උතුම් නිවන පසක් කරගත් උතුම් සිතක උත්තම සිතුවිලි වලින් බිදක්

උතුම් නිවන පසක් කරගත් උතුම් සිතක උත්තම සිතුවිලි වලින් බිදක්
  1. මෙලොව ඉපදුණු ඔබ, ඔබ හිමිකරගත් ප්‍රඥාව කෙරෙහි විශ්වාසයක් ඇති කරගත යුතු වේ. ඔබටම වේදනාකාරී දැය ද සතුට ගෙන දෙන දැයද සෙවිය හැක. ඔබ තෝරා ගන්නා දිසාව අනුව දෙව්ලොව හෝ අපාය තෝරා ගත හැක. නැතහොත් නිවනට පිවිසෙන මාර්ගය සහ ඵල සොයා ගත හැකිය. මේ ඕනෑම දෙයක් ඔබට සොයා ගත හැකිය. එය ඔබ විසින් තීරණය කළ යුතු වේ.
  2. අනුනට අයත් යහපත් දෑ ඔවුන්ගේය. ඔවුන්ගේ යහපත් ක්‍රියාවන්ගෙන් ලබන යහපත් ප්‍රතිඵල අපට බෙදා හදා ගැනීමට නොහැක. එනිසා අප විසින් යහපත් ක්‍රියා කළ යුතු වේ.
  3. කර්ම ඵල විපාක ගැන සැකයක් ඇති නොකරන්න. එසේම ඔබගේ ක්‍රියාවන් හේතු කොට ගෙන ඇති වන පල විපාක ගැන අඩු තක්සේරුවක් නොකරන්න.අප දුක් විදින සියළු සත්ත්වයන් කෙරෙහි දායානුකම්පාව දැක්විය යුතුය. එසේ කළ යුතු වන්නේ අප සැවොම ද පෙර කළ ක්‍රියාවන් හේතුවෙන් දුක් විදින්න වූ හෙයිනි.
  4. කටමැත දොඩමින් පුර සාරම් කියවමින් ගම රට පුරා නොඇවිදින්න. ඔබ ගොළුවෙකු නම් තමා විචක්ෂණ කෙනෙකු යයි ප්‍රසිද්ධ නොකරන්න.
  5. වැඩිහිටියන්ට අගෞරව නොකරන්න. ඔබ කථා කරන දේ ගැන විමසිලිමත් වන්න. සංයමයෙන් සිනාසෙන්න.
  6. අපි ඉපැදුණු දා සිට අස්ථිර වූ මේ ජීවිතයට තදින් ඇලී පසුතැවීමට මුල පුරන්නෙමු. අපි එයට බිය වෙමු. අපගේ සිත් වහ වහා ලෞකික පෙළබවීම් හි ගිලී ලෝභ, ද්වේශය, භය මගින් මෙහෙයවන මෝහාධික ප්‍රවණතාවයකට ඇද ගෙන යයි. අප ඉපදෙන්නේ මෙම ස්වභාවය උරුම කොට ගෙනය. මෙයින් මිදීමට අප අදම යමක් කළ යුතුය.
  7. අප කිසිදාක සෑහීමකට පත් නොවෙමු. කුරුලු ගී ඇසීමට අපි ප්‍රිය කරමු. නමුත් ඒ හඩ ඝෝෂාවකට පෙරළුණ හොත් අපි කෝප වෙමු.
  8. අප ආශාවෙන් පසු පසු හබා යමින් ඒවා අභිනන්දනය කරමින් දුක් කන්දරාව සාදරයෙන් පිළිගනිති. ඔවුහු දුක සතුට යැයි. වරදවා පිළිගනිති. ඥාණවන්තයෝ සත්‍යය සතුට හා දුක හදුනා ගන්නා තුරු තම හදවතට එබී බලා නිරීක්ෂණය කරති.ඔවුහු තුළ මුරණ්ඩුකම හදුනා ගනිති. තවද කනස්සල්ල මෝඩකම ඇති වූ විට ඔවුහු එයද හදුනා ගනිති. ඔවුහු තම දෝෂයන් දෙස බලති.
  9. පරිපූර්ණ ශීලය ඉස්මතු කරගත හැක්කේ අත් හැරීමේ ගුණය වර්ධනය කිරීමෙනි. සත්‍යය වූ විශිෂ්ටත්වය ඇත්තේ උතුම් හදවත තුළය.
  10. ඔබේ හදවත සහ මනස දෙස සෝදිසියෙන් බලන්න. සියුම් ලෙස නිරීක්ෂණය කරන්න. ඔබ සොයනා දිව්‍ය ලෝකය සහ අපාය ඇත්තේ එහිය. සියලු දුක් වේදනාවන්ගේ මිදුණු ආරක්ෂිත වූ නිවන කරා යන ආර්ය මාර්ගය ඇත්තේද එතැනය.

සුරංගි සජීවිනි.

බණ්ඩාරගම.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *