භාවනා

භාවනා

මූලික භාවනා ආසන හතරකින් වැඩි දියුණු කරගත් භාවනා ආසන 12කින්ද, භාවනා මුද්‍රා 32කින්ද, ඒ භාවනා මුද්‍රා 32 තුළින් සමත හා විදර්ශනා භාවනා ක්‍රම 351කින්ද භාවනා කරන්නට කමටහන් 40කින්ද සමන්විත වන බුද්ධ භාෂිතයේ හරය අනුගමනය කරන්නේ අතේ ඇගිලි ගණන් තුනෙන් බෙදුවාටත් වඩා අඩු ප්‍රමාණයකි. බුද්ධ භාෂිතයේ නොයෙක් සූත්‍ර, අටුවා පෙරලමින් තමන් මහ භාවනා යෝගීන් ලෙස හුවා දක්වමින් මුද්‍රණය කර විකුණා කන නොයෙක් බඩ ගෝස්තරවාදීන්ගේ අඥාන භාවනා ක්‍රම තුළින් හෙම්ඹත් වී සිටින බොදු ජනයා තුළ සිත්හි ප්‍රබෝධයක් ඇති කරමින් නියම මග ගෙනයමින් ආර්යය මාර්ගය සනිටුහන් කරන මතු බුදු බව වෙනුවෙන් පාරමී පුරන බෝසතෙකු තමන් ලබා ගත් භාවනායෝගී බලය තුළින්ම සොයා ගත් භාවනා උපක්‍රම සෑම පොහෝ දිනකම 2000කට වැඩි පිරිසකට ලබා දෙන අයුරු දිනෙන් දින එහි “භාවනා” සද හා ඒකරාශී වන පිරිස තුළින්ම ගුණාත්මක බව මැනිය හැකිය. උතුම් බෝධි පාරමිතා පූර්ණය තුළම පෙර බෝසතුන් ගිය මගම යමින් පුද්ගලයා ශීලයෙහි, සමාධියෙහි, ප්‍රඥාවෙහි යොදමින් නිරාමිස බලාපොරොත්තුවෙන් සිදු කරන ඒ බෝසත් අසපුව දිනෙන් දින බුදුන් වහන්සේ වෙනුවෙන් පූජා කිරීමට සැකසීම එතුමන්ගේ කාය බලය තුළ මානසික බලය තුළම ගොඩනැගෙන ආකාරය කාගෙත් සිත් ගන්නේ හැම පොහොය දිනකම කුමක් හෝ අළුත් අංගයකින් අසපු භූමිය ගොඩනැගෙන ආකාරයයි. අලංකාර ධාතු මන්දිරයකින්, අලංකාර බුද්ධ ප්‍රතිමා, තව්තිසාවේ ආනුභාවය වූ සිළුමිණ සෑ රජුන්, භාවනා කුටි ආදියෙන් පෝෂණය වන සමාධි අසපුව තුළ ජීවය රදවන්නට පාරමී පුරන බෝසතුන්ගේ වචනයෙන්ම ඇසෙන දේ “භාවනා” අකුරු කරණයට යොදා ගත්තෙමි.

භාවනාව සිත සුවපත් කරන්නක් සදහාම යොදා ගත්තත් නිවැරදි භාවනා ක්‍රමය තුළ සිදුවන්නේ සිත මෙන්ම කය සුවපත් වීමයි. මිනිස සත්වයාගේ මොළය රාත්තල් තුනක් පමණ බරකින් මොළය තුළ ස්නායු සෛල බිලියන දස ලක්ෂ තිස් දහස පමණ රදවමින් මොළයේම නිර්නාල ග්‍රන්ථියක් වන ෆයිනීල් ග්‍රන්ථිය සමග සුසර වෙමින් සුසුම්නාව ඔස්සේ ලබා ගන්නා රුධිරයෙන් පෝෂණය වෙමින් සිතිවිලි ආවේග ෆයිනීල් ග්‍රන්ථිය සමග විද්‍යුත් සංඥාවන් ලෙස ක්‍රියාත්මක කරමින් පවතී. මෙතරම් ප්‍රමාණයක් මොළයේ සෛල තිබුණත් සාමාන්‍ය ලෞකික ජීවිතය පස්කම් රස විදිමින් ජීවත් වන පුද්ගලයාගේ එම සෛලවලින් වැඩට ගන්නේ 0.5% පමණ ප්‍රමාණයකි. වැඩිම ප්‍රමාණයක් ක්‍රියාත්මක නොවේ. මිනිසා මෙතරම් සුළු සෛල ප්‍රමාණයක් තුළ මෙතරම් දේ කරන්නේ නම් වැරදීමකින් හෝ මේ සෛල වැඩියෙන් ක්‍රියාත්මක වූවේ නම් එය වැරදී ආකාරයට යෙදවූයේ නම් විනාශයද එතනමය. නමුත් සිත සමාධියට වෙර වෑයම් කරන යෝගියෙකු තම සිතෙහි බලය යොදවන්නේ වැඩදායක දෙයකටමය. එබැවින් යම් අයෙකු සමාධිය වඩමින් සිදු කරන භාවනා තුළදී තම මොළයේ සෛල උද්දීපනය කර ගනිමින් විශ්වයම දැකීමේ මට්ටමට ළගා කරගත හැකිය. පද්මාසනය, වීරාසනය, භද්‍රාසනය, ස්වස්ථික දණ්ඩාසන, සෝපාශ්‍රය, පර්යංක, කෞඤ්ච, නිෂදන, හස්ථි නිෂදන, උෂ්ඨ නිෂදන, සමසසෙථාන, ස්ථිර සුවච යනුවෙන් භාවනා ආසන දොළහක් සකසා ගෙන තිබුණත් බුදු, පසේ බුදු, මහරහතුන්, රහතුන් තම ගමන් මග උතුම් ලෙස නිර්වාණය තුළින් නිමා කළේ ආසන සතරකට අනුව භාවනා කරමිනි.

භාවනා කරන ඔබට ඉහත කාරණා තුළ ඉගෙන ගත යුත්තක් තිබේ. මොළයට නිවැරදිව රුධිරය ගමන් නොකරනවානම් ඔබගේ සමාධිය කිසිසේත් නොවැඩේ. එබැවින් කය ඍජුව තබා ගැනීමට හිද ගෙන සිටින විට ඇති වන අපහසුතාවයන් දරා ගැනීමට ඔබට ශක්තියක් ධෛර්යයක් අවශ්‍යමය. එය ප්‍රගුණ කළ යුතුමය. ඔබ යමකට බර දී ඇත්නම් ඇලවී වකුටු වී බෙල්ල නැවෙන සේ හිදිමින් භවුන් වඩත්නම් ඔබගේ මොළය තුළින් අනෙක් අවයව වලට යොදවන සංඥා නවතා ගනිමින් අවයව පාලනයේ දුර්වලතා සමගම ඔබ සමාධියට නොසුදුස්සෙකු බවට පත්වේ. එබැවින් හොදින් සිතන්න… අපහසු දේ ජය ගන්නට උත්සාහ කරන්න… ඔබ රහත් වී නිවන් දකින්නට නම් දස සංයෝජන ඉවත් කිරීමට පෙර, පෙර සසර තුළදී පාරමිතා දහයක්ම පූර්ණ කළ යුතුමයි. වීර්යය, අධිෂ්ඨානය, ඒ පාරමිතා දහය තුළින්ම ප්‍රබල පාරමිතා දෙකක් බව මතක් කරගන්න. නමුත් ඔබ සිතන්නේ… අපි රෝගීන්… ඉතින් කොහොමද එකතැනක වාඩි වී ඉන්නේ… උත්සාහ කරන්න… පද්මාසන, වීරාසන බැරි වුණාට නොනිදා, නොඇලවී කය ඍජුව තබා ගත හැකි ක්‍රමයෙන් ඔබට සොයා ගත හැකිය… හොදින් සමාධිය වැඩුණු පසු ඔබටත් භාවනා ආසනයක් යොදා ගත හැකිය.

වඩා යෝග්‍යයි… මතු සදහන් ක්‍රම තුළ පළමුවැන්න හා දෙවැන්න… අනෙක් ක්‍රම තුළින් මුලට එන්න උත්සාහ කරන්න…

  1. පාද දෙක නවා පතුල් බිමට සම්බන්ධ නොවන සේ පතුල් දෙකම අහසට සමාන්තරව තබා ගැනීම එනම් දකුණු පාදය වම් කළවා මතත් වම් පාදය දකුණු කළවා මතත් සිටින සේ තබා ගැනීම මෙය පද්මාසනය, එරමිණියා ගොතා ගැනීම නම් වලින් හදුන්වයි.
  2. එක් පාදයක් නවා අනෙක් පාදයේ කළවා මත තබා ගනිමින් අනෙක් පාදය කලින් නැමූ පාදයට යටවන සේ තබා ගැනීම. එවිට එක් පාදයක් පමණක් පතුල බිමට සිටී. එය වීරාසනය නමින් හදුන්වයි.
  3. පාද දෙකම නවා පිටිපතුල් පොළවට සිටින සේ තබා ගැනීම එවිට යටි පතුල් කළවා මත තිබෙණු දැකිය හැකිය. එය සාමාන්‍යයෙන් ඕනෑම අයෙකුට පහසු නිතරම දෙවේලේ හිදගන්නා ක්‍රමයකි.
  4. කාන්තාවන් භාවනා කරන සදහන් කිරීම වටී. එක් පාදයක් නවා තබාගෙන අනෙක් පාදය පිටුපසට නවා දිගහැර ගැනීම. එවිට යෝගියා මදක් ඇලවී සිටිනු දැකිය හැකිය වරදක් දැඩි ලෙස නොතිබුණත් ශරීරයේ සමතුලිතය නැති විය හැකි බැවින් ඉරියව් වෙනස් කිරීමට වුවමනා වීම බාධාවක් විය හැකිය.
  5. ඔබ පාද වල තුනටියේ ආදී අස්ථි රෝගාබාධ වලට ලක් වී ඇති අයෙකු නම් කය ඍජුව තබා ගත හැකි පරිදි යමකට හාන්සි වී පාද ඉදිරියට දිග හැර භාවනා කළ හැකිය.

මතක තබා ගන්න… ඔබ සුදුසු ආසනයක භාවනාවට පුරුදු පුහුණු වීමත්, මේ වන විට සමාධියට ප්‍රවිශ්ට වීමත් සිදුව ඇත්නම් මුද්‍රා 32කින් භාවනා ක්‍රම 357කින් යුත් මහා ධර්මතාවයක ඔබටම ගැළපෙන මුළු මහත් විශ්වයේම විශ්ව ශක්තියම සුසර කරගත හැකි ක්‍රම සුමග සමාධි අසපුවෙන් ප්‍රයෝගිකව පමණක් ලබා ගත හැකිය. හේතුව උතුම් යෝගියා තම නිවන් අරමුණ සදහා යෝගී ජීවිතය ගෙවයි. තණ්හාව පොදි බැදගත් ලෝභියා.. එවැනි දෑ සටහනක හෝ දුටුවහොත් විකුණාගෙන කයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

3 thoughts on “භාවනා

  1. බෝසත්තුමනි කසින භාවනා ගැන හා උපචාරයෙන් එහාට සිත දියුණු කිරීම ගැන ලිපියක් බලාපොරොත්තු වෙමි

Leave a Reply to Dinuka Salwathura Cancel reply

Your email address will not be published. Required fields are marked *