අෂ්ඨ මහා පුරුෂ විතර්ක

අෂ්ඨ මහා පුරුෂ විතර්ක

දිනයේ බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ හිමියන් ඇතුළු සගරුවන සමග සුංසුමාරගිරි හේසකලා වනයට වැඩම කොට විවේක සුවයෙන් වැඩ සිටි සේක. ගසක් මුල සමාධි සුවයෙන් වැඩසිටි අනුරුද්ධ හාමුදුරුවන්ට මේ කාරණා හත සිහියට නැගුණි. මේ ධර්මය අල්පේච්ඡයාටයි. මහේච්චයාට නොවේ. මේ ධර්මය යථාලාභ සන්තෘෂ්ටි ගුණය ඇති කෙනාටයි. ලද දෙයින් සතුටු වන්නාටයි. මේ ධර්මය කාය චිත්ත විවේකය ඇති කෙනාටයි. සමාජයෙහි නිතර

වස් විසීම

වස් විසීම

මේ වැසි කාලයයි. බෞද්ධ ඉතිහාසයේ ඇති දීර්ඝ කාලයක් තිස්සේ වැසි කාලය තුළ භික්ෂූන් වහන්සේ “වස් විසීමේ චාරිත්‍රය” පවත්වනු ලබයි. “වස් විසීම” යන්නෙහි තේරුම වැසි කාලයේ ජනපද චාරිකාවේ නොයෙදී කිසියම් ආරාමයක වැඩ සිටිමින් කල් ගත කිරීමයි. පැරණි භාරතයේ බොහෝ ශ්‍රමණ පිරිස් චාරිකාවේ යෙදෙමින් ආගමික ජීවිතයක් ගත කළහ. එය ගිහි පිරිසගේ ජීවිත සැපවත් කරනු සදහා වූ උතුම්