මිනිසා විසින් විදින්නා වූ දුක්ඛදායක දේ මෙන්ම සැපදායක දේ හෝ ප්‍රීතිදායක, මධ්ය්ස්ථාදායක වින්දනයට හේතුව මැවුම්කාරයා වන ඊශ්වර විසින් (මැවුම්කරු විසින්) මවා ඇති ආකාරයෙනි. එනම්, මිනිසා වනාහි දෙවියන් වහන්සේගේ කැමැත්තයි. ඔහුගේ අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් වෙයි. අපගේ ඉරණම, වාසනාව රැදී ඇත්තේ දෙවියන් වහන්සේය. මිනිසාගේ දෛවය ඔහු විසින් කල් ඇතිව තීරණය කර ඇත්තේය. මිනිසාට නිදහසේ හිතන්නට හා ක්රියාකරන්නට අවසර දී ඇත්තේය.
ඒ මහා බ්‍රහ්මයා (මැවුම්කරු) වෙනුවෙන් සිය අනුගාමිකයන්ට පොවන්නට පත අට එකට සිද පෙරා ඇති සුමිහිරි කෂායයි. බොන්න බොන්න ඇබ්බැහි වන මේ ක්ෂාය තුළ ඇබ්බැහි කාරකයක් පවතී. ඒ ඇබ්බැහිකාරකය මිනිසා නැමති තෘෂ්ණාවේ, ලෝභයේ, ද්වේශයේ ගැලෙන තම සත්වයාට තම ආත්ම පීඩාව මදකට හෝ සමනය කරගන්නට හේතුභූත වූ දෙයකි. සියල්ල දෙවියන්ට (මැවුම්කරුවාට) කැමති පරිදිය. අපි නිදහස් ය යන්න සිතන්නට අවකාශ ඇති තැන පවට පිනට තිතකි. නිතැතින් අප අමාමෑණී වූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
ලොවට මිනිසුන් සාධාරණ වන්නට හේතුවක් තිබේ. මිනීමරුවන්, හොරුන්, සල්ලාලයින්, බොරුකාරයින්, කේලාම්කාරයින්, පරුෂ වචන කියන්නත්, ප්රලාඵ දොඩන්නන්, විෂම ලෝභීන්, වෛර කරන්නන්, මිසදෙටුවන් ඇති වී තිබෙන්නේ ද ඇතිකර ඇත්තේද ඊශ්වර නිර්මාණය හේතුවෙනි. එබැවින් දෙවියන්ගේ කැමැත්තට ඉඩදී ඒවා කිරීමත්, දෙවියන්ගේ කැමැත්ත නිසා ඒවා කරන අයට හොද කිරීමත් නොකට යුතුය. ඒ ඊශ්වරගෙ කැමැත්ත නම් එයට ඉඩදිය යුතුය.
එසේ වුවහොත් … එවිට … බුදුන් වහන්සේ ඔබෙන් අසයි… පිළිගත හැකිද? එවැනි මැවුම්වාදයක්…
“දේවදහ” සූත්‍රයේදී… නිරුවත් නිගණ්ඨයින් අත්ථකිලමතානුයෝගය දැඩි ලෙස අනුගමනය කරන්නන් වෙයි. සත්ත්වයින් සැප හා දුක් විදින්නේ ඊශ්වර නිර්මාණය හේතුවෙන් නම්… දැඩි දුක් වේදනා විදින නිරුවත් තවුසන් මවා ඇත්තේ ඇයි? එසේ නම් මේ මැවුම්කාරුවා දැඩි කුරිරු ම්ලේච්ඡ අයකු නොවන්නේද?
අසරණ කුඩා දරුවන් මෙලොව එළිය දකින්නටත් පෙර මිය යයි. මෙලොව එළිය දැක මසකින්, වසරකින්, වසර කීපයකින් මිය යයි.හදිසි කරදර දුක් පීඩා එයි.ලෝකයත්, සත්වයිනුත් මැවූ මැවුම්කරු එසේ කරන්නේ ඇයි? සියලුදෙනා එක ආකාරයකින් මැවුවා නම් කොතරම් අගේද?විටින් විට නොයෙක් නොයෙක් ස්වරූපයෙන් මවා ඇති ආකාරය බලනවිට මැවුම්කරු පිස්සෙකි. අඥානයෙකි. සත්වයාගේ දුක් වේදනාවෙහි ඕජස ගන්න පිසාචයෙකි. එය එසේ නොවන්නේද? බුද්ධිමත් ඔබට කරන ඇරයුමයි… සිතන්න.
භූරිදත්ත ජාතකයෙහි බෝසතුන් වහන්සේ මහ බඹු ගැන මෙසේ කියයි.
“ඇස් තිබේ අප සැමට දුක් විදින හැටි බලන් මිනිස් සිත් ගතලෙසම එක විලස හිරකරන් ඇයිද මහ බඹු ඊට පිළිවෙතක් නොදෙන්නේ ලොව මවා හැම මවා ලබාගත් ඔහුගේ බල කොතරම්ම තරමකින් ඇතිද ඒ ලෙස කරන එවැනි බලයක් තිබෙන මහ බඹු ඇයි සෙතක් සතුන් හට නොදෙන්නේ ඇයි දුක්ම දෙවන්නේ සැපහසුවම නොදෙන්නේ ඇයිද ලොව සතුන්ට ම බොරු කීම වංචාව මෝහයේ ගිනිදැල්ල යුක්තියත් සත්‍යයත් පරාජය කරමින්ම පාපයම රජකරන දුර්ජනන් වැඩ වෙසෙන මේ ලොවම මැව්ව නම් මා මෙසේ තට කියමි පිස්සෙක් ය මොලය නැති නපුරෙක් ය මහ බඹු”
මහා බෝධි ජාතකයේ ද අප මහා බෝසතුන් මෙසේ විවරණය කරයි.
“මහ බඹුගේ සිරික්කිය… සිතූ සිතූ දේ කළ හැකි බලයක් ඇති දෙවියෙක් නම් හැම සතුනට සැප දුක ඔහු රිසි පරිදිම දේ නම් දනන් ලවා හොද වැඩ හා නරකත් ඔහු කරවයි නම් මිනිසා හුදු රූකඩයකි පව්කරුවෙකි මහ බඹු නම්”
ඇත්තම නේද? සිතූ සිතූ දේ කරමින් මහා බලයක් තුළින් මිනිසාට සත්වයාට සැප දුක ඔහුගේ කැමැත්ත පරිදි ලබා දෙනවානම් ඔහු ආත්මාර්ථකාමී ය. කොටසක් සැප විදින විට දුක් විදින කෙනා දිහා බලාගෙන සතුටු වන කාලකණ්ණි සැපයක් ඔහු ළග නොවන්නේද?මිනිසුන් ලවා හොද වැඩ නරක වැඩ කරවයිනම් ඔහු විසින්…. මිනිසා කරන්නේ මැවීම්කරුවාගේ කැමැත්ත මත නම්… පව් කරන මිනිසා රූකඩයෙකි.කරවන්නේ මැවුම්කරු වූ දෙවියා නම්… ඒ දෙවියා පව්කාරයෙකි.
එබැවින් ප්‍රඥාවන්ත මිනිසුනි, මංමුලා නොවන්න. අපාය, මිනිස් ලොව, බ්‍රහ්ම ලෝකය, දිව්‍ය ලෝකය මෙන්ම ඇතිවන, පවතින, නැතිවන ලෝකය, විශ්වය හා සක්වල ගැන ත් ඉපදී ඉපදී මැරෙන ලොව තුළ දුකට තිත තියන්නටත් නොබියව පියමනින්න. “සුමග” පින්බිම තෝතැන්නකි. මිනිසා මවන්නේ හෝ නිර්මාණය නොකරයි. මිනිසා විසින්ම දෙවියෙකු නිර්මාණය කරයි.