දහම් සෙවන

වැරදි සිදුවිය හැක හැම දෙනෙකු හට……

අපහසු වුවද නිවරදි සිහිය පවතනු යුතුව ඇත……

නොවෙනස් සිහිය රදවා ගෙන හැමවිට…..

පෘතග්ජන බවින් මිදීමට වෙහෙසිය යුතුයි…..හැමවිට….

පාරමිතා පෙළහරක යනෙනවිට

අඩුපාඩු ඇතත් අප සැමට මහමෙරක් ලෙස….

එයම පාරමිතාවට ගොතාගෙන

සසර ගමනේ කෙළවර දකිනු මැන………

 

අත්තාහි අත්තනෝ නාථෝ

කොහී නාථෝ පරෝසියා

අත්නාච සුදන්තේත-නාථං

ලභති දුල්ලභං”……….

 

(තමාට පිහිට තමාම ය. අන්කවරෙක්නම් තමාට පිහිට වන්නේද? තමා මැනවින් හික්මුණු හිත දුර්ලබ වූ නිවනද? තමාට ලැබිය හැකිය.)

උතුම් පාරමිතා ගමනක පෙර ගමන් කරුවන් ලෙසටත්…. ගමන් මගෙහි මහා ප්‍රාර්ථනාවන් වූ රහත් මහරහත් ලෙස මේ ස්වභාව ධර්මයාට සත්‍ය හඩක් හෝ සුසුමක් ලෙස කෙතරම් යටි සිත තුලින්ම හඩගා කියන්න ඇත්ද? ඒ හඩට….. සුසුමට ඔබ සාදාරණත්වයක් ඉටු කරන්නේද? උත්සාහයක් හෝ ගන්නේද? හොදින් සිතන්න…. ඒ හඩට සුසුමට ඔබ බොරු කාරයෙකු වුවහොත් බුදු මගක ගමන් ගත හැකිද? රහත් වෙනවා යන්න සිතූ පරිදිම එය සිත තුල රදා ගැනීම ඉතා අපහසු කාර්යයකි. නමුත්, ටිකක් හිතන්න….. බුද්ධ සභා මණ්ඩපයක් කෙසේ වේද? මෙතෙක් කල් ඔබ ඒ ගැන සිතුවාද? එදාට සංසාර ගමනෙහි ප්‍රාර්ථනා කරමින් එන දෙමාපියන්,සහෝදරයන්, හිතමිතුරන්, සතුරන්, මේ සියල්ලක්ම මුණ ගැහේවි….. ඒ ඒ කෙනාගේ වාසානාව අවාසනාව කොට ගත් තවත් මනුෂ්‍ය ශරීරයක් හා යටපත් වුණු කුසල් සිත් සමගින්…. ගමන් මග ගත් කල්‍යාණ පිරිසක් හමුවේවි. එය අනාගතයෙහි සිතාගෙන සිටින සිද්ධි දාමයකි. අද (වර්ථමානයේ) අපගේ පාරමිතා ගමනෙහි වට පිටාවට නෙත යොමුකර බලන්න. අදටත් අපට මුණ ගැසී ඇත්තේ ගමන් මග යන උතුම් පිරිසක් බව සිතන්න.එසේවත්,සිතෙන්නටනම් රාග, මෝහ, ද්වේශ සීමා වූ සිතක් ගොඩනැගී තිබිය යුතුයි. එදා ගැන සිතන්න (අතීතය) සිට පැමිණි පිරිසක්ම අදත් මේ ගමනෙහි යම් සන්සිද්ධිස්ථානයකට වාසනාව….. අවාසනාව කර පින්නාගෙන මේ මොහොත දක්වා පැමිණ ඇත.

රාග, මෝහ, ද්වේශය ඉවත් වෙමින් අනාගතයෙහි බුද්ධ සභා මණ්ඩපය අදිටන් කරන්නා ඒ හමුවන පිරිස තම මගෙහි කල්‍යාණ මිත්‍ර පිරිසක් ලෙස සිතුවත් තවත් රාග, මෝහ, ද්වේශයෙන් සිතන්නා පවතින්නේ කොතනද යන්න සිතා ගත නොහැකි දෙයකි. එසේනම් අවබෝධයෙන් සිතන්න. උත්සාහ ගන්න. කලාතුරකින් හිමිවන මනුෂ්‍යභාවය යහපත් ගමන් මගක් සදහා පූජාවක් කරගන්න. බෝසත් උතුමෙකු පහල වීමත් උතුම් කල්‍යාණ මිත්‍ර සේවණයක් හිමි වීමත් විය සිදුරෙන් කණ කැස්බෑවෙකු අහස බලන්නාක් පරිද්දෙන්ම අපහසු අහඹු දෙයකි. මේ භවය තුළ ගමන් මගෙහි ගමන් ගැනීමේදී අපට හිමි වන හැමදේම අපහාස උපහාස, වේදනාව, සතුට ලැබිය යුතු දෙයකි. ඒ හා ගැටුනු යම් කර්මයන් අප තුළ පවතින බැවිනි. එය නොලැබිය යුතු දෙයක් බවට පත් කර ගැනීමටනම් සිහියෙන් යුතුව සමථය, විදර්ශනාවන් වැඩිය යුතුය. කර්මයන් ලෙස ගෙවීමට සිදුවන්නේ අල්ලා ගැනීමේ සිට තවත් කෙනෙකුට අනවබෝධයෙන් දුන් වේදනාවක් පීඩාවක් නිසාමයි. තවත් කෙනෙකු නිසා තවත් කෙනෙකුට ලැබෙන දෙයක්වත් නොලැබෙන දෙයක්වත් නැත.තමන් ගොඩ නගා ගත් රහත්, මහ රහත් වනවා යන්න සිතිවිල්ලේ සීමාව තුල යම් සත්‍යතාවක් ගොඩ නැගී ඇත්තේ නම් එයට බලපෑම් කිරීමට මේ ලොව කා හටවත් නොහැකිය.

එසේ නම් මේ භවය තුළ පිං රැස් කිරීමෙන් දෙවියෙකු වීමත්, කෙලෙස් යටපත් වීමෙන් බ්‍රහ්මයෙකු ලෙසත් වැඩි ආයුෂ ලබා ගනිමින් මේ 31 තලයෙන් ඉහළ තලයකට තම විඤ්ඤාණය ගමන් කරවිය හැක. එසේ කාමවචර භූමිය, රූපාවචර භූමි, අරූපාවචර භූමියන්ට වූ සිත් පසු කරමින් ලෝක විෂය ඉක්මවූ ලෝකෝත්තර භූමිය (කෙලෙස් ක්ෂය වූ පිනකින් හා පවකින් ඈත් වූ)

උතුම් ශුද්ධාවාස භූමිය දක්වා සිත ගමන් කරවීමට හැකියාව තිබිය යුතුය. එසේ 89ක් 121ක් වූ චිත්තයන් අභිබවා යෑමෙහි මහා වාසනාව හිමි වීමට තමන්ගේ වාසියට නොවුණු අන් සත්වයන් වෙනුවෙන්ම කැපවුණු මෙත් සිතක් තිබිය යුතුය. වර්ථමානය වනවිට තමන් කැප කරන ලද මොහොත පිළිබද සතුටක් ඇත්නම් එයැයි වාසනාව. උතුම් බෝසත් උතුමන්ට උතුම් බුද්ධත්වයම ලැබීමට ක්ෂණයක් ක්ෂණයක් පාසා ශක්තිය ධෛර්යය ලැබේවා!

ඖෂධී ලංකා කරුණාරත්න.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *