පරාව මේ භවය ලෙසත් ප්‍රතිසන්ධිය චුති සිත සමග පසුපස අග චිත්ත චෛතසිකයෝ අතීත භවය ලෙසත් එකම සිත තුළ ස්ථානගත වෙමින් සත්වයා තුළ අතීත භවයන් විශාල ප්‍රමාණයක් වෙත වර්තමාන භවයක් සංකලනය කරයි.එවිට අපාය භූමියේ සිටින සත්වයාගේ චිත්තය තුළ

    • ප්‍රතිසන්ධි චිත්තය
    • භවාංග චිත්තය
    • චුති චිත්තය

වශයෙන් ලක්ෂණ වෙන් කරගත හැකිය.මේ අනුව හැම සත්වයකුටම ඉපදෙන භවයකදී ප්‍රතිසන්ධිය වන්නේත්, භවාංග චිත්තය වන්නේත්, චුති චිත්තය වන්නේත් එකම චිත්තයකි.
කාම සුගති ප්‍රතිසන්ධි නවයකි.කුසල විපාකෝපේක්ෂා සහගත සංතීරණය, මහා විපාක අටය යන මේ සිත් නවය කාම සුගති ප්‍රතිසන්ධි සිත් ය.ඉතා දුබල කුසලයක විපාකය තුළ ප්‍රතිසන්ධි ලබන කුසල විපාක උපේක්ෂා සහගත සන්තීර්ණ ප්‍රතිසන්ධිය තුළ ඇතැම් ජාත්‍යන්ධාදී හීන මනුෂ්‍යන්ද, භූමිය ඇසුරු කරන දෙවියන් සමග කුළුපගව සිටින විනිපාතික අසුරයින්ද සිටී.
මිනිස් ලොව දී කුසල විපාක උපේක්ෂා සහගත සන්තීර්ණයෙන් පිළිසද ගන්නා සත්වයෝ උපතින්ම අන්ධයෝ, බිහිරෝ, ගොළුවෝ, අඝාණකයෝ, කෙලතොලුවෝ, පිස්සෝ, පණ්ඩකයෝ, උභතෝඛ්‍යකුජනකයෝ, නපුංසකයෝ මමම යෝ විය හැකිය.

එනම්,
අන්ධයන්, බිහිරන්, ගොලුවන් ඔබ දනී.

අඝාණකයෝ :- ඝ්‍රාණේන්ද්‍රිය නැති අයයි.(ඔවුන්ට ගද සුවද නොදැනේ.)

කෙළතොලුවෝ :- වම දකුණවත් නොහදුනන මෝඩයෝය.කටේ කෙළ ටික හෝ රදවා ගැනීමට නොදන්නා මොවුන්ගේ කටින් කෙළ කට දෙකොනින් වැටේ.

පණ්ඩකයෝ :- ස්ත්‍රී පුරුෂ භාවයන් පිළිබද විපර්යාස ඇති අය.

උභතෝඛ්‍යඤජනකයෝ :- ස්ත්‍රී පුරුෂ ලිංග දෙකම ඇති අයයි.

නපුංසකයෝ :- ස්ත්‍රී පුරුෂ ලිංග දෙකම නැති අයයි.

මමම යෝ :- විශාල උත්සාහයක් ගෙන එක අකුර දෙතුන් වර කියමින් කතා කරන අයයි.

විනිපාතික අසුරයෝ :- සසරෙහි සිදුකළ පිනක් තුළින් ලැබුණු තමන්ට කියා වාසස්ථානයක් නැති ගල් ගස් සෙවණ යට හෝ ගල්ගුහා, සොහොන් බිම් ඇසුරු කිරීමෙන් ජීවත්වන භූත කොටසකි.දරුණු ගතිය නිසා මොවුන් යක්ෂ නාමයෙන් හදුන්වති.මිනිසුන් අහක දැමූ බත්, මාළුපිනි, මස් මාංශ පුළුටු තුළින් යැපී දුක සේ දිවි ගෙවන කොටසකි.විනිපාතික අසුරයින් වන මොවුන් දුර්වල අයට, රෝගීන්ට, ළමුන්ට වැසී, කට්ටඩින් දෙන දොල පිදේනීවලින් යැපෙන්නට ක්‍රියාකරයි. මොවුන් හැමකෙක්ම අහේතුක ප්‍රතිසන්ධිකරුවන් නොවන අතර ද්වීහේතුක,ත්‍රිහේතුක අයද සිටී.බුදුන් වහන්සේ දවස සිටි ප්‍රියංකර මාතා,පුනබ්බ සුමාතා යන යකින්නියන් බණ අසා මගඵල පසක් කරගෙන ද සිටී.
මහා විපාක සිත් අටම කාම සුගති භූමි සතෙහි ම ප්‍රතිසන්ධි, භවාංග, චුති වශයෙන් පවතී.ඒ අනුව අකුසල විපාක උපේක්ෂා සහගත සන්තීර්ණයක් කුසල විපාක උපේක්ෂා සහගත සන්තීර්ණයක් මහා විපාක අටත් යන මේ සිත් දහයම කාමාවචර ප්‍රතිසන්ධි චිත්තයන් වෙයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *