එදා… පස්වග යක්ෂයන් විය.

පුරාණ දඹදිව ඉතාමත් ධාර්මික රජ කෙනෙකු සිය රටෙහි රජකම් කලේය. අනෙකුත් රටවල රජවරුන් අතර අග්‍රගන්‍ය වූ මෙම රජතුමා, පරහිතකාමි බවින්, මෘදු බවින්. කරුණා බවින් හා සත්‍ය ගරුක බවින් අග තැන්පත් විය. ඉතාමත් ත්‍යාගශීලී වූ මෙම රජතුමා තම රට වැසියට මැනවින් අනුග්‍රහ දක්වමින් ශීලයෙහි හික්මෙන්නට අවශ්‍ය වාතාවරණය සකසමින් රජකම් කලේය. එබැවින් රජතුමාත් රට වැසියාත් ඉතා ධාර්මික විය. පස්පව් දස අකුසල් වලින් මිදුනු තම රට වැසියා සමග සතුටින් රාජ්‍ය විචාරමින් කල් යැවූහ.

කාලයාගේ ඇවෑමෙන් මිනිස් රුධිරයෙහි ලොල් වූ යක්ෂයින් පස්දෙනෙක් මෙම නගරයට පැමිණ කෑමක් නොමැතිව කල් ගෙවූහ. එයට හේතුව වූයේ රටෙහි හැම මිනිස් සත්වයාම තම තමන්ගේ ගුණ දහම් බලයෙන් පෝෂණය වී ඇති බැවිනි. යක්ෂයින්ම ඔවුන්ට මෙල්ල වීමට නොහැකි වීමයි. බඩගින්නේ හා පිපාසයෙන් බමුණු වෙස් ගෙන ඇවිදින යක්ෂයින් පස් දෙනා කෑලෑවකදී හණ ලණු අඹරන කොලුවකුගෙන් රටෙහි රජතුමාගේ දාන පරිත්‍යාගයන්ගේ ගුණය අසා වහාම එම රජු වෙත ගොස් කෑම ඉල්ලූහ. රජතුමාද නිර්මාංශ ආහාර වේලකින් බමුණන් ලෙස වෙස් වලා ගත් යක්ෂයින් පස් දෙනාට සංග්‍රහ කලත් ඔවුන් එය ප්‍රතික්ෂේප කල සත්‍යය හෙලි කලේය. මහරජතුමනි…. අපිට අවශ්‍ය රුධිරය හා මිනිස් මස්‍ ය යනුවෙන් ප්‍රකාෂ කරත්ම…. රජතුමා මෙසේ සිතීය….. මට ඉතා දුර්ලබ පරිත්‍යාගයක් කිරීමට අවකාශ ලැබී ඇත.

රජතුමා වහාම රාජ වෛද්‍යවරු කැදවා නහර පලා ඔවුන්ට රුධිරය ලබා දුනි.පිපාසාව නිම වන තෙක් රුධිරය බිවු යක්ෂයින් රජුගේ මුහුණ බැලීය. රජුගේ මුහුණ ප්‍රතාපවත්ව බැබලී ගියේය.

රජු ඉන් නොනැවතී තම රන් පැහැයෙන් යුත් ඇග මස් කපා යක්ෂයින්ට ආහාරයට දුන්නේය. මේ වන විට සිය කැමැත්තෙන්ම ඇග මස් කප කපා දෙන රජු ඉදිරියේ යක්ෂයින් භීතියෙන් ඇලලී ගියහ. අහෝ…… රජතුමනි….. අප ඔබ වහන්සේ වැනි උතුමෙකුගේ ලේ මස් බුදීය. අප මහත් අපරාධ‍යක් කලේය……යකුනි එසේ නොසිතව……යම් දිනක මා උතුම් බුදු පදවිය ලබන්නේය. ඒ සදහා පාරමිතා පුරන මාහට ඔබ පස් දෙනා කලේ උපකාරයක්මය. මා බුදු වූ දිනෙක ඔබ පස් දෙනාම පලමුව ඒ දහම් අමාව බෙදා දෙන්නෙමි….. එබැවින් යකුනි….. අකුසලයෙහි නොයෙදෙව්….. රජුගේ පිළිතුර විය.

මේ මහා පරිත්‍යාගයේදී මහ පොළව කම්පා විය. සක් දෙවිදු පැමිණිති. දිව්‍යමය ශක්තිය තුළින් ඔහු රජුට “රුහිරු” හා මාංශ ලබා දුනි. ප්‍රාණයෙන් නිරුද්ධ නොවූ රජතුමා තව තවත් පාරමී ගුණ දහම් පුරමින් රටවැසියා නිසි මග ගෙන ගියේය.

මේ පාරමී බල පිරූ රජතුමා අදාප දිවි හිමියෙන් අනුගමනය කරන ශ්‍රී සද්ධර්මය දෙසූ ලොවටම බුදු වූ ගෞතම බුදුන් වහන්සේය.මේ යක්ෂයින් පස් දෙනා අද……අප දන්නා…..පස්වග තවුසන්‍ ය.

බෝසතාණෝ.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *