අෂ්ඨ මහා පුරුෂ විතර්ක

අෂ්ඨ මහා පුරුෂ විතර්ක

දිනයේ බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ හිමියන් ඇතුළු සගරුවන සමග සුංසුමාරගිරි හේසකලා වනයට වැඩම කොට විවේක සුවයෙන් වැඩ සිටි සේක. ගසක් මුල සමාධි සුවයෙන් වැඩසිටි අනුරුද්ධ හාමුදුරුවන්ට මේ කාරණා හත සිහියට නැගුණි.

  • මේ ධර්මය අල්පේච්ඡයාටයි. මහේච්චයාට නොවේ.
  • මේ ධර්මය යථාලාභ සන්තෘෂ්ටි ගුණය ඇති කෙනාටයි. ලද දෙයින් සතුටු වන්නාටයි.
  • මේ ධර්මය කාය චිත්ත විවේකය ඇති කෙනාටයි. සමාජයෙහි නිතර ගැටෙන කෙනාට නොව
  • මේ ධර්මය උත්සාහස ඇති කෙනාටයි. කුසීතයාට නොවේ.
  • මේ ධර්මය එළඹ සිටි සිහිය ඇති කෙනාටයි. මේ දහම නැවත ආවර්ජනය කළ යුතුයි.
  • මේ ධර්මය සිතෙහි ඒකාග්‍රතාවය ඇති කෙනාටයි. සිත විසිරුණු කෙනාට නොවේ.
  • මේ ධර්මය ප්‍රඥාවන්තයාටයි. මෝඩයාට නොවේ.

මාගේ ආමාමෑණියන් වහන්සේ මෙන්න මේ කාරණා හත මට සිතට වැටහුණා ස්වාමීනී. බුදුරජාණන් වහන්ස මේ කාරණා හත දරාගත් සිතට ධ්‍යාන සුව පහසුවෙන් ලැබිය හැකි නේද?

ඔහු අනුරුද්ධ ඔය විතර්ක හත හරි. මම තව එකක් ඔය විතර්ක හතට එකතු කරනවා. තණ්හා, දිට්ඨි, මාන නැති කෙනාටයි මේ ධර්මය. විතර්ක අටයි. අනුරුද්ධ මේවා අෂ්ඨ මහා පුරුෂ විතර්කයි.

මේ ආකාරයෙන් මාගේ ධර්මය දකින කෙනාට පහසුවෙන් ධ්‍යාන ලැබිය හැකිය. ලද දෙයින් සතුටු වීම, යථා ලාභ සන්තෘෂ්ඨි ගුණය ලැබිය හැක. අල්පේච්ඡ ජීවිතය ගත කරන කෙනා ඒ බව උවමනාවෙන් අන් අයට නොඇගවිය යුතුය. එහෙම ඇගවීම කළහොත් තණ්හා, දිට්ඨි, මාන ඇති විය හැකිය. විතර්ක හතට අටවන විතර්කය මා අනුදනිමි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමට අල්පේච්ඡතාවය කාය, චිත්ත, විවේකය, උත්සාහය, යෝනිසෝ මනසිකාරය, සිතෙහි ඒකාග්‍රතාව, ප්‍රඥාව අවශ්‍යමයි. අනුරුද්ධ කියා බුදුරජාණන් වහන්සේ සුංසුමාරගිරි හේසකලා වනයේදී අනුරුද්ධ සූත්‍රය දේශනා කළ සේක. අනුරුද්ධ ස්වමීන් වහන්සේට ඒ දේශනාව මහත් ලාභයක් විය.

  • ඔබ පළමුව ආදරය කරන්න ඔබටම.
  • ඔබ සිතන්න යහපත් සිතිවිල්ලක්.
  • ඔබ අහන්න දෙලොව වැඩ පිණිස මිහිරි දෙයක්.
  • ඔබ හිනැහෙන්න සමච්චලයට අවඤාවට නොව අවංක සිනාවක්.
  • ඔබ කතා කරන්න අනුන් බිදුවන වචනයක් නොව සැනසෙන වචනයක්.
  • ඔබ බලන්න සිත විකෘති නොවන ලස්සන දෙයක්.
  • ඔබ දෙන්න යමෙකුට හොද දෙයක්.
  • ඔබ කන්න කයට හිතකර අහරක්.
  • ඔබ යන්න නිවැරදි ගමනක්.
  • ඔබ යමෙකුට උදව් කරන්න. තණ්හා, දිට්ඨි, මානයෙන් තොරව.
  • ඔබ අවංක වෙන්න පළමුව ඔබටම.
  • ඔබ නිදන්න බුදු ගුණ සිහිකර සුවැති නින්දක්.
  • ඔබ අවධි වෙන්න අද ඉපදුණු අයෙකු මෙන්.

 

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *