සිදුහත් කුමරු හට නම් තැබීමේ මංගල්‍යය

නම් තැබීමේ මංගල්‍යය

ආශ්චර්‍යමත් සිගිති කුමරා ඉපදී පස්වන දිනයේදී නම් තැබීමේ මංගල්‍යය සූදානම් කෙරිණි. මේ උත්සවය එදා එරට සිටි උගත් බමුණන්ට ආරාධනා වූයෙන් ඒ අතර ධ්‍යාන, අභිඥා ලබාගත් බමුණන් අටදෙනෙක් ද සම්ප්‍රාප්ත වී සිටියහ. මේ අය සිගිති කුමරාගේ ශරීර නිමිති ආදිය පරීක්ෂා කර බලමින් තම අදහස් ප්‍රකාශ කරන්නට වූහ. ඉන් හත් දෙනෙක්ම පැවසූවේ කුමරා එක්කෝ සම්මා සම්බුදු වන