ඔබගේ ගුණය මේ වගේද?

ඔබගේ ගුණය මේ වගේද?
  • ඔබගේ මිතුරා ළගදී ඔබ ඔහුට ටික දෙයක් දී, ඔහුගෙන් බොහෝ දේ බලාපොරොත්තු වනවාද? තමන්ට බියක් දැනුණු විට පමණක් මිතුරා සොයාගෙන ගොස් ඇසුරු කරයිද? තමන්ගේ ප්‍රයෝජනය පිණිසම ඇසුරු කරයිද? ඔබ අඤ්ඤථුහර මිත්‍රයෙක් යැයි බුදුන් වහන්සේ විසින් දේශනා කළ සේක.

  • ඔබගේ මිතුරා ළගදී ඔබ ඔහුට අතීතයේ මම මේ දේ කළා, පසුගිය දින වලදී නුඹට මේ දේ කළා.. ඒත් දැන් මොනවා කරන්නද? නරක කාලය. උඹ නැතිවෙන්නයි යන්නේ. උඹ සමග මට නැතිවෙන්න බෑ. වර්තමානයේ විවසන දකී නම්… ඔබ වචීපරම මිත්‍රයෙක් යැයි බුදුන් වහන්සේ දේශනා කළ සේක.

  • ඔබ ඔබගේ මිතුරා ළගදී ඔහුව ප්‍රාණඝාතය, අන්සතු දේ ගැනීම, කාමමිච්ඡාරය, මුසාවාදය, සුරාව සදහා ළං කර ගනීද, යහපත් දේහි වැඩ නොසාදා අවැඩටට ළං කර ගනීද, ඔහු ඉදිරියේ පමණක් ඔබ ඔහුගේ ගුණ කියයිද? ගිය පසු නුගුණ කියයිද? එසේ නම් ඔබ අනුපියභාණි මිතුරෙක් බව බුදුන් වහන්සේ දේශනා කළ සේක.

  • ඔබගේ මිතුරා ළගදී ඔබ ඔහුව රහමෙර පානය ට හවුල් කර ගනීද පර අඹුවන් සොයා යාමට, නෘත්‍ය ගීත, චිත්‍රපට, දූ කෙළිය ආදියට හවුල් කරගනීද?… ඒ වෙනුවෙන් ඔබගේ හොදම මිතුරා ලෙස තබා ගනීද ඔබ අපාය සහය මිත්‍රයෙක් යැයි බුදුන් වහන්සේ දේශනා කළ සේක. ඔබ ඔහුට මෙන්ම, ඔබට ඔබගේ මිතුරා යැයි සිටින කෙනාද ඒ ලෙසම නම් වහා අතහරිව්…! බුදුන් වහන්සේ දේශනා කළ සේක.

  • ඔබගේ මිතුරාට කරදරයක් ඇති වූ විට ඉන් ඔහුව ආරක්ෂා කරයිද, ප්‍රමාද නොවී මිතුරාගේ වස්තුව ආරක්ෂා කරයිද, බියල පැමිණි කළ සනසයිද, ඔහුට අවශ්‍ය වන විට ආහාර පානාදියෙන් වුව සැලකීමට පෙළඹෙයිද එවිට ඔබ “උපකාර” මිත්‍රයෙක් යැයි බුදුන් වහන්සේ දේශනා කළ සේක.

  • ඔබ මිතුරාගේ සැගවිය යුතු රහස් මේ යැයි ඔහුට පහදා දෙයි. මිතුරාගේ සැගවිය යුතු දේ සගවයි. විපතේදී අත් නොහරියි.ජීවිතය වුවත් පූජා කරයි. එසේ නම් ඔබ “සමාන සුඛ දුක්ඛ” මිතුරකු බව බුදුන් වහන්සේ දේශනා කළ සේක.

  • ඔබ ඔබගේ මිතුරාව පාප කර්ම වලින් වලක්වාලයි, යහපත් දේහි උනන්දු කරවයි, නොඅසන යහපත් දේ ඇසීමට යොමු කරයි, යහමග කියා දෙයි, බණ දහම් දියුණු කර ගැනීමට මග පාදා දෙයි. ඔබ”අත්ථඛායි” මිතුරකු බව බුදුන් වහන්සේ දේශනා කළ සේක.

  • ඔබගේ මිතුරාට යමක් නොලැබ ගියේ නම් ඔබට දුක සිතේ. මිතුරාට යහපත උදා වනවිට ඔබ හදවතින් සතුටු වෙයි. ඔබගෙ මිතුරාගේ නුගුණ කියන විට ඔහුව වළක්වයි. ගුණ කියන්වුන් පසසයි. එසේ නම් ඔබ “අනුකම්පක” මිතුරකු බව බුදුන් වහන්සේ දේශනා කළ සේක.

ඔබ ඔහුට මෙන්ම ඔහුගේ ගුණයද මේ තුළ සටහන් වී තිබේද? එනම් ඔබ ඇසුරු කරන මිතුරා ළග මේ ගුණය තිබේද? ඔවුන් වහ වහා ආශ්‍රය කරන්න. බුදුන් වහන්සේ දේශනා කළ සේක.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

One thought on “ඔබගේ ගුණය මේ වගේද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *