බක බ්‍රහ්මයා දමනය වීම එ සමයෙහි එ බ්‍රහ්ම තෙමේ තමා සෙ මැ වූ බඹුන් සිය දහසකට තම හට වැඩියා වූ බ්‍රහ්මයන් සියදහසකටද උගහට වූ සර්වඥයන් වහන්සේගේ බුඬි විලාසය දැක “ස්වාමීනි, මම මුක්තාභාරයෙකැ’ඉ සිතා සර්පයෙකු ගන්න සෙ නුඹ වහන්සේ නොහැඳිනැ නුඹ වහන්සේට නුසුදුසු බස් බිණිමි, නුඹ මා ගෙ ස්වරූප මතු දන්නා දෑ යැ, සියළු දත යුතු
Tag: මාර දිව්‍යපුත්‍රයා සමග මහ බඹු පැරදවූ බුදුන් වහන්සේ බුත්සරණින්
මාර දිව්‍යපුත්‍රයා සමග මහ බඹු පැරදවූ බුදුන් වහන්සේ
එ කලිහි මාර දිව්‍ය පුත්‍ර තෙමේ ‘බුදුහු කොයි වැඩහුත් දැ දෝයි බලන්නේ බඹ ලොවට වඩනා බුදුන් වහන්සේ දැකැ’ මොහු බඹ ලොවට වඩිති. ඉදින් ඔබ ගොස් බධාවක් නැතිව බණ කියූ නම් සියලු බඹ පිරිස් අමාමහ නිවන්හි පුරා පියති, එසේ කල්හි මාගේ ආඥා පවත්නා සසර සිස්වැ යන්නේ යැ. එහෙයින් මා බඹ ලොවට ගොස් මේ දේශනාවට බාධා කල