යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද? හේ මට උපස්ථාන කළා හා සමානය – බුදුන් වහන්සේ
මහා දුක්ඛ ගංගාවක් තුළ හෝ මරණය තුළ සිහි කැදවීම් කරන්නේ රෝගීන් ය. කරුණාව පළමුව ඇවැසි වන්නේ රෝගීන්‍ටය. ඒ රෝගී අවස්ථාවේ දී සිත තුළ නැගෙන දෝමනස්සයන් ඇතැම් විට යහපත් කුසලයක් ඇති පුණ්‍යවන්තයකු පවා අපා දොර වෙත ගෙන යයි. කරුණාව තමන් තුළ ඇත්නම් තමන් සියල්ල (දුක්ඛිත ලෝක යථාර්තය ) ජයගන්නවා මෙන්ම අනිකාගේ දුක්ඛ දෝමනස්සයන්ද ජයගන්නට උපකාර කරයි.
අංගුලිමාලට මහා කරුණාවෙන් සුවපත් වීම සදහා (අධ්‍යාත්මය රෝගී වී ඇති නිසා ) උපකාර කළ බුදුන් වහන්සේගේ මහා කරුණා ගුණය තුළම යථාර්තය එළිපෙහෙළි කරමින් විශ්වය ජයගන්නා මගද කියාදුනි.
“අම්බපාලි” නම් නගර සෝභිනිය යථාර්තයේ හස්ථය දක්වමින් මහා කරුණා ගුණය ට නතු කරමින් රහත් මග දක්වා විශ්වය විවර කර දුනි.
හැම දුර්ජනයෙකු තුළම ශ්‍රේෂ්ඨත්වය සැගවී ඇත. ඒ ශ්‍රේෂ්ඨත්වය යම් මොහොතක එළියට ගත හැකිනම් එය කළ හැක්කේ “කරුණාව” ඒ සිත තුළට බලයක් ලෙස, ආරක්ෂාවක් ලෙස, අව්‍යාජව ලබා දීම තුළින් පමණි.