“බුදුන් වහන්සේගේ ජීවමාන කාලයේ ද” බමුණෝ මිනිසා මුලා කළෝය…

මිසදෙටු අදහස් ගෙන්හැර පාමින්

බුදුන් වහන්සේගේ ශ්‍ර්‍රී සද්ධර්මය හැම දහමකටම වඩා සුවිශේෂ ය, ගාම්භීරය. එසේ වීමට හේතු වූ කාරණා අතර සුවිශේෂී වන්නේ සම්මා දිට්ඨිය තුළ අවබෝධතා ඥානය ගොනුකර ගැනීම හා ඒ තුළම දහම තේරුම් ගැනීමට බුදුන් වහන්සේ විසින්ම අවස්ථාව සලසා දීමයි. බාහිරව පෙනෙන ප්‍රපංචයක මුල්බැස ගනිමින් යමක් පිළිගැනීමට වඩා තමා බුද්ධි ගෝචර කරගැනීමේ මගක් තම සිත තුළ අවධිකර ගැනීමෙන් විනා වෙනයම් ලෙසකින් පිළිගැනීම, ප්‍රතික්ෂේප කිරීම ආදිය සිදු නොකරන ලෙස බුදු අවවාදයයි. අද බෞද්ධයා පෙළෙන ප්‍රශ්නයට ද පිළිතුර සෙවිය යුත්තේ මෙම උතුම් බුදු වදන  තුළින්මය. මුදල් පෙන්නා හෝ දුකක් ඇති තැන ව්‍යාජව උදව් උපකාර කරමින් මැවුම්කාරයකු, දෙවියකු ඕනෑම සිතක් තුළ තැන්පත් කිරීමට තරම් අඥාන සිත් හැමවිටම ඇති කරන්නට මාන බලන ඊනියා දහම් ප්‍රචාරක කණ්ඩායම් තුළට හැකි වී ඇත්තේ ද මේ “බුද්ධි ගෝචර” සිත් වර්ධනය කරගැනීම හා ඒ තුළින් යථාර්තය දැකීමේ ක්‍රමවේදය බෞද්ධයා අතර නොමැති නිසාම ය.

බුදුන් වහන්සේ ගේ ජීවමාන කාලයේදී  “කාලාම” නමින් ප්‍රසිද්ධව සිටි අයකු බුදුන් වහන්සේ හමුවට පැමිණ සැලකල  ආරාංචිය තුළ බුදුන් වහන්සේ ඔහුට දුන් පිළිතුර තුළ මා විසින් ඔබට පවසන්නට උත්සාහ කරන ප්‍රස්තුතයට කදිම පිළිතුරක් තිබේ.

කාලාම :- බුදුන් වහන්ස… අපගේ නුවරට පැමිණෙන නොයෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තම තමන්ගේ ධර්මය ප්‍රමුඛ බව පවසන්නට තමාගේ ධර්මය හුවා දක්වමින් අනික් දහම් වලට මෙන්ම එම ශාස්තෘන්ට, අනුගාමිකයන්ට බොහෝ ගැරහීම්, අවලාද කියති. එබැවින් බුදුන්වහන්ස, අප බොහෝ ව්‍යාකූලත්වයට පත් වී සිටිති.

බුදුන් වහන්සේ :- කාලාම, ඔබ සැකයට, විමතියට පත් වී ඇති හේතුව සාධාරණය. එබැවින් කාලාමය ඔබ විසින් සැකයට තුඩු දිය යුතු කාරණාව තුළම විමතියට  ද පත් වී ඇත.

කාලාමයෙනි,

  • දිගු කාලයක් පුරා කිසිවක් තියාගෙන පැමිණි නිසා (අනුස්සවෙන)
  • සම්ප්‍රදායානුකූලව පිළිගෙන තිබුණ පමණින් (පරම්පරාය)
  • මෙසේ විය,මෙසේ වීය කියා කටකතා නිසා (ඉතිකිරාය)
  • පතපොතට එකගවන නිසා (පිටක සම්පදානේන)
  • තර්කානුකූල වූ පමණින් (නයහේතු)
  • බැලූ බැල්මට නිවැරදි යැයි පෙනෙන නිසා (ආකාර පරිචිත්තක)
  • කළින් ඇතිකරගත් මතවාද වලට ගැලපෙන නිසා (දිට්ඨි නිජ්ඣානක්ඛන්ති)
  • පිළිගැනීම යෝග්‍ය යැයි හැගෙන නිසා (භබ්බරූපතා)
  • මේ ශ්‍රමණයන් වහන්සේ අපේ ගුරුතුමාය (සමජෙනා නොගරූ)

ආදී දේ තුළ යමක් පිළිනොගන්න. මේ දේ අකුසල්‍ ය. මෙය සාවද්‍යය ප්‍රාඥයින් විසින් ගරහනු ලබන දේ ය. මේවා කළහොත් අනර්ථයට හා දුක පිණිස හේතු වේ යැයි ඔබටම වැටහෙන්නේ නම් ප්‍රතික්ෂේප කරන්න. මේ දේ කුසල්‍ ය. මේ දේ නිරවද්‍යය, ප්‍රාඥයින් විසින් ප්‍රශංසා කර තිබේනම් හා මේවා කළහොත් දියුණුව පිණිස හිත සුව පිණිස හේතුවන්නේ යැයි අවබෝධ වන්නේ නම් එය කරන්න. පිළිපදින්න. ඒ අනුව දෙලොව වැඩ සාදාගන්න.

තාපාච්ඡේදාච්ච නිකශාති

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *