මහෝපදේශ

බුදුරජාණන් වහන්සේගේ ධර්මය සුපරික්ෂාකාරීව හඳුනාගන්න පිළිවෙල උන්වහන්සේම දේශනාකල සේක.

මගේ ඇවෑමෙන් පසු යම් භික්ෂුවක් “මම භාග්‍යවතුන් වහන්සේගෙන්ම අසා උගතිමි”. මෙය ධර්මය යැයිද මෙය විනය යැයිද එම භික්ෂුව විසින් දේශනා කරන දේ පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු නොකරන්න. එසේ නොකොට හැම වදනක්ම අකුරක්ම මනාව අධ්‍යනය කර සූත්‍ර හා විනය සමග සන්සන්දනය කර බැලිය යුතුය. එසේ නොගැලපෙන්නේ නම් ඒකාන්තයෙන්ම මෙය බුද්ධ වචනය නොවේ යැයි ඔබ විසින් ප්‍රතික්ෂේප කිරීමත් එසේ මැනවින් සසඳා බලා එය ගැලපෙන්නේ නම් ඒකාන්තයෙන්ම එය බුද්ධ වචනය යැයි තීරණය කිරීමත් කළ යුතුමය. මෙය මාගේ ප්‍රථම මාහෝපදේශයයි… බුදුන් වහන්සේ දේශනා කල සේක.

තවත් භික්ෂුවක් මෙසේ පැවසිය හැකියි. අසවල් ආරාමයේ ප්‍රධාන හිමිනමක් සමග භික්ෂූන් වහන්සේලා වාසය කරති. එම හිමිගෙන් හා අනෙක් භික්ෂූන් වහන්සේලගෙන් මම මෙය දැන ගතිමි, යැයි සඳහන් කළහොත් එයද පිළිගැනීම හෝ රතික්ෂේප කිරීම සිදු නොකළ යුතුය. එසේ පිළිගැනීම හෝ ප්‍රතික්ශේප කිරීම සිදු නොකොට හැම වඳනක්ම, අකුරක්ම මනාව අධ්‍යනය කර සූත්‍ර හා විනය සමග සන්සන්දනය කර බැලිය යුතුය. එසේ නොගැලපෙන්නේ නම් ඒකාන්තයෙන්ම මෙය බුද්ධ වචනය නොවේ යැයි, ඔබ විසින් ප්‍රතික්ෂේප කළ යුතුය. එය සූත්‍ර හා විනය සමග ගැලපේ නම් ඒකාන්තයෙන්ම එය බුද්ධ වචනය යැයි තීරණය කිරීමත් කළ යුතුමය. මෙය මාගේ දෙවන මහෝපදේශයයි… බුදුන් වහන්සේ දේශනා කල සේක.

තවත් භික්ෂුවක් මෙසේද ප්‍රකාශ කළ හැකිය. අසවල් ආරාමයේ බොහෝ භික්ෂූහු හා තෙරවරු වාසය කරති. ඔවුන් බොහෝ ධර්මධරය, විනයධරය, මතිකාධරය. එහිදී මා විසින් මෙසේ අසන ලද යැයි ප්‍රකාශ කරන්නේ නම් එයද පිලිගැනීම හෝ ප්‍රතික්ශේප කිරීම සිදු නොකල යුතුය. එසේ පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු නොකොට හැම වදනක්ම, අකුරක්ම මනාව අධ්‍යනය කර සූත්‍ර හා විනය සමග සන්සන්දනය කර බැලිය යුතුය. එසේ නොගැලපෙන්නේනම් ඒකාන්තයෙන්ම මෙය බුද්ධ වචනය නොවේ යැයි, ඔබ විසින් ප්‍රතික්ෂේප කළ යුතුය. එය සූත්‍ර හා විනය සමග ගැලපේ නම් ඒකාන්තයෙන්ම එය බුද්ධ වචනය යැයි තීරණය කිරීමත් කළ යුතුමය. මෙය මාගේ තෙවන මහෝපදේශයයි… බුදුන් වහන්සේ දේශනා කළ සේක.

තවත් භික්ෂුවක් මෙසේද ප්‍රකාශ කළ හැකිය. අසවල් ආරාමයේ බොහෝ බහුශෘත වූ උගත් තෙරනමක් වෙසෙයි. ඒ තෙරුන්ගේ මුවින් ම මා මෙසේ අසා ග්‍රහනය කර ගතිමි., යැයි දේශනා කළහොත් එයද පිලිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුනොකළ යුතුය. එසේ පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු නොකොට හැම වදනක්ම, අකුරක්ම මනාව අධ්‍යනය කර සූත්‍ර හා විනය සමග සන්සන්දනය කර බැලිය යුතුය. එසේ නොගැළපෙන්නේ නම් ඒකාන්තයෙන්ම මෙය බුද්ධ වචනය නොවේ යැයි, ඔබ විසින් ප්‍රතික්ෂේප කළ යුතුයි. එය සූත්‍ර හා විනය සමග ගැලපේ නම් ඒකාන්තයෙන්ම එය බුද්ධ වචනය යැයි තීරණය කිරීමත් කළ යුතුමය. මෙය මාගේ සතරවන මහෝපදේශයයි… බුදුන් වහන්සේ දේශනා කළ සේක.

එසේ හෙයින්,

මහණෙනි… මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ට පමණි. එබැවින් එය මනාව පරිහරණය කරන්න. එසේ වුවහොත් ඔබ අමෘත මහා නිවනට ප්‍රවිශ්ඨ වන්නේය.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *