ආශ්චර්යමත් සිගිති කුමරා ඉපදී පස්වන දිනයේදී නම් තැබීමේ මංගල්‍යය සූදානම් කෙරිණි. මේ උත්සවය එදා එරට සිටි උගත් බමුණන්ට ආරාධනා වූයෙන් ඒ අතර ධ්‍යාන, අභිඥා ලබාගත් බමුණන් අටදෙනෙක් ද සම්ප්‍රාප්ත වී සිටියහ. මේ අය සිගිති කුමරාගේ ශරීර නිමිති ආදිය පරීක්ෂා කර බලමින් තම අදහස් ප්‍රකාශ කරන්නට වූහ. ඉන් හත් දෙනෙක්ම පැවසූවේ කුමරා එක්කෝ සම්මා සම්බුදු වන
සිදුහත් කුමරු හට නම් තැබීමේ මංගල්‍යය
