පරමාර්ථ ධර්ම අවබෝධ කර ගැනීම

පරමාර්ථ ධර්ම අවබෝධ කර ගැනීම

අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයේ යතාර්ථයේ අවබෝධ කරගත් සේක. ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත් උතුම් නායකයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේය. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපේ අටුවාචාරීන් වහන්සේලා කොටස් දෙකකට බෙදනු ලැබීය. එනම් සම්මුති ධර්මයන් පරමාර්ථ ධර්මයන් වශයෙනි. බුදුරජාණන් වහන්සේ වසර හතලිස් පහක්ව දේශනා කළ ධර්මය සම්මුති ධර්මය වශයෙන් හැදින්වේ. සම්මුති ධර්මය ලෙස විනය ධර්මයන් නම් කළහ. එනම් සාමාන්‍යයෙන් එදිනෙදා ජීවත්වන බාහිර ලෝකයේ අපේ ඇස ගැටෙන සාමාන්‍ය දේවල් මුල් කරගෙන උපමා උපමේයන් අරගෙන අපට අවබෝධ වන පරිදි දේශනා කළ ධර්මයයි. ගස්වැල් මල් ගහකොළ මිනිස්සු දෙවියෝ මේ සියල්ල උපමාවට ගෙන අපේ මිනිසාට කියා දුන් ධර්මය සම්මුති ධර්මයයි.

පරමාර්ථ දේශනා යන පරම අර්ථය මුල් කරගෙන දේශනා කළ ධර්මයයි. ත්‍රිපිටක ධර්මයේ නම් අභිධර්මයයි. අභි යනු ගැඹුර යන්නයි. ධර්මය යනු මාවතයි. සාමාන්‍ය අයට නොවැටහෙන ධර්මය පරමා‍ර්ථ ධර්මයයි. සාමාන්‍ය ලෝකයාට වැටහෙනුයේ සම්මුති ධර්මයයි. අපට තේරුම් ගැනීමට පහසු සම්මුති ධර්මය දේශනා කරන විටයි. පරමාර්ථ ධර්ම බොහෝ ගැඹුරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව වැඩම කොට දෙවිවරුන්ට අභිධර්මය දේශනා කළ සේක. එසේ මාතෘ දිව්‍ය රාජයාණන් ප්‍රධාන දේවසභාවට දේශනා කළ ධර්මය උන්වහන්සේ නැවත ශාරීපුත්‍ර මහරහතන් වහන්සේට දේශනා කළ සේක. එනම් අභිධර්මය දෙවියන්ට පමණක් නොව අපටත් අවබෝධ කළ හැකි ධර්මයකි.

පරමාර්ථ ධර්මයේ යතාර්ථය පරමාර්ථයයි.

ශරීරයේ සම ටිකක් පැත්තට හැලුනත්, මස් ටික තව පැත්තට හැලුනත්,බඩවැල් නහර මස්ගොඩ තව පැත්තට හැලුනොත්, ඒ සියල්ලම විසිර කෑලි කෑලිවලට කැඩි ගියොත් පණුවන් වැඩී දියවී ගිය හොත් මම කියා එතන නිර්මාණයක් තිබේද? නැත. එසේනම් මෙලෝ පරම සත්‍ය කුමක්ද?

මේ සියල්ල නිර්මාණය වූයේ කුමකින්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ ඇසට පෙනෙන සියල්ල නිර්මාණය වී ඇත්තේ මේවායෙනි. එසේ නම් මම යනු කවුද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ සතරමහා භූතයන් එක්වීමෙන් මම නැමති පුද්ගලයා එක් වී ඇත. තමන් තේරුම් ගතහොත් මේ ශරීරයේ තියෙන තද ගතිය පඨවි ධාතුවයි. එය මට අයිති නැත. එය අයිති පඨවි ධාතුවටයි. මේ ශරීරයේ තිබෙන ද්‍රව ගතිය, ගැලීම, ආපෝ නම් වැගිරෙන ස්වභාවය මට අයිති දෙයක් නොවේ. ආපෝ ධාතුවට අයිති දෙයකි. මේ ශරීරයේ තිබෙන උණුසුම සිසිල් ස්වභාවය මට අයිති නැත. එය අයිති තේජෝ ධාතුවටයි. මම ගන්න මේ හුස්ම ටික මට අයිති නැත. එය අයිති වායෝ ධාතුවටයි. මේ ධාතු හතරටම මම නැමති පුද්ගලයා බෙදීගිය තැන එතන පුද්ගලයෙක් සිටීද? නොමැත. තවත් පඨවි අපෝ තේජෝ වායෝ අරගෙන ඉපදුණාද? නොමැත. මා විසින් නිර්මාණ කරගත්තාද නොවේ. විඤ්ඤාණ ඇවිත් කුසක් තුළ පිළිසිද ගත් පසු විඤ්ඤාණය විසින් ඒවා නිර්මාණය කරගත්තහ.

එසේම බීජය නැමැති ගසතුළ ඇති වූ බීජය ශක්තිය බිම වැටුණා ස්වභාව දහමේ ඇති පොහොර පඨවි, ආපෝ, තේජෝ, වායෝ උදව්වට ගත් හ. මෙම ධර්මය සියල්ලෝ අවබෝධ කර ගනිත්වා.

රත්නාවතී ලියනආරච්චි

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *