කරුණාව අවශ්‍ය කාටද ?

කරුණාව අවශ්‍ය කාටද ?

යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද? හේ මට උපස්ථාන කළා හා සමානය – බුදුන් වහන්සේ

මහා දුක්ඛ ගංගාවක් තුළ හෝ මරණය තුළ සිහි කැදවීම් කරන්නේ රෝගීන්‍ ය. කරුණාව පළමුව ඇවැසි වන්නේ රෝගීන්‍ටය. ඒ රෝගී අවස්ථාවේ දී සිත තුළ නැගෙන දෝමනස්සයන් ඇතැම් විට යහපත් කුසලයක් ඇති පුණ්‍යවන්තයකු පවා අපා දොර වෙත ගෙන යයි. කරුණාව තමන් තුළ ඇත්නම් තමන් සියල්ල (දුක්ඛිත ලෝක යථාර්තය ) ජයගන්නවා මෙන්ම අනිකාගේ දුක්ඛ දෝමනස්සයන්ද ජයගන්නට උපකාර කරයි.

අංගුලිමාලට මහා කරුණාවෙන් සුවපත් වීම සදහා (අධ්‍යාත්මය රෝගී වී ඇති නිසා ) උපකාර කළ බුදුන් වහන්සේගේ මහා කරුණා ගුණය තුළම යථාර්තය එළිපෙහෙළි කරමින් විශ්වය ජයගන්නා මගද කියාදුනි.

“අම්බපාලි” නම් නගර සෝභිනිය යථාර්තයේ හස්ථය දක්වමින් මහා කරුණා ගුණය ට නතු කරමින් රහත් මග දක්වා විශ්වය විවර කර දුනි.

හැම දුර්ජනයෙකු තුළම ශ්‍රේෂ්ඨත්වය සැගවී ඇත. ඒ ශ්‍රේෂ්ඨත්වය යම් මොහොතක එළියට ගත හැකිනම් එය කළ හැක්කේ “කරුණාව” ඒ සිත තුළට බලයක් ලෙස, ආරක්ෂාවක් ලෙස, අව්‍යාජව ලබා දීම තුළින් පමණි.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *