කළණ මිතුරෙකුගේ අගේ… නිති සග මොක් සුවය ලැබේ…

කළණ මිතුරෙකුගේ අගේ... නිති සග මොක් සුවය ලැබේ...

එක්තරා වෙළද කණ්ඩායමක පුද්ගලයෙකුට තාපසයෙකු  මුණ ගැසී තොරතුරු විමසා ඔහුගෙන් එක්තරා සීලයක් සමාදන් ව එය පිළිබදව දැඩි ඇල්මෙන් ගෞරවයෙන් යුක්තව එයම මෙනෙහි කරමින් සිටියදී තම කණ්ඩායම සමග වෙළදාම් කිරීමට යාමට මහ මුහුදේ නැවක නැගී යාත්‍රා කිරීමට සිදුවිය. මේ පුද්ගලයා නැව් නැගී යන අතරමගදී මහ මුහුද මැදදී යාත්‍රාව අනතුරකට ලක් විය. යාත්‍රාවේ පතුලේ සිදුරකින් මුහුදු ජලය