මැරෙණ මොහොතේ මී පැණි බොන්නට බලා සිටින අයටයි

මැරෙණ මොහොතේ මී පැණි බොන්නට බලා සිටින අයටයි

දුක්ඛ ගංගාවක දිරාගිය පහුරක හබලක් නොමැතිව මුගුරක් දරාගනිමින් සංසාර ගමනක යෙදෙන්නා වූ ලෝක සත්වයන් ගේ අපූර්වතම නිර්මාණා වූ මිනිසාගේ….. ඇතුල් පැත්ත අවධානයෙන් විමර්ශනයක යෙදෙන්නට ඔබට පුංචි ඉඩකඩක් ඔබගේම සිත තුළ ගොඩ නගා ගැනීමට අවැසි කාලයයි මේ. මිනිසත් භවය අසීරුවෙන් ලබාගත්තකි. මේ මා සදහන් කරන අළුත් වචනයක් ද නොවේ. ධර්මය මදක් හෝ අවබෝධ කරගත් මිනිසත් භව මනුසත් බවට හරවමින් සිටින ඕනෑම අයෙකුට වැටහෙන වගන්තියකි. නමුත් එය තවත් වගන්තියකට පමණක් නොයොදමු. මා සමග සිතන්නට උත්සාහ කරන්න. ජීවිතය ගැන මා ඔබට කාරණා 5ක් ඉදිරිපත් කරන්නම්. බලන්න ඔබට හොදින් වැටහේවි.

  1. මේ මනුෂ්‍ය භාවය දුක සේ ලබාගත යුත්තකි.
  2. මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගත්තත් ඉතා දුක සේ ලබා ගත්තත් බුද්ධෝත්පාද කාලයක් ලබා ගැනීම දුෂ්කරය.
  3. සංසාරය අති දීර්ඝ බැවින් විදිය යුතු දුක්ඛ පීඩාවන්ද නිමක් නැත.
  4. මේ ශරීරයද ඉක්මනින් නැසෙන සුළුයි.
  5. සෑම සත්වයෙකුම රාග, ද්වේශ, මෝහ, ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යන්ගෙන් පිරී පවතින්නකි.
  •  ලොව වසන මිනිස් සත්වයා ගැනිය හැකිය. නමුත් සත්වයන් අතර මිනිසා හැර ඉතිරි සත්වයින් කෙසේ නම් ගණනය කල හැකිද?

ඇසට පෙනෙන, නොපෙනෙන, ඉගිලෙන, බඩගාන, පීනන, ඇවිදින සත්වයන්ගෙන් ක්ෂුද්‍ර ප්‍රාණීන් ගැන හොදින් සිතා බැලුවහොත් ඔබගේ නිවසේ ඇති ළිද හෝ වතුර ටැංකියෙහි ඇති ක්ෂුද්‍ර ප්‍රාණීන් ගණනය කල හොත් මුළු මහත් ලංකාව තුළ සිටින මිනිසුන් ප්‍රමාණයට වඩා වැඩිවිය හැකිය. ඒත් ඔබට පුදුමයි නේද? මේ අනුව බලන විට පෘථිවියේ ජල ගෝලය භූමියරට වඩා වැඩිය. භූමිය තුළ ඇති සියළු සත්වයින් හැර මිනිසා ජලයේ සිටින සත්වයාට අලගු තබන්නටත් නොහැකිය. මූදු ජලයේ වෙසෙන මාළුවන්ගෙන් දිනකට දැල් දමා ගොඩට ගෙන මරණ ප්‍රමාණය මිනිස් ජනගහණය මෙන් තුන් ගුණයකට වැඩිය. හොදින් සිතන්න. ඔබගේ නිවසෙහි එක් කූඹි ගුලක සිටින කූඹි ප්‍රමාණය දකුණු ආසියාවේ ජනගහණයටත් වඩා වැඩිය. මට ඔබට සදහන් කරන්නට උවමනා වන්නේ මිනිසා යනු සත්වයන් අතර ඉතා සුළු කොටසක් පමණක් බවය. එසේනම් සත්ව ලෝකයේ මිනිස් භවයක් ලැබීමට හැකි ප්‍රතිශතය ගණනය කළොත් උත්තරය 0.000000099 විය හැකිය. එසේ නම් මේ ගැනත් සිතන්න.

පොළවේ පස් තිබේ. නොයෙක් ගල් වර්ගද තිබේ. වටිනා මැණික්ද තිබේ. එහෙත් සොයා ගැනීම දුෂ්කරය. තිබෙන්නේද බොහෝම අඩු ප්‍රමාණයකි. මැණිකක් සොයා ගත්තත් ඔපදැමිය හැක්කේ එහෙමත් එකක් පමණි. වටිනාකමින් ඉහළවන්නේද කළාතුරකිනි. සත්ව ලෝකය තුළ මිනිසා පොළවේ ගල් වැලි අතර ඇති මාණික්‍යයක් බදුය. මේ මාණික්‍යය ඔපදමන්නට හැකි අය අද කුසල් දහම් තුළ නියුක්ත වන පිරිස තුළම දැක ගත හැකිය. ගමක 3000 – 5000ක් පමණ සිටී. ගමක පන්සල් ආගමික ස්ථාන 5-6ක් ද තිබේ. පොහොයක් දිනකදී බලන්න. ශීලයෙහි පිහිටමින් කෙලෙස් තවන්නට වෙර දරන අය කී දෙනෙක්ද බලන්න. 20-30 පමණ විද්‍යාත්මකව විමසුවහොත් මිනිස් ශරීරයක උත්පත්තියේදී 100 මි.වො. විද්‍යුතයක් තිබේ. ඒ මොළය තුළ ස්නායු සෛල බිලියන දශ ලක්ෂ 30000 පමණ ක්‍රියාත්මක කිරිමට ඇති විද්‍යුතයයි. මෙම විද්‍යුතය මුළු පසිදුරන්ගේ ක්‍රියාවන් ග්‍රහණය කිරීමට අවශ්‍ය ක්‍රියා ශක්තියක් මෙන්ම විශ්වය තුළ සුසර වීමට අවශ්‍ය චුම්භක ශක්තියද මෙහෙයවයි. ඉපදුන දා සිට මියෙනතෙක්ම මිනිසා මෙම විද්‍යුතය වැඩි කරගන්නේද? නැද්ද? ඔබ සිතා බලන්න. අකුසලයේ යෙදෙන (සිතෙහි ඇති කරගන්නා අමිහිරි අත්දැකීමට හේතුව කයෙහි ක්‍රියාව, සිතේ සමබර බව මිදීමෙන් කෙලෙස් උපදවන හේතූන්) හැමවිටම මෙහි විද්‍යුතය අඩු වෙයි. කුසලයේ යෙදෙන (සිතෙහි ඇති කරගන්නා කෙලෙස් පැමිණීමේ ඉඩ ඇහිරීමේ ආවරණය ඇති කර ගැනීම වූ සමාධිය වැඩීම) හැමවිටම විද්‍යුතය වැඩි වේ.

මරණින් මතු හැමවිටම මෙම විද්‍යුතය තුළ ගබඩා වන දත්තයන් සමග එම ශරීරයේ අඩු වැඩි වූ විද්‍යුතය වෙනත් ශරීරයක උපත ලබයි. සත්ව ශරීරයක උපත දීමට මි.වො. 80කට අඩු විද්‍යුතයකට හැකිය. ඔබ එතන නම් මතු භවය….. ඔබත්….. හතර ගාතෙන්…. බඩ ගාමින්….පීනමින්…. ඉගිලෙමින්…. මි.වො.50ට අඩු විද්‍යුතයකට හැකි වන්නේ භූතයකුට, ප්‍රේතයකුට, පිසාචයකුට, උපත දීමටයි. එසේ වුවහොත් ඔබත්….. මි.වො.10ට අඩ් විද්‍යුතයක් ගතහොත් හැමවිටම ගුරුත්වයේ න්‍යෂ්ටියටම ඇදේ. එසේ වුවහොත් ඔබත් සතර අපායක, නිරයක ඔබට දැන් දහඩියක් දමන්නට ගත්තා නේද? සත්‍යය එයයි. හිතන්න ඔබ හා අවට සිටින අයෙකු ගැන, අනුන්ට උගුල් අටවන පස් පවෙහි යෙදෙන, උතුමන්ට අගරු කරන, කේළාම් බොරු බේගල් කාරයින් ගැන… ඔවුන් කොතනද? නමුත් මෙය කියවන්නට තරම් වාසනාවක් ගත් ඔබ නම් ප්‍රමාද නැත. ලැබුණු මනුෂ්‍යභාවය නිවැරදිව සකසුරුවම් කරන්නට ඔබට නම් හැකියාව ඇති බව මා නම් හොදින්දනී. අවශ්‍ය ඔබගේ අධිෂ්ඨානයයි……

  • අසීරුවෙන් ලබාගත්තත් බුද්ධෝත්පාදයක මනුෂ්‍යත්වභාවය ලැබෙන්නේ කළාතුරකිනි.

බුද්ධත්වය යනු ආනුභාව සම්පන්නම දෙයකි. සසරින් සසර මහා දුක්ඛ ගංගාවක් කරපින්නා ගනිමින් පාරමී පුරන්නා වූ බෝසතුන් කෙනෙක් කොයිතරම් නම් නින්දා අපහාස විදීද? කෙතෙක් නම් ඇග ලේ මස් දන් දෙයිද?

අන් සැප විහරණය තකා තමන්ගේ ජීවිතය පූජා කරමින් කල්ප ලක්ෂයක් පාරමී පුරා සුදුසුකම් සපුරා ඉන්පසු තවත් අසංඛ්‍ය කල්ප ගණනක් වුව පාරමී පිරිය යුතුමය. පොළෝ තලය කිහිරි අරටු ගිණි අගුරින් පුරවා තිබියදී යම් පුද්ගලයෙකු එය මැඩගෙන පොළවේ මේ කොණින් ගොස් අනික් කොණින් මතු වෙයිද? එවන් ධෛර්යය සම්පන්න අයෙකු විසින්ම මෙම උතුම් බුදු පදවිය ලබා ගනී. මෙවැනි බෝසතකු, බුදු කෙනෙකු වන්නේ ලොව කලාතුරකිනි. ගෞතම බෝසතුන්ට පාරමී පුරන කාලසීමාව තුළම බුදුවරු 24 නමක් පමණක්ම හමුවිය. සුළු ප්‍රමාණයකි. ඔබ ඉපදී සිටින්නේ බුද්ධෝත්පාද කාලයකයි. නමුත් මෙවන් කාලයක වුවත් මිත්‍යා දෘෂ්ටිකයෙක් නම්, බුදු සසුන නොපවතින දේශයක නම්, අන් සක්වලක නම් මේ සක්වල වුවත් උපතින් බිහිරෙක්, අන්ධයෙක්, මන්ද බුද්ධිකයෙක් නම් වැඩක්ම නැහැ නේද?

  •  සංසාරය අති දීර්ඝය, විදිය යුතු දුකද දීර්ඝය

සත්වයාගේ සසර කොතෙක් දීර්ඝද කියා විමසීමට තරම්වත් නොහැකි අති දීර්ඝව අවස්ථාවකි. මුවෙක්ව, ගෝනෙක්ව, ඌරෙක්ව, සුනඛයෙක් හෝ ප්‍රේතයෙක්ව, දෙවියෙක්ව, භූතයෙක්ව, ගැහැණියෙක්ව, මිනිහෙක්ව නිරයක ආදී ලෙස නූපදුණු කිසිම සත්වයකු නැති තරම්‍ ය. මේ හැම වාරයකම කුසට අහරක් නැති ප්‍රේතයෙක්ව හෝ තිරිසෙනෙකු ලෙස ලෝ දිය බිව් වාර ගණනත්, සත්වයෙකු ලෙස තම මස් අන්සතුන් අමු අමුවේ මරාගෙන කෑ අවස්ථාවන් ප්‍රමාණය පවා ගැනිය නොහැකි තරම්‍ය. තම ශරීරයන් වලින් හෙලූ රුධිරය මහා සාගරයටත් වඩා වැඩිවිය හැකිය. තම ශරීර වල ඇට සැකිලි පොළවට අපස් නොවී එකතු වී නම් මහ පොළවේ පස් වලට පස් වලට වඩා බරින් වැඩි විය හැකිය. මේ එකම සත්වයා එක් කලෙක මිනිසෙකු වී තව කලෙක දෙවියෙකුද වේ. මේ දෙවියාම නරකයකද උපදිය හැකිය. සක්විති රජව ඉපිද පසුව චුතව මිනිස් ලොව සිගන්නෙකුද වී ඉපදිය හැකිය. එසේ නම් ඒ සත්ව ලෝකය තුල කවදාවත් සැපයක් නම් නැත්තේමය.

  • මේ ශරීරය ඉක්මනින්ම නැසෙන සුළුය….

ගෙවී යන මොහොතක් පසා මරණයට ලං වෙමින් සිටිනා මිනිසා තරුණකම රැක ගැනීමට කොතෙක් එන්නත් විටමිනයන් ගත්තත් දිනෙන් දින ශරීරයේ කොටස් ක්ෂ්‍ය වෙයි. රෝග පීඩා වැළදෙයි. රෝග පීඩා වැළදෙයි. හදිසි කරදර විපත්තීන් පැමිණෙයි. කිසිදා බේරුමක් නම් නැත… උදේ පටන් සවස් වන තෙක්ම වැඩ පලක්, රැකියාවක් කර මහන්සියෙන් හරි හම්බ කරමින් මේ ශරීරයම නඩත්තු කල යුතුය. වේලක් දෙවේලක්, කන්නට නොහැකි වුවහොත් මරණයද  ඉක්මන් වෙයි. මරණයට බියෙන් ශරීරය නඩත්තු කිරීමටද වෙහෙසෙයි. නමුත් අන්තිමේ මරණයට පත්වෙයි. නිකම්ම නොවේ. මොහොතින් මොහොත මැරි මැරී ඉපදෙමින් මුළු ශරීරයම මැරී වැටෙයි. තවත් තැනක අළුත් භවයක්ද ඇති කර ගනී.

  •  සෑම සත්ත්වයකුම මර උගුල් 11කට අසුවී ඇත.

බලන්න. මේ ශරීරය දුක බව දැන දැනම තමන්ට නැති නමුත් අනුන්ගේ හැම දේටම ලෝභ කරති. තණ්හාව ඇති කර ගනිති. අන්තිමේ ලබා ගැනීමට බැරිතැන ද්වේශ කරති. ක්‍රෝධය උපදවා ගනිති. මෝහය තුළ ගැලෙමින් අනුන්ගේ හේතු ප්‍රත්‍යයන් තමන් තුළ ගින්නක් කරගනී. තමන්ට තමන්ගේ අයට ඇතිවන පීඩා ගැන සිතමි ශෝක කරති. ඉපදුනත් ජීවත් වුනත් මරණයට පත් වුනත් ඒ ගැන දුකින් සිටියි. එසේ නම් ඔබ ඔබගේ ජීවිතයගැන සිතන්නේ කෙසේද? අජරාමර ලෙසද? කෙදිනක හෝ නොමැරෙන ලෙසද? එසේත් නැත්නම් මිථ්‍යාදෘෂ්ටිකයෙකු සිතන අයුරින් ඔහේ මැරෙණ දවසක මැරුණදෙන් ඉන්නකන් ජොලියේ ඉන්නවා. විපාක දෙන එක මට පේන එකක් යැ යනුවෙන් ඔබත් සිතනවාද? නමුත් මතක තබා ගන්න. පව්හි විපාකය එවේලේම ගෙන නුදුන්නන් ඔබ පසුපසම ගමන් කරයි. නමුත් මැරෙන මොහොතේදී ඔබට මතු සදහන් දේ ක්ෂණයක් තුළ චිත්‍ර පටියක් සේ පෙනෙයි.

මේ භවය තුළ ඔබ සිදු කළ ඔබටම පීඩාවක් වූ දේ

මේ භවය තුළ ඔබ අන් අයට සිදු කළ ගැහැට

ඔබ සිදුකල බරපතල නරකම වැරදි ඇතුලත්, සියළු ක්‍රියාවන් (පිළිවෙලින්… සතුන් මැරීම, සොරකම, පංචකාමය, බොරු බේගල්, මුසාවාද තුළින් සිදුකළ අවැඩ, සුරාවෙන් හෝ වෙන ක්‍රමයකින් සිහිය විකල් කර ගනිමින් සිදුකළ සියළු පාප කර්ම), ඔබට ප්‍රතිසන්ධියක් ලබා ගැනීමට ඇති ශරීරය (භවය)

ඔබ බිය වන්නේ, අඩන්නේ, සියල්ල වැටහෙන්නේ ඒ මොහොතේදීය, නමුත් ඔබ ප්‍රමාදයි.

වෛද්‍ය සමන් කංකානම්ගේ

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *