මාර දිව්‍යපුත්‍රයා සමග මහ බඹු පැරදවූ බුදුන් වහන්සේ

එ කලිහි මාර දිව්‍ය පුත්‍ර තෙමේ ‘බුදුහු කොයි වැඩහුත් දැ දෝයි බලන්නේ බඹ ලොවට වඩනා බුදුන් වහන්සේ දැකැ’ මොහු බඹ ලොවට වඩිති. ඉදින් ඔබ ගොස් බධාවක් නැතිව බණ කියූ නම් සියලු බඹ පිරිස් අමාමහ නිවන්හි පුරා පියති, එසේ කල්හි මාගේ ආඥා පවත්නා සසර සිස්වැ යන්නේ යැ. එහෙයින් මා බඹ ලොවට ගොස් මේ දේශනාවට බාධා කල මැනවැයි බඹ ලොවට ගොස් බලවත් බඹුන් ඇගැ ආවිශ්ට වියැ නො හී පලමුවන බඹ තෙලෙහි එක් බඹක් හු ඇගැ ආවිශ්ට වැ ගෙනැ “මහණ, මෙ මහා බ්‍රහ්මයාට නින්දා නොකර, මෙ තෙමේ මහා බ්‍රහ්මයෙක, හැම බඹුන් මෙ මැඩ පවත්තී, මුහු මැඩපවත්නා එකද බඹෙක් නැත. සියලු දතයුතු තාක් ගෙවා දත. සියලු සත්වයන් තමා වසඟ කොට සිටියේ යැ, ලොවට ඊශ්වර යැ, මුලි ලොවැ මැවුයේ මෙ යැ, ‘මහ පොළොව යැ හිමාලය පර්වත යැ මහා මෙරු පර්වත යැ චක්‍රාවාට පර්වත යැ මහා සමුද්‍ර යැ, සඳ මඩල යැ’ යනාදී සියල්ල උන් සිතූ සිත හා කැටි වැ මැ පහළ වී යැ, තො රජ වා, තො බමුණු වා, තො වෛශ වා, තො ශුද්‍ර වා, තො ගිනිවැසි වා, තො මහණ වා, යනාදීන් සියලු සතුන් මවන්නේ මෙ යැ, එහෙයින් සියලු සත්වයූ මොහු ගෙ දරුවහ. මහණ පෙර තපසවරයහු ද ‘සියලු ලොව අනිත්ය යැ, අනාත්ම යැ’ යි කියා වරදවාගෙනැ සතර අපහාසයෙහි හුණහ. මෙ මහා බ්‍රහ්මයා කී පරිද්දෙන් ‘මෙ මැ නිත්ය යැ’ මෙ මැ සුබ යැ, මෙ මැ ආත්ම යැ’ ය් කියා ගත්තහු මියැ ගොස් මෙ බඹ ලොවැ ඉපිද සුවපත් වූහ. එහෙයින් තොපට සිතා යැ මා මෙ කියන්නෙ. මළෙකැ ගේ එකඛු එලී ගනා දෙයක් නො ලද හොත් මහ වළෙහී හී නස්නා සෙ තෙපී මෙ මහ බඹහු කී බස නො ගත්තවූ නම් තෙපිත් සසර හී නස්නාව, එ හෙයින් එසේ නො නැසී මෙ මහා බ්‍රහ්මයා කී බස් ගිවිස්ව’ යි කී යැ.

එ අසා බුදුන් වහන්සෙ “බ්‍රහිමයෙක් නම් මා කී බසට උත්තරයක් කියැ හෙ ද? මෙ කුමන නම් බසෙක් දැයි පරීක්ෂා කොටැ වදාරණ සේක් බඹහු ඇඟැ ආවිශ්ට වැ ගෙනැ දොඩවන්නා වූ මරහු දැ කැ” පාඉෂ්ථ වූ මරය, මෙ බඹහු ඇඟැ ආව්විශ්ට වැ ගෙනැ මෙවැනි විකාරයක් දොඩවන්නෙහි නො වෙයි ද? ‘මා තා ගෙ ආඥාවෙහී වැටෙන්නට මා දැන් බුදු වූ කල් තබා බුදු වන්නට වජ්‍රාසනයෙහි හුන් දවස් මැ මා මතු හීඳුවාලා තා ගෙ හඬ අසා පලාගිය මහබඹුන් දැන් මා හා සම කොටැ කුමට බණයි ද. තා ගෙ ආඥාවෙහි වැටෙන්නවුනුත් නොවැටෙන්නවුනුත් තා ගෙ බස් ගිවිස්සනවුන් නොගිවිස්සනවුන් තො මැ හදුන්වන්නෙහි වේ ද? එතෙකින් නොදොඩා සිට” යි වදාළ සීක. බුදුන් එසේ වදාරාත් මැ මාර තෙමේ බුද්ධ තෙජසින් කකියා කොස් යමක් කියැවීයැ නො හී සිටියෙ.

ඉක්බිති මහ බඹ තෙමෙ “මහණ,මම නිත්ය දෙයට මැ නත්ය දෙයට මැ ස්ථීර යැ’යි කියමි, ‘ මෙයට වඩා අනෙක් නිවනක් නැති හෙයින් මැ මෙයට වැඩි අනෙක් නිවනක් නැතැ’යි කියමි. ඉතින් තො මා ගත් දෘෂ්ටිය මැ ගත්තෙහි වී නම්, තා මට දෙවන තැනීහි සිටුවා ගොවුත් තා මට ඡායාවක් සෙ නො හැරැ පවත්නා පරිද්දෙන් තබා, තා මට ඇතුළත් කෙරෙමි. එසේ නො කෙළෙහි වී නම්, තා මා ගෙ අනුභාවයෙන් බිමැ හැපිළී කොටැ පියෙමි” කී යැ. එ බස් ඇසූ සර්වඥයන් වහන්සේ “මෙ මහා බ්‍රහ්ම තෙමෙ ඉතා අභිමාන ඇත්තේ යැ, තමා ගෙ යසසින් මෙ තැන මාගේ ශරීරයෙහි ගැසී යන්නට සුදුසු එකද සත්ත්සයඛු ඇතැ’යි නො සිතයි, මෙ තැන්හි මොහු ගෙ මානය බිඳැ-පියා පසු වැ බණ කීව මැනැවැ” යි යි නො සිතා-වදාරා “මහා බ්‍රහ්මය, තා ගෙ ගති මම දනිමි, තා ගෙ සෘදි වූ නියාව ද දනිමි. තා ගෙ ජුති ද දනිමි, තා ගෙ මහත්ත්වය වූ නියාවද දනිමි. මා තා නොහදුනතී සිතයි තැ” යි වදාළ සේක.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *