මේ වැසි කාලයයි. බෞද්ධ ඉතිහාසයේ ඇති දීර්ඝ කාලයක් තිස්සේ වැසි කාලය තුළ භික්ෂූන් වහන්සේ “වස් විසීමේ චාරිත්රය” පවත්වනු ලබයි. “වස් විසීම” යන්නෙහි තේරුම වැසි කාලයේ ජනපද චාරිකාවේ නොයෙදී කිසියම් ආරාමයක වැඩ සිටිමින් කල් ගත කිරීමයි. පැරණි භාරතයේ බොහෝ ශ්රමණ පිරිස් චාරිකාවේ යෙදෙමින් ආගමික ජීවිතයක් ගත කළහ. එය ගිහි පිරිසගේ ජීවිත සැපවත් කරනු සදහා වූ උතුම්