භාවනා…

මූලික භාවනා ආසන හතරකින් හා කමටහන් 40ක් තුළින් වැඩි දියුණු කරගත් භාවනා ආසන දොළහකින්ද, භාවනා මුද්‍රා තිස් දෙකකින්ද, ඒ භාවනා මුද්‍රා තිස් දෙක තුළින් සමත හා විදර්ශනා භාවනා ක්‍රම තුන්සිය පනස් එකකින්ද සමන්විත වන බුද්ධ භාෂිතයේ හරය අනුගමනය කරන්නේ අතේ ඇගිලි ගණන තුනෙන් බෙදුවාටත් වඩා අඩු ප්‍රමාණයකි. බුද්ධ භාෂිතයේ නොයෙක් සූත්‍ර,අටුවා පෙරළමින් තමන් මහා භාවනා යෝගීන් ලෙස හුවා දක්වමින් සූත්‍ර මුද්‍රණය කර විකුණා කන නොයෙක් බඩගෝස්තරවාදීන්ගේ අඥාන භාවනා ක්‍රම තුළින් හෙම්බත් වී සිටින බොදු ජනයා තුළ සිත් හි ප්‍රබෝධයක් ඇති කරමින් නියම මග ගෙන යමින් ආර්ය මාර්ගය සනිටුහන් කරන මතු බුදුබව වෙනුවෙන් පාරමී පුරන බෝසතෙකු තමන් ලබාගත් භාවනානුයෝගී බලය තුළින්ම සොයාගත් භාවනා උපක්‍රම සෑම පොහොය දිනකම 4000කට වැඩි පිරිසකට ලබා දෙන අයුරු දිනෙන් දින එහි භාවනා සදහා ඒකරාශී වන පිරිස තුළින්ම ගුණාත්මක බව මැනිය හැකිය. උතුම් බෝධි පාරමිතා පූර්ණය තුළම පෙර බෝසතුන් ගිය මගම යමින් පුද්ගලයා ශීලයෙහි, සමාධියෙහි ප්‍රඥාවෙහි යොදවමින් නිරාමිස බලාපොරොත්තුවෙන් සිදු කරන ඒ බෝසත් අසපුව දිනෙන් දින බුදුන් වහන්සේ වෙනුවෙන් පූජා කිරීමට සැකසීම එතුමන්ගේ කාය බලය තුළ මානසික බලය තුළම ගොඩනැගුන ආකාරය කාගේත් සිත් ගන්නේ හැම පොහොය දිනකම කුමක් හෝ අළුත් අංගයකින් අසපු භූමිය ගොඩනැගෙන ආකාරයෙනි. අලංකාර ධාතු මන්දිරයකින්, අලංකාර බුද්ධ ප්‍රතිමා, තව්තිසාවේ ආනුභාවය වූ සිළුමිණි සෑ රජුන්, සළුමිණ සෑ රජුන්, භාවනා කුටි ආදියෙන් පෝෂණය වන සමාධි අසපුව තුළ ජීවය රදවන්නට පාරමී පුරන බෝසතුන්ගේ වචනයෙන්ම ඇසෙන දේ “භාවනා” අකුරුකරණයට යොදා ගත්තෙමි.

භාවනාව සිත සුවපත් කරන්නක් සදහාම යොදා ගත්තත් නිවරදි භාවනා ක්‍රමය සිදු වන්නේ සිත මෙන්ම කය සුවපත් වීමයි. මිනිස් සත්වයාගේ මොළය රාත්තල් තුනක් පමණ බරකින් මොළය තුළ ස්නායු සෛල බිලියන දස ලක්ෂ 30000 පමණ රදවමින් මොළයේම නිර්නාල ග්‍රන්ථියක් වන ෆයිනීල් ග්‍රන්ථිය සමග සුසර වෙමින් සුෂුම්නාව ඔස්සේ ලබා ගන්නා රුධිරයෙන් පෝෂණය වෙමින් සිතිවිලි ආවේග ෆයිනීල් ග්‍රන්ථිය සමග විද්‍යුත් සංඥාවන් ලෙස ක්‍රියාත්මක කරමින් පවතී. මෙතරම් ප්‍රමාණයකින් මොළයේ සෛල තිබුනත් සාමාන්‍ය ලෞකික ජීවිතය පස්කම් රස විදිමින් ජීවත් වන පුද්ගලයාගේ එම සෛල වලින් වැඩට ගන්නේ 0.5% පමණ ප්‍රමාණයකි.වැඩිම ප්‍රමාණ‍යක් ක්‍රියාත්මක නොවේ. මිනිසා මෙතරම් සුළු සෛල ප්‍රමාණයක් තුළ මෙතරම් දේ කරන්නේ නම් වැරදීමකින් හෝ මේ සෛල වැඩියෙන් ක්‍රියාත්මක වූයේනම් එය වැරදි ආකාරයට යෙදවූයේ නම් විනාශයද එතනමය.නමුත් සිත සමාධියට වෙර වෑයම් කරන යෝගියෙකු තම සිතෙහි බලය යොදවන්නේ වැඩ දායක දෙයකටම පමණි. එබැවින් යම් අයකු සමාධිය වඩමින් මොළයේ සෛල උද්දීපනය කරගනිමින් විශ්වයම දැකීමේ මට්ටමට ළගා කරගත් හැකිය.පද්මාසනය, වීරාසනය,භද්‍රාසනය, ස්වස්ථික දණ්ඩාසනය, සොපාශ්‍රය, පර්යංක, කෞඤ්ච නිෂදන, හස්ති නිෂදන, උෂ්ඨ නිෂදන, සමසසෙථාන, ස්ථිර සුච යනුවෙන් භාවනා ආසන 12ක් සකසා ගෙන තිබුනත් බුදු, පසේ බුදු,මහ රහතුන්, රහතුන් තම ගමන් මග උතුම් ලෙස නිර්වාණය තුළින් නිමා කලේ ආසන සතරකට අනුව භාවනා කරමිනි.

භාවනා කරන ඔබට ඉහත කාරණා තුළ ඉගෙන ගත යුත්තක් තිබේ. මොළයට නිවැරදිව රුධිරය ගමන් නොකරනවානම් ඔබගේ සමාධිය කිසිසේත් නොවැඩේ. එබැවින් කය ඍජුව ලබා ගැනීමට හිදගෙන සිටින විට ඇති වන අපහසුතාවයන් දරා ගැනීමට ඔබට ශක්තියක් ධෛර්යයක් අවශ්‍යමය. එය ප්‍රගුණ කළ යුතුමය. ඔබ යමකට බර දී ඇත්නම් ඇලවී වකුටු වී බෙල්ල නැවෙන සේ හිදිමින් බවුන් වඩත්නම් ඔබගේ මොළය තුළින් අනෙක් අවයව තුළට යොදවන සංඥා නවතා ගනිමින් අවයව පාලනයේ දුර්වලතා සමගම ඔබ සමාධියට නුසුදුස්සෙකු බවට පත්වෙයි. එබැවින් හොදින් සිතන්න… අපහසු දේ ජය ගන්නට උත්සාහ කරන්න… ඔබ රහත් වී නිවන් දකින්නටනම් දස සංයෝජන ඉවත් කිරීමට පෙර, පෙර සසර තුළදී පාරමිතා 10ක්ම පූර්ණ කළ යුතුමයි.වීර්යය අධිෂ්ඨානය ඒ පාරමිතා 10 තුළින් ප්‍රබලම පාරමිතා 02ක් බව මතක් කරගන්න. නමුත් ඔබ සිතන්නේ… අපි රෝගීන්… ඉතින් කොහොමද එක තැනක වාඩි වී ඉන්නේ… උත්සාහ කරන්න… පද්මාසන, වීරාසන, බැරි වුණාට නොනිදා, නොඇලවී කය ඍජුව තබා ගත හැකි ක්‍රමයක් ඔබට සොයා ගත හැකියි… හොදින් සමාධිය වැඩුණ පසු ඔබටත් භාවනා ආසනයක් යොදා ගත හැකිය.

වඩා යෝග්‍යයි… මතු සදහන් ක්‍රම තුළ පළමුවැන්න හා දෙවැන්න… අනිත් ක්‍රම මුලට එන්නට උත්සාහ කරන්න…

  1. පාද දෙක නමා පතුල් බිමට සම්බන්ධ නොවන සේ පතුල් දෙකම අහසට සමාන්තරව තබා ගැනීම එනම් දකුණු පාදය වම් කලවා මතත් වම් පාදය දකුණු කලවා මතත් සිටින සේ තබා ගැනීම මෙය “පද්මාසනය” එරමිණියා ගොතා ගැනීම නම් වලින් හදුන්වයි.
  2. එක් පාදකයක් නවා අනික් පාදයේ කලවා මත තබා ගනිමින් අනික් පාදය කලින් නැමූ පාදයට යටවන සේ තබා ගනී, එවිට එක් පාදයක් පමණක් පතුල බිමට සිටී. එය “වීරාසනය” නමින් හදුන්වයි.
  3. පාද දෙකම නවා පිටි පතුල් පොළවට සිටින සේ තබා ගැනීම, එවිට යටි පතුල් මත කලවා තිබෙණු දැක්ක හැකිය. එය සාමාන්‍යයෙන් ඕනෑම අයකුට පහසු නිතර දෙවේලේ හිද ගන්නා ක්‍රමයකි.
  4. කාන්තාවන් භාවනා කරන ක්‍රමයක්ද සදහන් කිරීම වටී. එක් පාදයක් නවා තබා ගෙන අනික් පාදය පිටුපසට නවා දිග හැර ගැනීම. එවිට යෝගියා මදක් ඇලවී සිටිනු දැක්ක හැකිය. වරදක් දැඩි ලෙස නොතිබුනත් ශරීරයේ සමතුලිතය නැති විය හැකි බැවින් ඉරියව් වෙනස් කිරීමට උවමනා වීම බාධාවක් විය හැකිය.
  5. ඔබ පාදවල තුනටියේ ආදී අස්ථි රෝගාබාධ වලට ලක් වී ඇති අයෙකුනම් කය ඍජුව තබා ගත හැකි පරිදි යමකට හාන්සි වී පාද ඉදිරියට දිග හැර භාවනා කළ හැකිය.

මතක තබා ගන්න… ඔබ සුදුසු ආසනයක භාවනාවට පුරුදු වීමත්… මේ විට සමාධියට ප්‍රවිශ්ට වීමත් සිදුව ඇත්නම්… මුද්‍රා 32කින් භාවනා ක්‍රම 357කින් යුත් මහා ධර්මතාවයක ඔබටම ගැලපෙන මුළු මහත් විශ්වයේම විශ්ව ශක්තිය සුසර කරගත හැකි ක්‍රම සුමග සමාධි අසපුවෙන් ප්‍රායෝගිකව පමණක් ලබා ගත හැකිය. හේතුව උතුම් යෝගියා තම නිවන් අරමුණ සදහා යෝගී ජීවිතය ගෙවයි. තණ්හාව පොදි බැදගත් ලෝභියා… එවැනි දෑ සටහනක හෝ දුටුවහොත් විකුණාගෙන කයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *