යම් දෙයක් සිධියක්, පුද්ගලයෙක් පිලිබඳව අපතුල ඇති කරන පිළිගනීමත් විශ්වසය කෙනෙකුගේ මෙහෙයවීමෙන් හෝ අප විසින්ම ඇති කරගන්නක් විය හැක. ලෝකය තුළ නොයෙක් සබඳතා ගොඩනගී ඇත්තේ විශ්වසය පදනම් කරගෙනය. එහෙත් මෙම විශ්වාසය හරිද වැරදිද යන්න තීරණය කළ හක්කේ කාර්යභාරය මැනවින් ඉටු උවහොත් පමණි. මෙසේ තබන විශ්වාසය එක්තරා විදිහකට තැනක සිරවීමක් යැයි කෙනෙකුට සිතීමටද හැකියි. එසේ කියනුයේ ඉන් එහාට අපගේ විමසිලි බවක් නොවීමයි.
ජීවිත පැවැත්ම තුළින් අප නොයෙකුත් දේ පිළිබඳව විශ්වාසය ඇතිකර ගනී. බුදුදහමේ ආභාෂය ලැබීමට පෙර මෙරට වැසියන් ගස් ගල්, නාගයන් වැනි සතුන්, දෙවියන් වන්දනා කරමින් පුදපූජා පවත්වමින් ඒ මත විශ්වාසය තබා තම ධෛනික ජීවිතයේ නොයෙකුත් අපේක්ශා ඉටු කර ගැනීමට උත්සුක විය. ඉන්දියානු සමාජයේ යාග හෝම පිළිබඳව මහත් විශ්වාසයන් බ්‍රාහ්මණ ආගම තුළ පැවතිනි. සිය දහස් ගණන් සතුන් ගිණි දෙවියාට බිලිදුන් අතර රාජ අනුග්‍රහයද මේ සඳහා නොඅඩුව ලැබිණි. එහෙත් මෙහි හරි වැරැද්ද යහපත අයහපත හරි වැරැද්ද බව පිළිබඳ කිසිඳු සෙවීමක් කිසි විටෙකත් නොවිනි. අපද සමහර විට විමසිලි බවින් තොරව යථාර්ථයෙන් තොරව විශ්වාසයත් ගොඩනගා ගනී. සාමාන්ය පෙළ විභාගය සමත් වූ ආකාරයටම විශිෂ්ඨ ලෙස උසස් පෙළ ප්‍රතිඵලයද මහත් විශ්වාසයකින් යුතුව තබා ගනියි. එහෙත් මෙය පදනමක් නොමැතිව විමසිලි බවක් නොමැතිව ඇතිකරගන්නා විශ්වාසයකි. සාර්ථකත්වය පිළිබඳ විශ්වාසය තබාගැනීමට නම් එයට අදාලව කැපවීමකින් කටයුතු කර සිදු යුතුයි. එසේ නොවී පසුව පසුතැවීම සුදුසු නොවේ.
සමහර අවස්ථා වලදී තම දහම පිළිබඳවත් විශ්වාසයක් නොමැතිව වෙනත් ආගම් වැළදගන්නා බෞද්ධයන්ද උවමනා තරම් වෙයි. තරඟකාරී ලෝකය තුල ජීවිත පැවැත්ම සඳහා අරගලයක යෙදෙන බොහෝ දෙනා වරප්‍රසාද, තනතුරු, තානාන්තර, මිල මුදල්, රැකියාවන් ලබා ගැනීමට මිත්‍යා දුෂ්ඨිකයන්ගේ දැලට හසු වෙයි. තම අපේක්ශා භන්ගත්වය නිසාම ඒවා ලබාගැනුමට කරන උත්සහය තුළ මෙවැනි මුලාවීම් වලට හසුවෙයි. ත්‍රිවිධරත්නය කෙරෙහි බල නොපැවැත් වූ අචල ශ්‍රද්ධාව නිසාම මෙවන් විශ්වාසයන් අසාර්ථක වෙයි.
කෙනෙකු විශ්වාසයක් ගොඩනගා ගත යුත්තේ හේතු විමසා බැලීමෙන් කරුණු කාරණා තමා හට වැටහෙන්නේ නම් පමණි. අවබෝධාත්මක යථාර්තවාදීව ඇතිකරගන්නා විශ්වාසය පලුදු නොවෙයි. “විශ්වාසා පරමාඥාති…” යනුවෙන් බුදුන්වහන්සේ දේශනා කළේ එයයි. “උතුම්ම ඥාතියා …” විශ්වාසයයි. අප එතනට පැමිනීමට නම් ආවාට ගියාට තීන්දු තීරණ ගැනීමෙන් වැළකිය යුතුයි. සත්‍යයවාදීව කරුණු කාරණා අවබෝධකරගෙන තබාගන්නා විශ්වාසය වඩාත් ප්‍රතිඵල ගෙනදෙයි. මෙකී විශ්වාසයන් තිළ සමාජයේ කඩාවැටීමක් නොවේ. බොහෝ විට කරුණු කාරණා සොයා නොබලා වැරදි වැටහීම් තුළින් කරුණු ලබණ විශ්වාසයන් නිසා තමන්ටත් අයහපතක් අසාධාරනයක් විය හැක.
“කාලාම” සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ එබැව් කලාම වැසියන්ට දේශනා කර ඇත. කවුරුත් කීවාට, දුටුපමණින්, පොතක පතක තිබූ පමණින් පරම්පරාවෙන් ආ පමණින්, තමන්ට වඩා උසස් කෙනෙකු කියූ පමණින් විශ්වාස නොකල යුතුය. තමන්ව විමසා බලා හරි බව වැටහේ නම් ඔබට යහපතක්ම සැලසේ නම් පිළිගැනීම කළ යුතුය. යන්නය. බුදුන් දවස පවා බුදුන්වහන්සේ කෙරෙහි විශ්වාසය තහවුරු කර නොගත් අය සිටි බැව් සුන්දරියගේ කතා පුවතින් පැහදිළි වෙයි. රජවරු, සිටුවරු, පවා මේ අසත්‍යය ප්‍රවෘත්තිය තුළ සිටි බව පෙනේ. උන්වහන්සේ ඇතුළු ශ්‍රාවකයින් වහන්සේලාට පින්ඩපාතයද වැළකුනු බව පෙනෙයි. බුදුන්වහන්සේ යනු කෙබඳු කෙනෙක් ද යන්න හරි හැටි විශ්වාසයක් ගොඩනැගී නොතිබූ නිසා ඔවුන්ට ඔවුන් තුළින්ම අයහපතක් සිදුවුනි. කෙනෙකු තුල විශ්වාසයක් තනා ගත යුත්තේ විමසීමෙන් කරුණු කාරනා අවබෝධ කර ගැනීමෙනි. අන් අය ගැන විශ්වාසය තැබීමට පෙර තමා තමාට විශ්වාස විය යුතුය.ඒ ආතම විශ්වාසය සැමවිටම තමාගේ කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තියක් වනු ඇත.
එස්.එච්.ශ්‍රියාලතා