ආලාර කාලාම තවුසාණන් හමුවීම

ආලාර කාලාම තවුසාණන් හමුවීම

එකල ඉන්දියාවේ නොයෙක් ආකාරයෙන් තපස් වෘත රකිමින් මෝක්ෂය සෙවූ තවුස්වරු සිටියහ. අනුත්තර වූ ශාන්තිය සොයායෑමේ ගමන්මග නගරයක් නගරයක් පාසා ගමන් කරමින් සිදුහත් තවුසා ආලාරකාලාම නම් සුප්‍රකට වූ තවුස්වරයෙකු වෙත එළඹීය. ආලාර කාලාම දත් ධර්මය මැනවින් ප්‍රගුණ කොට නොබෝ දිනයකදී අවබෝධ කරගත්තේය. ඒ ධර්මය තුළ සිදුහත් තවුසා සෙවූ යථාර්තය ගැබ් වී නොමැති බව අවබෝධ කරගත් සිදුහත් තවුස් තෙමේ ආලාර කාලාම හමු වී ප්‍රශ්නයක් නැගීය. “කාලාමයන් වහන්ස, ඔබ විසින් අවබෝධ කරගත් මෙම ධර්මය විනයෙහි පරමාර්ථ සාධනය කොතෙක්ද?” ඒ තුළ ලැබිය හැකි ඵළය කිමෙක්දැයි විචාලේය. එවිට “කාලාම” ප්‍රකාශ කරනුයේ උසස් ධ්‍යානයක් වූ ආකිඤ්චඤ්ඤායතනය තමා ලබාගෙන ඇති බව පැවසීය. ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව ඇතිනම් කාලාමයන්ට මෙන්ම මටද ඒ මග ලබාගත හැකිබව අවබෝධ කරගත හැකි යි සිතූ සිදුහත් තවුසාණෝ තමන් ළග එහි අරුත ඕනෑවට වඩා ඇති බව අවබෝධ කරගනිමින් ඒ උසස් තත්ත්වය තමන් සන්තක කරගැනීමට ගත් උත්සාහය ක්ෂනයකින් මල්ඵල ගැන්විනි.සමාධිය, දැහැන, ධ්‍යානය, අභිඥාව වූ තුළ අරූපාවචර සතරවන ධ්‍යානයේ පිහිටමින් ආකිඤ්චඤ්ඤායතනය ධ්‍යානයට ප්‍රවිශ්ට විය.එහිද ඇති ඵලයක් ඵල විමුක්තියක් නොදුටු සිදුහත් තවුසාණෝ ආලාරකාලාමයන් ළගට ගොස් “කාලාමයන් වහන්ස, ඔබ විසින් අවබෝධ කරගත් ධර්මය මාද අවබෝධ කරගත්තෙමි.” යැයි පැවසීය. කිසිදු පැකිලීමකින් තොරව තම ශිෂ්‍යයාගේ විජයග්‍රහණය ගැන සතුටු වූ කාලාමයෝ සිදුහත් බෝසතුණ්ට ස්තූති ප්‍රශංසා කර හැම අතින්ම ඔබ මට සමානයි. එන්න බ්‍රහ්මචාරී මිත්‍රය… අපි දැන් මෙම පිරිසේ නායකත්වය සම සේ දරමු. ” යැයි ආරාධනා කළේය. දුක්ඛ නීරෝධය හෝ සම්බෝධිය, නිර්වාණය ඇති නොවන ධර්මයක නායකත්වය දරන්නට අකැමැති වූ සිදුහත් තවුසාණෝ ඒ නිහතමානී ගුරුවරයාගෙන්ද සමුගෙන පරම විමුක්තිය සොයන්නට නැවත ගමන් ඇරඹීය.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *