මෛත්‍රියේ ආනුභාවය හා බලය

මෛත්‍රියේ ආනුභාවය හා බලය

මෛත්‍රිය තමන් තුළ හා තම අවකාශය තුළ පතුරන්නට තරම් කුළුණු ගුණයක් යමෙකු තුළ ඇත්නම් ඔහු විශ්වය ජයග්‍රහණය කරන්නට යන ගමන් මග එතරම් පීඩාවෝ නොවෙත්. ” නිවටයා දුටු තැන එළුවන් නිකට පාන්නා සේ” මෙත් කරුණා ගුණය තුළ උපේක්ෂාව දරණ අයකු ලෝභයේ, ද්වේශයේ, මෝහයේ ගින්නෙන් පෙළෙන අයෙකුට අසුවුවහොත් කුමක් සිදුවෙයිද? යන්න සිතා බලන්න. මෛත්‍රිය වනාහි සිත තුළ ඇති වන මහා කරුණා ගුණයකි එය තමන්ගේ හැසිරීම් රටාවෙන් ඔප්පු කර පෙන්වන්නට ගියහොත් එය තුළ මුලින් සදහන් කළ ආදරය, ආලය, ප්‍රේමය එනවාමය. එබැවින් බෝසත්වරයෙකු තුළ ආර්යය පුද්ගලයෙකු තුළ, බ්‍රහ්ම චර්‍යාවෙහි යෙදෙන උතුමෙකු තුළ ඇති මෛත්‍රිය ඔවුන්ගේ හැසිරීම් රටාව තුළ නොසෙවිය යුතුය. ඔවුන් ළග ඇති සත්‍ය ක්‍රියා බලය, අධිෂ්ඨාන බලය තුළ කැටිවන විශ්මවම බලයක් බැවින් පුහුදුන් මිනිසුන් සමග හැසිරෙන එවැනි උතුමන් තම මෛත්‍රී ගුණය පාරමිතා ගුණයක් කරගනී. එය බලයක් කරගනී. රා කල ගෙඩි ගනන් පොවා බුදුන් වහන්සේ කරා මෙහෙය වූ නාලාගිරි නම් තිරිසන් සතා තමන් වහන්සේව යට ගෙන ගියත් “මෛත්‍රී කරමි” කියා නිකරුණේ සිටියේ නැත, මෛත්‍රියේ ආනුභාවය තුළින් ඉක්මවා ගන්නට කටයුතු කළ සේක.

බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු තමන්ගේ උපන් ගමට ගිය පසු රාහුල කුමරු තම සුරතේ එල්ලී පැවසූ පුංචි වදන බලන්න. ” ස්වාමිනී, මට ඔබගේ සෙවනැල්ලත් හරි සැප…..යි. ස….නී….ප….යි” ඒ බුදුන් වහන්සේ තම රාහුල පුතුට දැක්වූ මෛත්‍රියේ ආනුභාවයයි.

අංගුලිමාල තමා පසු පස දුර එද්දී එය මෛත්‍රියම අංගුලිමාලට යොමු වෙද්දී අංගුලිමාල ඒ බලයෙන්ම දමනය වූ හැටි…..

බුදු වූ බුදු රජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය ආවර්ජනය කරමින් තමන් වහන්සේගේ හදවත තුළ ඇති කරගත් ප්‍රබෝධය තුළින් සවණක් බුදු රැස් විහිදුනු බලයෙන් ඈත සිටින කමටහන් ලාභීන් මෙහෙය වීම සදහා ආකර්ශන ශක්තීන් ලබා දෙමින් රහත් මග ලබා දුන් අයුරු…..

අනේපිඩු සිටුතුමාගේ මග අහුරා ගත් මිථ්‍යා දෘෂ්ටික බලය තුළ බුදුන් වහන්සේ සිටින මග සොයා ගන්නට බැරිවන විට උන් වහන්සේ ආලෝකයක් මවා පාර පෙන්වා දුන් ආකාරය…..

මෙවැනි මහා උදාහරණ ගණනාවක් බුද්ධ සාහිත්‍යයේ පවතී. ඒ තුළ ඔබ තවත් මේ මෛත්‍රිය යන්න තේරුම් ගැනීමට අවශ්‍ය උදාහරණ සිතා බලන්න.

  • මෛත්‍රිය පුරුදු පුහුණු කරන්නා හැම විටම සුව සේ ජීවත් වේ.සුව සේ නින්දට යයි. නිදි ඇදෙහි දගලමින් නින්දට අත නොවනයි. නින්ද ඔහු කරා ඉක්මනින් ඇදී එයි.
  • මෛත්‍රී සිතිවිලි පිරි පුද්ගලයා නින්දෙන් පිබිදෙන්නේ ඉතා සැහැල්ලුවෙනි. මහා බරක් හිස මත මෙන් නොනැගිටී. එළි වෙන තුරු දගලමින් ඇදි වත ඇඹරී ඇද රෙදි ඇඹරී නැත. ඔහු සිනා මුසු මුහුණින් සිතන්නේ “මම අද ඉපදුනා වැනි අළුත් ලෝකයක් දුටු පරිද්දෙනි.”
  • නිදන අතර නිදි ඇදේ සිට දස අතේ කල්පනා කරමින් සිටිනවාට වඩා මෛත්‍රී සිතිවිලි තුළින් සිත පෝෂණය කළහොත් නපුරු සිහින නැති සුවබර නින්දක් නිතැතින්ම හිමි වේ. ඇතැම් විට සිහින නොදකී. දුටුවත් සෞම්‍ය සිහිනම වෙයි.
  • මෛත්‍රිය වඩන්නා මිනිසුන් අතර ප්‍රියජනක වෙයි. අන් අයට තමාව හිතෛෂී පුද්ගලයෙකු ලෙස දැනී ප්‍රියශීලී වෙයි. පෙරලා තමාට සෙනෙහසින් ළං වේ.
  • මෛත්‍රිය වඩමින් තමන්ගේ අධ්‍යාත්මය පෝෂණය කරන්නේ නම්, අමනුශ්‍යයන් (දෙවියන්, භූතයන් ඇතුළුව) තමන්ට හිතෛශීව හැසිරෙති. එසේ හෙයින් දැනගන්න. අමනුශ්‍ය උපද්‍රව වලින් පීඩා විදින්නේ නම්, ඔබ ලග නැත්තේ මෛත්‍රිය නොවේද?
  • මෛත්‍රිය වනාහි විශ්වමය බලයක් බැවින් වනයක සත්වයෝ පවා ළං නොවෙති. කර්මයක් විපාක දීමකදී හැර අන් අයගේ පීඩාවෙන් පීඩා නොවෙති. වශ විෂ වල ඇති බලය පවා තම කය තුළදී නිද්‍රෝප ගත වෙයි.
  • මෛත්‍රී සිතිවිල්ලක ඇති බලය තුළින් අන් අයට යහපත ආකර්ශනයක් සේ පැතිරවිය හැකිය, අසරණ වූ රෝගීන්ට යහපත උදා කරලිය හැකිය.
  • අදෘෂ්‍යමාන දෙවි දේවතාවෝ තමන්ගේ බාධක ඉවත් කරමින් රැක ගනිති.
  • මෛත්‍රී සහගතව සිටින්නා අන් අයට ප්‍රියජනකය. සිත ඇදෙන සිනහවක්, පැහැපත් වූ මුහුණක්, සමබර වූ ශරීරයක්, ආකාර්ශනීය කටහඩක්, තමන් කියන දේ අන් අයට වැටහීමත්, අන් අය විශ්වාසයෙන් අනුගමනය කිරීමත් ඇති වේ.
  • මෛත්‍රිය වැඩූ පුද්ගලයා කිසි විට වේදනාවෙන් මිය නොයයි. සන්සුන් මරණයක් හිමි වේ. එහෙයින් ඔහු ඉපදෙන්නේ සුගතියකය. මිය යන විට තමන් ධ්‍යාන තළයක සිටියේ නම් මරණින් මතු රූපාවචර පළමු ධ්‍යානයට හිමි බ්‍රහ්ම තළයක ඔහු උපදින්නේය.
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *