පිනෙන් අගතැන්පත්ව ඇති කතක් ඇත
රුවෙහි දෙවඟන පරදන රුවක් ඇත
ඇසෙහි දිදුලන මෙත් බවක් ඇත
සිරිය ගෙනෙන අගනා කතක් ඇත
ඒ පිනෙහි ඇති නොවෙනස් සිතක් ඇත
රුවෙහි සැඟවුණු රැකගත් පතිවතක් ඇත
සැම දෙන එකසේ සැලකූ බැති බර හදක් ඇත
යසෝධරාවන් වූ ගුණවත් ලඳුන් ඇත
බෝසත් සිත් ලෙසම එකසේ පැවතුමක් ඇත
ඉහිලූ දුක් ගැහැට මහ මෙරක් ලෙස
යසෝධරා ගුණයම මිහිමත අදත් ඇත
ඒ ගුණයට වඳිනා දෙවි බඹුන් ඇත
හැම භවයම ලොව හැම දරුවන් මාගේ යන්න සිතනු ඇත
ඉහිලූ බර සිතෙහි එලෙස බිම තබනු ඇත
පෙරුම් පිරූ භව වල පින් සිත් මතුව ඇත
යසෝධරා හැම සත්වයෝ පතනු ඇත
ඒ පිනැති බවම තව කතකගේ දුක නිවනු ඇත
යසෝදරා සිත හැම හට මෙත් සිත් පතුරවනවා ඇත
ඒ පින් සිතෙහි රාග, ද්වේශ, මෝහ ගිනි නිවනු ඇත
එවන් කතක් ලොව විරලය දැනගත යුතුව ඇත
මෙවන් සමාජ්යට එවැනි කතකගේ ගුණයම අවැසිවද ඇත
සුන්දර බවම ඇගේ සිරිය නොවනු බව කිව යුතුව ඇත
පිණැති…ගුණැති…නැණැති බවම ඒ සිරිය ගෙනෙනු ඇත
එවන් කතක් යසෝදරා වන බව නොරහසක් ව ඇත
ඖෂධී ලංකා කරුණාරත්න